මධ්‍යම පරිසර අධිකාරියේ විවිධ අංශ, ඒකක සහ පළාත් කාර්යාල සම්බන්ධ කර ගනිමින් ජාතික පරිසර පනත යටතේ අනිවාර්ය කර ඇති කාර්යයන් සහ වගකීම් සාර්ථකව සිදු කිරීමට හැකි වන සේ කාර්ය සැලසුම් සම්පාදනය කිරීම සහ එම සැලසුම් ස්ථාපනය කිරීම මගින් මධ්‍යම පරිසර අධිකාරියේ අරමුණු සාධනය කර ගැනීමට උත්සුක වීම මෙම ඒකකයේ වගකීම වේ.
අවශ්‍ය මූලික දත්ත ගොඩනැගීම සහ ලබා දිය හැකි ස්ථාන හඳුනා ගැනීම, දත්ත ලබා ගැනීම සහ අවශ්‍ය දත්ත සකස් කිරීම
මධ්‍යම පරිසර අධිකාරියේ සංයුක්ත සැලැස්ම සකස් කිරීම
සංයුක්ත සැලැස්ම, වාර්ෂික සැලැස්ම හා බාහිර ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති වල ට අනුව මධ්‍යම පරිසර අධිකාරියේ ක්‍රියාත්මක සැලැස්ම සකස් කිරීම
පසු විපරම් කිරීම පිළිබඳ සැලසුම් සම්පාදනය කිරීම
මධ්‍යම පරිසර අධිකාරියේ විවිධ අංශ සහ දිස්ත්‍රික්/ පළාත් කාර්යාල අතර සම්බන්ධීකරණය පවත්වා ගැනීම
ප්‍රගති වාර්තා සකස් කිරීම සහ වෙනත් අදාල ආයතන වෙත ප්‍රගති වාර්තා ඉදිරිපත් කිරීම
මධ්‍යම පරිසර අධිකාරියේ වාර්ෂික වාර්තාව සකස් කිරීම
මධ්‍යම පරිසර අධිකාරියේ ක්‍රියාත්මක වන සැලැස්ම පිළිබඳ දේශීය - විදේශීය මූල්‍යාධාර ආයතන, පුද්ගලික අංශයේ අදාල ආයතන දැනුවත් කිරීම සහ එම ආයතන සමග සම්බන්ධීකරණය පවත්වා ගැනීම
පාරිසරික අනුමැතීන් ලබා දීමේ සැලසුම් කමිටුව සම්බන්ධීකරණය කිරීම
මධ්‍යම පරිසර අධිකාරියේ කළමනාකරණ කමිටුව සම්බන්ධීකරණය
සේවා ඇගැයීම
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-7877277, 7877278, 7877279, 7877280
ක්ෂණික ඇමතුම්: 011-2888999