Tamil-SriLankaEnglish (UK)

ජාතික පරිසර තොරතුරු කේන්ද්‍රීය (පුස්තකාලය)

මධ්‍යම පරිසර අධිකාරියේ ජාතික පරිසර තොරතුරු කේන්ද්‍රය, පාරිසරික තොරතුරු බෙදාහැරීම සඳහා වන ජාතික මධ්‍යස්ථානය වේ.

මෙම මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා විද්‍යාත්මක සහ තාක්ෂණික තොරතුරු ජාලය SLISTINET, සෞඛ්‍ය පුස්තකාල තොරතුරු සේවය HELLIS සහ කෘෂිකාර්මික තොරතුරු ජාලයෙහි AGRINET සාමාජිකත්වය දරයි.

මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රාදේශීය හා දිස්ත්‍රික් කාර්යාල වල පවතින තොරතුරු අවශ්‍යතා සැපිරීම සඳහා ජාතික පරිසර තොරතුරු මධ්‍යස්ථානය විසින් තොරතුරු ජාලයක් ස්ථාපනය කර තිබේ.එමගින් තෝරාගත් සොබාකෙත මධ්‍යස්ථාන 03 ක පාරිසරික පුස්තකාල පිහිටුවා ඇත. රූමස්සල (ගාල්ල දිස්ත්‍රික්කය), බෙල්ලන්විල - අත්තිඩිය (කොළඹ දිස්ත්‍රික්කය) සහ රන්දෙණිගල (කෑගල්ල දිස්ත්‍රික්කය) සොබාකෙත මධ්‍යස්ථාන වල එම පුස්තකාල ස්ථාපනය කර සම්බන්ධීකරණය සිදු කෙරෙන අතර, එම සොබාකෙත මධ්‍යස්ථාන වල පැවැත්වෙන ක්‍රියාකාරී වැඩසටහන් වලට සහභාගි වන අය සඳහා මෙම පුස්තකාලය පරිහරණය කිරිමට අවස්ථාව සලසා ඇත.

ප්‍රධාන කාර්යයන්

  • සියලු වර්ගවල පාරිසරික පාඨකයින්ගේ තොරතුරු අවශ්‍යතාවන් සම්පුර්ණ කිරීම සඳහා ‍අවශ්‍ය පරිසර මුලාශ්‍ර අත්පත් කරගැනීම හා සංවර්ධනය කිරීම.
  • පාරිසරික තොරතුරු හා මුලාශ්‍ර සහයෝගිතා වැඩසටහන් මගින් පුස්තකාල ජාල අතර සම්බන්ධීකරණය.
  • පුස්තකාල සේවා, ප්‍රලේඛන සේවා සහ තොරතුරු සැපයීම.
  • කලාපීය සහ අන්තර් ජාතික පාරිසරික තොරතුරු පද්ධතීන් සමග සම්බන්ධවීම මගින් පාරිසරික තොරතුරු ලබාගැනීම සහ බෙදා හැරීම.

Friday, 03 November 2023 04:48 අවසන් වර ට යාවත්කාල කළ දිනය

hinq

ech1981ecnf

infoactsin

NEIC6

polys

bios

biodegsin

text1

airwaterIndex

weerawilasin

 isoy

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
ජනාධිපති පරිසර නියමු පදක්කම් ප්‍රධානය - 2020/2021 ශ්‍රී ලාංකේය අනාගත පුරවැසියන් පරිසර හිතකාමීන් ලෙස සමාජගත... තවදුරටත් කියවන්න
World Environment Day 2023 The Mannar District Office of the Central Environmental... තවදුරටත් කියවන්න
STAKEHOLDER WORKSHOP TO DISCUSS DRAFT EXTENDED PRODUCER RESPONSIBILITY REGULATIONS භාවිතයෙන් පසු බැහැරලන ප්ලාස්ටික් නිෂ්පාදන සහ ප්ලාස්ටික්... තවදුරටත් කියවන්න
නිල් අහසක් සඳහා පිරිසිදු වාතය සැප්තැම්බර් 07 වන දිනට යෙදෙන “නිල් අහසක් සඳහා පිරිසිදු... තවදුරටත් කියවන්න