මධ්‍යම පරිසර අධිකාරිය සහ LankaPay පුද්ගලික සමාගම අතර “GovPay රාජ්‍ය ඩිජිටල් ගනුදෙනු ක්‍රමවේදය” සම්බන්ධයෙන් වන ගිවිසුම අත්සන් තැබීම 2026-09-26 දින මධ්‍යම පරිසර අධිකාරියේ දී සිදු කල අතර එ් සමඟින් මෙම ගනුදෙනු ක්‍රමවේදය නිල වශයෙන් විවෘත කරන ලදී.
ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරිය විසින් සපයනු ලබන සේවාවලට අදාළ ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු (Inspection Fees), බලපත්‍ර ගාස්තු (License Fees), ක්‍රියාත්මක කිරීමේ ගාස්තු (Processing Fees), අපනයනය සඳහා බාසල් එකඟතා ලබාදීමේ ගාස්තු (Basel Export Consent Fees), සහතික කිරීමේ ගාස්තු (Certificate Fees), පරිපාලන ගාස්තු (Administration Fees), ලියාපදිංචි ගාස්තු (Registration Fees), වාර්ෂික ගාස්තු (Annual Fees), රසායනාගාර ගාස්තු (Laboratory Fees), අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගාස්තු (Waste Disposal Fees), ප්‍රසම්පාදන ගාස්තු (Procurement Fees), ජාතික පාරිසරික තොරතුරු මධ්‍යස්ථානයට අදාළ ගාස්තු (NEIC Fees) සහ විභාග ගාස්තු (Exam Fees) ආදිය සඳහා සිදුකරන සියළුම ගෙවීම් 2025 සැප්තැම්බර් මස 26 වන දින සිට “GovPay රාජ්‍ය ඩිජිටල් ගනුදෙනු ක්‍රමවේදය” තුල ක්‍රියාත්මක බැංකු 14 සහ ෆින්ටෙක් (FinTech) යෙදවුම් 06 ඔස්සේ ගෙවීමට සේවාලාභීන්ට අවස්ථාව සැලසේ.
මෙම ඩිජිටල් ගනුදෙනු ක්‍රමවේදය නිල වශයෙන් විවෘත කිරීමේ සුවිශේෂි අවස්ථාව සඳහා පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ. ආර්. උඩුවාවල මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිල මහේෂ් රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරිහු, LankaPay පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි චන්න ද සිල්වා මහතා ඇතුළු නිලධාරිහු හා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සන්නිවේදන නියෝජිතායතනයේ ඩිජිටල් රාජ්‍ය හා ඩිජිටල් ආර්ථික වැඩසටහන් කළමනාකරු උදය කස්තුරිරත්න මහතා ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999