Tamil-SriLankaEnglish (UK)

2026 වර්ෂය සඳහා රාජකාරි කටයුතු ආරම්භය | මධ්‍යම පරිසර අධිකාරිය

 

2026 වර්ෂය සඳහා රාජකාරි කටයුතු ආරම්භය සනිටුහන් කරන සමාරම්භක උත්සවය, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා, අධ්‍යක්ෂ ජනරාල් ආර්. එස්. පී. කේ. රාජපක්ෂ මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් සහ ප්‍රධාන කාර්යාලයේ සියලුම කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් 2026-01-01 දින පැවැත්විය.
මෙම වැඩසටහනට මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක්, ජාතික ධජය හා පරිසර ධජය එසවීම, සහ 2026 වර්ෂය සඳහා රාජ්‍ය සේවා දිවුරුම ප්‍රකාශ කිරීම ඇතුළත් වූ අතර, අනතුරුව ආගමික වතාවත් පැවැත්වීය.
එසේම, වසර 20 සහ 25ක් මධ්‍යම පරිසර අධිකාරියේ සේවය කරමින් කැපවීමෙන් කටයුතු කළ නිලධරයන් අගය කිරීම සඳහා සම්මාන ප්‍රදාන උත්සවයක්ද මානව සම්පත් සංවර්ධන ඒකකය විසින් සංවිධානය කරන ලද අතර එහිදී ආයතනයට නොසැලෙන කැපවීමෙන් සේවය කරන ලද සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇගයීමට ලක්කරන ලදි.
එමෙන්ම, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන්ට සහන ලබාදීම සඳහා දකුණු පළාත් කාර්යාලයේ සුබ සාධක සංගමය විසින් එකතු කරන ලද පරිත්‍යාග මුදල් වල ඉතිරිය රජයේ සහන අරමුදලට පරිත්‍යාග කිරීම සඳහා බාර දෙන ලදී.
මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාලද මෙම අවස්ථාවට මාර්ගගතව (online) එක්විය.
සභාපතිතුමා සහ අධ්‍යක්ෂ ජනරාල්තුමා 2026 වර්ෂය සඳහා ඔවුන්ගේ සුබ පැතුම් එක් කල අතර ආයතනයේ ඉදිරි සැලසුම් පිළිබඳ අදහස් පළ කරමින් සහභාගී වූ සියලු දෙනා ආමන්ත්‍රනය කරන ලදී.
✨ සියලු දෙනාටම පරිසර විශිෂ්ටත්වය ඉලක්ක කරගත්, සතුට පිරි අර්ථවත් වසරක් වේවායි අපි සුභ පතමු.

CEA 9085-9

CEA 9087-10

CEA 9090-12

CEA 9118-22

CEA 9205-46

CEA 9270-59

CEA 9277-63

CEA 9304-70

CEA 9364-78

CEA 9599-144

 

 

Friday, 02 January 2026 05:41 අවසන් වර ට යාවත්කාල කළ දිනය

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
ජනාධිපති පරිසර සම්මාන උළෙල 2025 මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු... තවදුරටත් කියවන්න