Tamil-SriLankaEnglish (UK)

රසායනාගාර සේවා ඒකකය

මධ්‍යම පරිසර අධිකාරිය සතුව ජලයේ තත්ත්වය, වාතයේ තත්ත්වය, ශබ්දය සහ කම්පන පිළිබඳ සම්පූර්ණ පරීක්ෂාවන් සිදු කළ හැකි සියළු පහසුකම් සපිරි රසායනාගාරයක් ඇත. අවශ්‍ය අයවලුන් සඇහා ජලය, වාතය, ශබ්දය, පස සහ ඝන අපද්‍රව්‍ය පිළිබඳ විශ්ලේෂණ පරීක්ෂාවන් වාණිජ වශයෙන් ද එයින් සපයනු ලැබේ.

 ශ්‍රී ලංකාවේ වාතයේ තත්ත්වය පවත්වා ගැනීම

1998 සිට 2011 දක්වා සුළු පසුබෑමක් සහිතව කොළඹ නගරාශ්‍රිත වාර්ෂික සාමාන්‍ය සංසරණ වායුගෝලීය  PM10 අගය ඝන මීටරයට මයික්‍රො ග්‍රෑම් 60-82ත් අතර මට්ටමෙහි පවතී. ඉහළම අගය වාර්තා වි ඇත්තේ 2001 වර්ෂයේ දී ය. (රූපය 1) 2009 වර්ෂය දක්වා වන දළ පසබෑම් අගයෙහි නැවත ඉහළ යෑමක් නිරීක්ෂණය කළ හැකි යි. කෙසේ වෙතත් මෙම අගයයන් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් PM10 සඳහා අනුමත යැයි දක්වා ඇති ඝන මීටරයට මයික්‍රො ග්‍රෑම් 50 සීමාව ඉක්මවා යයි. ඒ අනුව කොළඹ නගරය, එහි ජන ගණත්වයට අදාලව සෞඛ්‍යයට ඉතා අහිතකර නගරයක් බව දැක්වේ. කෙසේ වෙතත් 1998 සිට 2012 දක්වා කාල පරාසය තුළ වාතයේ සංසරණ වායුගෝලීය  PM10 අගයෙහි ක්‍රමික පසුබෑමක් දැකිය හැකි වේ. (රූපය 1)

       මුලාශ්‍ර: මධ්‍යම පරිසර අධිකාරිය (වර්ෂ 2012)

රූපය 1- සංසරණ වායුගෝලීය  වාතයේ තත්ත්ව පරීක්ෂණ මධ්‍යස්ථානය වෙතින් ලබා ගත් කොළඹ කොටුවේ වාර්ෂික සාමාන්‍ය PM10 අගයයන් (1998 - 2012)

1998 – 2008 දක්වා කොළඹ කොටුව ප්‍රදේශයේ සංසරණ වායුගෝලීය  වාතයේ සල්ෆර් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, ඕසෝන් සහ PM10 අගයයන් විමසුමට ලක් කරනු ලැබිණි. කෙසේ වෙතත් 2008 සිට අනෙකුත් පරාමිතියන් පරීක්ෂා කිරිමට අවශ්‍ය උපකරණ සක්‍රීය තත්ත්වයේ නොමැති බැවින් කොළඹ නගරයේ වාතයේ තත්ත්වය පරික්ෂා කිරීම සඳහා PM10 පරාමිතිය පමණක් දැනට භාවිතා කරනු ලැබේ.

ශ්‍රී ලංකාවේ සංසරණ වායුගෝලීය  වාතයේ තත්ත්වය පවත්වා ගැනීම සඳහා මූලාශ්‍ර සහිත වායු විමෝචනයන් මෙන්ම මූලාශ්‍ර රහිත විමෝචනයන් ද පාලය කිරීම අනිවාර්ය වේ. මූලාශ්‍ර සහිත වායු විමෝචනයන් පාලනය කිරීමේ ක්‍රමෝපායයක් වශයෙන් මධ්‍යම පරිසර අධිකාරිය විසින්   ශ්‍රී ලංකාව්  මූලාශ්‍ර සහිත වායු විමෝචන ප්‍රමිතීන් හඳුන්වා දි තිබේ. මෙම ප්‍රමිතීන් ජාතික පරිසර පනත යටතේ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන තෙක් අතුරු පාලන ක්‍රමයක් ලෙස භාවිතා කිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ කළමනාකරණ මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ. පවතින සීමිත සම්පත් ආධාරයෙන් 2012 වර්ෂය තුළ ස්කන්ධ විමෝචන මිනුම් 5ක් සිදු කර තිබේ.

දිවයින පුරා රථවාහන සංසරණ වායුගෝලීය  වාතයේ තත්ත්වය පාලනය කිරීමේ ව්‍යාපෘතිය මධ්‍යම පරිසර අධිකාරියේ වායු-ශබ්ද-කම්පන පාලන/උපදේශන ඒකකය මගින් ආරම්භ කර තිබේ. ඒ සඳහා රථවාහන විමෝචන පරීක්ෂා භාර අරමුදල මගින් සපයා ඇති ස්වයංක්‍රීය සංසරණ වායුගෝලීය  වාතයේ තත්ත්ව පරීක්ෂණ මධ්‍යස්ථානය භාවිතයට ගැනේ.

රථවාහන විමෝචන පරීක්ෂා ව්‍යාපෘතිය

රථවාහන මගින් සිදු කෙරෙන වායු දූෂණය පාලනය කිරිම සඳහා රථවාහන විමෝචන පරීක්ෂා ව්‍යාපෘතිය පිහිටුවා ඇත. මෙම ඒකකයේ නිලධාරීහු වරින් වර මාර්ගාසන්න පරීක්ෂණ කටයුතු වල නිරත වෙති. මිට අමතරව රථවාහන විමෝචන පරීක්ෂා ව්‍යාපෘතිය සහ රථවාහන විමෝචන පරීක්ෂා මධ්‍යස්ථාන නිරන්තර පරීක්ෂාවන්ට ලක් කෙරේ. එහි ප්‍රධාන අරමුණ නම් රථවාහන මගින් සිදු වන වායු දූෂණය පාලනය කිරීම මගින්  රථවාහන විමෝචන පරීක්ෂා ව්‍යාපෘතිය මහජන සුබසාධන ව්‍යාපෘතියක් බවට පත් කිරීමයි.

කර්මාන්ත මූලාශ්‍ර මගින් සිදු කෙරෙන විමෝචනයන් පාලනය කිරීම

මේ වන විට මූලාශ්‍ර විමෝචන ප්‍රමිතීන් සම්පාදනය කෙරී ඇති අතර නුදුරු අනාගතයේ දී රෙගුලාසි ලෙස ප්‍රකාහ කෙරෙනු ඇත. කෙසේ වෙතත් වර්තමානයේ දී මූලාශ්‍ර විමෝචනයන් පාලනය කෙරෙනුයේ මධ්‍යම පරිසර අධිකාරිය මගින් ස්ථාපනය ලද අතුරු විමෝචන ප්‍රමිතීන් මගිනි.

අන්තර් දේශ සීමා වායු දූෂණ පාලනය

වායු දූෂණය පාලනය කිරීම හා වැළැක්වීම සහ වායු දූෂණයෙන් දකුණු ආසියානු දේශ සීමා අතර ඇති විය හැකි බලපෑම් සඳහා වන මාලේ සම්මුතියෙහි ශ්‍රී ලංකා නියෝජිතායතනය වන්නේ මධ්‍යම පරිසර අධිකාරියයි.  වායු-ශබ්ද-කම්පන පාලන ඒකකය විසින් අනෙකුත් දකුණු ආසියානු රටවලට සමගාමීව මාලේ සම්මුතිය යටතේ වන අන්තර් දේශ සීමා වායු දූෂණ පාලන වැඩපිළිවෙළ ක්‍රියාවට නංවනු ලැබේ. ඉහතින් දක්වන ලද මධ්‍යස්ථානයේ දී සංසරණ වායුගෝලීය  වාතයේ තත්ත්වය අක්‍රීය සාම්පල භාවිතයෙන් පරීක්ෂා කෙරෙන අතර, නයිට්‍රජන් ඩයොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ් සහ ඕසෝන් සඳහා දුටුවැව ප්‍රදේශයේ දී ද පරීක්ෂණ පැවැත්වේ. එසේම දොරමඬලාව පරීක්ෂා වැඩ බිමෙහි දී සතිපතා සංසරණ වායුගෝලීය  වාතයේ සංයුතිය සම්බන්ධ පරීක්ෂණ ද සිදු කෙරේ.

අම්ල වැසි පාලනය

මාලේ සම්මුතිය යටතේ අන්තර් දේශ සීමා වායු දූෂණය හේතුවෙන් අම්ල වැසි ඇති වීමේ හැකියාව හඳුනා ගැනීම සඳහා වායු-ශබ්ද-කම්පන පාලන ඒකකය විසින් අම්ල වැසි පාලන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබේ. මෙම ව්‍යාපෘතිය සඳහා දොරමඬලාවේ පිහිට් මාලේ ව්‍යාපෘති උපදේශක  කමිටුව විසින් ලබා දෙන නිර්දේශ මත ආදර්ශ වැඩ බිම් තෝරා ගනු ලැබේ. ඒ අනුව දොරමඬලාව සහ මිහින්තලේ ආශ්‍රිත වැසි ජලය තෙත් එකතු සහ සමූහ එකතු වශයෙන් එකතු කර ආම්ලිකතාව (Ph අගය), ඍණායන චාලන ස්වභාවය සහ වර්ෂාපතනය සඳහා පරීක්ෂණ පවත්වනු ලැබේ.

විමෝචන සංඛ්‍යා ලේඛන සකස් කිරීම

මධ්‍යම පරිසර අධිකාරියේ වායු-ශබ්ද-කම්පන පාලන ඒකකය දකුණු ආසියානු කලාපයේ විමෝචන  සංඛ්‍යා ලේඛන සකස් කිරීම  සඳහා වන මධ්‍යස්ථානය ලෙස තෝරාගනු ලැබ ඇත. වායු දූෂණය පාලනය කිරීම හා වැළැක්වීම සහ වායු දූෂණයෙන් දකුණු ආසියානු දේශ සීමා අතර ඇති විය හැකි බලපෑම් සඳහා වන මාලේ සම්මුතිය යටතේ ජාතික සහ අන්තර්ජාතික වැඩමුළු 2012 මැයි මාසයේ දි පවත්වන ලදී. ජාතික වැඩමුළුවෙහි ප්‍රධාන අරමුණ වූයේ විමෝචන  සංඛ්‍යා ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් පුහුණුවක් ලබා දීම මගින් පාර්ශ්වකරුවන්ගේ සංවිධාන සහ ආයතන සමග ඒකාබද්ධව දත්ත එක් රැස් කිරිමේ ජාලයක් ස්ථාපනය කිරීමයි. අන්තර්ජාතික වැඩමුළුවෙහි ප්‍රධාන අරමුණ වූයේ වායු තත්ත්ව කළමනාකරණයෙහි මූලික අවශ්‍යතාවයක් වන විමෝචන  සංඛ්‍යා ලේඛන රචනා කිරීම සහ ඒකාබද්ධ තක්සේරුකරණ ආකෘතියක් සංවර්ධනය කිරිම සඳහා පුහුණුවක් ලබා දීමයි. 2012 වර්ෂය අවසානයේ දී සියළුම සහභාගීත්ව රටවල් විසින් පවතින දත්ත ආශ්‍රයෙන් වර්ෂ 2005 සඳහා විමෝචන  සංඛ්‍යා ලේඛන වාර්තා සකස් කර ඉදිරිපත් කර තිබුණි.

ශබ්ද සහ කම්පන මිනුම්/ කර්මාන්ත ශබ්ද විමෝචන මිනුම්

ශ්‍රී ලංකික සමාජයේ මහජනයා පීඩාවට පත් කරන තවත් ප්‍රධාන පරිසර ගැටළුවක් නම් ශබ්ද දූෂණයයි. මධ්‍යම පරිසර අධිකාරියේ රසායනාගාරය වෙත කර්මාන්ත ක්‍රියාකාරකම් මගින් ඇති කෙරෙන ශබ්ද දූෂණයන් මෙන්ම ප්‍රජා ක්‍රියාකාරකම් මගින් ඇති කෙරෙන ශබ්ද දූෂණයන් පිළිබඳව ද බොහෝ චෝදනා සහ පැමිණිලි ලැබේ. ජාතික ශබ්ද පාලන රෙගුලාසි සංශෝධනය කිරිම සඳහා ශබ්ද පිළිබඳ තාක්ෂණික විශේෂඥයින්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් පත් කර ඇත. සම්පාදනය කර ඇති නව රෙගුලාසි, ප්‍රායෝගික ක්‍රියා ව්‍යවස්ථාව සම්පාදනය කිරීමෙන් පසුව ගැසට් පත්‍රයෙහි මුද්‍රණය කර පල කිරීමට නියමිතයි. ශබ්දය ආශ්‍රිත මිනුම් අනුමත සීමා යටතේ පාලනය කරනු ලැබේ. මීට අමතරව පාරිභෝගිකයින් විසින් කරන ලද ඉල්ලීම් අනුව රසායනාගාරය විසින් වාණිජමය වශයෙන් ද ශබ්ද සීමා මිනුම් ලබා ගැනීම සඳහා දායකත්වය ලබා දෙනු ලැබේ.

රථවාහන මගින් සිදු කෙරෙන ශබ්ද දූෂණය පාලනය කිරීම සඳහා රථවාහන නලා හැඬවීම පාලනය කිරීමේ රෙගුලාසි ගැසට් නිවේනයේ පල කර ඇති අතර රථවාහන නලා හඬ පරීක්ෂා ව්‍යාපෘතිය ස්ථාපනය කර ඇත.

මෙයට සමගාමීව, මෙම ඒකකයේ මීළඟ සැලසුම වන්නේ ෆොසිල ඉන්ධන තත්ත්ව පරීක්ෂා කටයුතු සිදු කිරීම ඇරඹීමටයි. ප්‍රවාහනය, බල ශක්ති නිෂ්පාදනය සහ කර්මාන්ත ක්‍රියාකාරකම් ආදියේ දි භාවිතා කෙරෙන තත්ත්වයෙන් බාල ඉන්ධන දහනය වායු දූෂණයේ ප්‍රධාන සාධකය වීම මෙයට හේතුව යි. ජාතික පරිසර පනත යටතේ දක්වා ඇති ල්‍රමිතින්ට අදාලව ඉන්ධන තත්ත්වය පවතින්නේ දැ යි පරීක්ෂාකිරීමට පරීක්ෂණ තත්ත්ව පහසුකම් වැඩි වර්ධනය කිරිම මගින් ඉඩ සැලසෙනු ඇත.

Tuesday, 12 November 2013 09:55 අවසන් වර ට යාවත්කාල කළ දිනය

WMAppBansin

greenbanner2017

infoactsin

  epayment 

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8