2010 දී මාධ්‍ය ඒකකය පිහිටුවන ලද්දේ පරිසර අධ්‍යාපනික සහ දැනුම්වත් කිරීමේ අංශය යටතේ ඇති පරිසර අධ්‍යාපනික වැඩසටහන් සමාජගත කිරීම සඳහා ය. ජනමාධ්‍ය භාවිතයෙන් ප්‍රචාරය කළ හැකි සමාජයේ විවිධ කොටස් සඳහා වැදගත් වන තොරතුරු සමුදායක් මධ්‍යම පරිසර අධිකාරිය සතුව පවතී. එම නිසා අවශ්‍ය තොරතුරු ක්ෂණිකව සපයා දීම මගින් මධ්‍යම පරිසර අධිකාරිය සඳහා පවතින පිළිගැනීම ඉහළ නැංවීම මාධ්‍ය ඒකකය මගින් සිදු වේ.
ප්‍රයෝජනවත් ලෙස සමාජයේ විවිධ කොටස් සඳහා පාරිසරික තොරතුරු බෙදා හැරීම
ශ්‍රී ලංකාවේ පරිසර සංරක්ෂණය සහ ආරක්ෂා කිරීම සඳහා සමාජයීය දායකත්වය ඉහළ නැංවිමට කටයුතු කිරීම
මධ්‍යම පරිසර අධිකාරිය සහ පොදු ජනමාධ්‍ය අතර මනා සම්බන්ධතාවක් ගොඩනැංවීම
නව තොරතුරු සම්ප්‍රේෂණ සංකල්ප මගින් පරිසර අධ්‍යාපනයේ නිම් වළලු පුළුල් කිරීම
මධ්‍යම පරිසර අධිකාරිය සඳහා පවතින පිළිගැනීම ඉහළ නැංවීම
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-7877277, 7877278, 7877279, 7877280
ක්ෂණික ඇමතුම්: 011-2888999