Tamil-SriLankaEnglish (UK)

නියම කළ ව්‍යාපෘති

නියම කළ  ව්‍යාපෘති පමණක් පාරිසරික බලපෑම් ඇගයීම/ මූලික පාරිසරික පරීක්ෂණය සඳහා විෂය වේ. ජාතික පරිසර පනත යටතේ අදාල ගැසට් නිවේදනයෙහි දක්වා ඇති පරිදි පාරිසරික බලපෑම් ඇගයීම/ මූලික පාරිසරික පරීක්ෂණය අවශ්‍ය කරන නියම කළ  ව්‍යාපෘති පහත දැක්වේ.

 

I වන කොටස


1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ පනතේ අර්ථ නිරූපණය කර ඇති වෙරළබඩ කලාපයට පිටස්තරව සම්පුර්ණයෙන් හෝ අර්ධ වශයෙන් පිහිටා ඇති ව්‍යාපෘති හා ව්‍යාපාර

1. වාරිමාර්ග ආඥා පනත 453 වන අධිකාරය යටතේ අර්ථකථනය කර ඇති පරිදි වු සුළු වාරිමාර්ග ව්‍යාපෘති හැර සියලු ගංගා ද්‍රෝනි සංවර්ධන හා වාරිමාර්ග ව්‍යාපෘති.

2. හෙක්ටයාර් 4කට වැඩි ඉඩම් හා තෙත්බිම් ප්‍රදේශ ගොඩ කිරිම.

3. හෙක්ටයාර් 5කට වැඩි ඉඩම් ප්‍රදේශයක ඇති දැව ඉවත් කිරිම.

4. හෙක්ටයාර් එකකට වැඩි ඉඩම් දේශයක ඇති කැළෑ, කැළෑ ආශ්‍රීත නොවන ප්‍රයෝජනයක් සදහා යොදා ගැනීම.

5. හෙක්ටයාර් 50කට වැඩි භුමි දේශයක් එළි කිරිම.

6. පතල් කැනීම සහ ඛණිජ ලබාගැනීම -

     මීටර් 25 වඩා ගැඹුරැති ගොඩබිම් පතල් කැණීම හා ඛණිජ හෑරීම.

     හෙක්ටයාර් 10කට වැඩි සමස්ත බිම් ප්‍රමාණයක් ඇති ප්‍රදේශවල මතුපිට ඛණිජ ලබාගැනීම.

     අක් වෙරළේ සියලු පතල් කැණීමේ සහ ඛණිජ හෑරීමේ කටයුතු.

     යම් නිවාස හෝ වාණිජ ප්‍රදේශයකින් කිලෝ මීටර් 1 ක් ඇතුළත හුණුගල්, සිලිකා, ක්වාට්ස්, වැලි ගල්, කිරිගරුඩ සහ විසිතුරු ගොඩනැගිලි යන්ත්‍රානුසාරයෙන් ලබා ගැනීම.

7. ප්‍රවාහන පද්ධති - 

    දිගින් කිලෝමීටර් 10 කට වැඩි ජාතික සහ පළාත් මහා මාර්ග ඉදිකිරිම.

    දුම්රිය මාර්ග ඉදිකිරිම.

    ගුවන්තොටුපොළ ඉදිකිරිම.

    ගුවන් තීරු ඉදිකිරිම.

    සියයට පනහකින්හෝ ඊට වැඩි ප්‍රමාණයකින් සිදු කරන ගුවන් තොටුපළවල් හෝ ගුවන් තීරු පුළුල් කිරිම.

8. නැව්තොටවල් සහ වරාය සංවර්ධනය -

    නැව්තොටවල් ඉදිකිරිම.

    වරාය ඉදිකිරිම.

    වර්ෂයකට මෙහෙයුම් ධාරිතාව සියයට පනහකින් (50%) හෝ ඊට වැඩි ප්‍රමාණයකින් වැඩි වන පරිදි වරාය විශාල කිරීම

9. බල උත්පාදනය සහ සම්ප්‍රේෂණය -

    මෙගාවොට් 50කට වැඩි ජල විදුලි බලාගාර ඉදිකිරිම

    එක් ස්ථානයක මෙගාවොට් 25 කට වඩා උත්පාදක ධාරිතාවක් ඇති තාප විදුලි බලාගාර ඉදිකිරිම් හෝ දැනට පවතින බලාගාරවලට මෙගාවොට් 25 කට වැඩි ධාරිතාවක් එකතු කිරිම.

    න්‍යෂ්ටික විදුලි බලාගාර ඉදිකිරිම.

    මෙගාවොට් 50 කට වැඩි වූ පුනර්ජනනීය බලශක්තිය මත පදනම් වු සියලු විදුලි බලාගාර.

10. සම්ප්‍රේෂණ මාර්ග -

     දිගින් කිලෝමීටර් 10කට වැඩිවු ද, වෝල්ටීයතාවය කිලෝ වොල්ට් 50 වැඩි වු ද, ඉහලින් අදින සම්ප්‍රේෂණ රැහැන්.

11. නිවාස සහ ගොඩනැගිලි -

      ඒකක 1000 කට වැඩි පදිංචි වීමේ නිවාස ඒකක ඉදිකිරිම.

1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරිය පනතින් පිහිටුවන ලද නාගරික සංවර්ධන අධිකාරිය විසින් අර්ථ කථනය කර ඇති වර්ග මීටර් 10,000 කට වැඩි ගොඩනැගු බිමක් ඇති වූ සියලු වාණිජ ගොඩනැගිලි ඉදිකිරීම. හෙක්ටයාර් 10 කට වැඩි වු ඉඩම් ප්‍රමාණයක් තුල නිවාස, කර්මාන්ත, වානිජ, උපව්‍යුහයවලින් යුක්ත ඒකාබද්ධ බහුවිධ සංවර්ධන කටයුතු.

12. නැවත පදිංචි කිරිම - 

     හදිසි අවස්ථාවලදී කරන ලද නැවත පදිංචි කරවීම් හැරුණු විට පවුල් 100 වැඩි ගණනක් නිරුත්සාහයෙන් නැවත පදිංචි කරවීම.

13. ජල සැපයුම -

    දිනකට ඝන මිටර් මිලියන 1/2 කට වැඩි ධාරිතාවක් සහිතව භුගත ජලය ලබාගැනීමේ සියලුම ව්‍යාපෘති.

    ඝන මීටර් මිලියන 1/2 කට වැඩි ධාරිතාවක් ඇති ජලය පිරිසිදු කිරීමේ යන්ත්‍රාගාර පද්ධති ඉදිකිරීම.

14. නල මාර්ග -

     කිලෝ මීටර් එකකට වැඩි වායු සහ ද්‍රව (ජලය හැර) ගෙන යන නල මාර්ග එළීම.

15. හෝටල් -

      හෙක්ටයාර් 40 කට වැඩි හෝ කාමර 99කට වැඩි පහසුකම් සහිත යන මෙයින් දෙකින් එකකට හෝ ගැනෙන හෝටල් හෝ නිවාඩු නිකේතන හෝ විනෝද පහසුකම් සපයන ව්‍යාපෘති ඉදිකිරිම.

16. ධීවර -

      සමස්ථ භුමි ප්‍රමාණය හෙක්ටයාර් 4කට වැඩි ජල ජීවි රෝපණ ව්‍යාපෘති

      ධීවර වරාය ඉදිකිරීම.

      වර්ෂයකට මත්ස්‍ය මෙහෙයුම් ධාරිතාව සියයට 50කින් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් වැඩිවන පරිදි ධීවර වරාය විශාල කිරීමේ ව්‍යාපෘති.

17. සියලු උමං කැණිමේ ව්‍යාපෘති

18. අපද්‍රව්‍ය බැහැර කිරිම

      දිනකට ටොන් 100කට වැඩි ධාරිතාවක් ඇති ඝණ අපද්‍රව්‍ය බැහැර කිරිමේ පද්ධති ඉදිකිරිම.

      විෂ සහිත හෝ අන්තරාදායක අපද්‍රව්‍ය පිරිපහදු කිරිමේ පද්ධති ඉදිකිරිම.

19. කාර්මික ජනපද හා උද්‍යාන

     හෙක්ටයාර් 10 කට වැඩි සියළු කාර්මික ජනපද හා උද්‍යාන සංවර්ධනය කිරිම.

20. යකඩ සහ වානේ කර්මාන්ත

     අමුද්‍රව්‍ය වශයෙන් යපස් භාවිතා කරමින් දිනකට ටොන් 100කට වැඩි නිෂ්පාදන ධාරිතාවයක් ඇති යකඩ සහ වානේ නිෂ්පාදිත නිෂ්පාදනය කිරිම.

     අමුද්‍රව්‍ය වශයෙන් පරණ යකඩ භාවිතා කරමින් දිනකට ටොන් 100 කට වැඩි නිෂ්පාදන ධාරිතාවක ඇති යකඩ සහ වානේ නිෂ්පාදිත නිෂ්පාදනය කිරීම.

21. යකඩ නොවු මුලික ලෝහ කර්මාන්ත

     දිනකට ටොන් 25කට වැඩි නිෂ්පාදන ධාරිතාවක් ඇති ඇළුමිනියම් හෝ තඹ හෝ ඊයම් උණු කිරිම.

22. මුලික කාර්මික රසායන ද්‍රව්‍ය

     දිනකට ටොන් 50කට වැඩි නිෂ්පාදන ධාරිතාවක් ඇති විෂ සහිත රසායන ද්‍රව්‍ය සකස් කිරිම.

     දිනකට ටොන් 25කට වැඩි නිෂ්පාදන ධාරිතාවක් ඇති විෂ සහිත රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය.

23. පළිබෝධක නාශක සහ පොහොර

     දිනකට ටොන් 50කට වැඩි ඒකාබද්ධ නිෂ්පාදන ධාරිතාවක් ඇති පළිබෝධක නාශක සකස් කිරිම.

     දිනකට ටොන් 25කට වැඩි ඒකාබද්ධ නිෂ්පාදන ධාරිතාවක් ඇති පළිබෝධක නාශක නිෂ්පාදනය කිරිම.

24. ඛණිජ තෙල් සහ ඛණිජ තෙල් ආශ්‍රීත රසායන ද්‍රව්‍ය

     බොරතෙල්වලින් ගැසොලීන්, ඉන්ධන තෙල්, ප්‍රභාව ලබාදීමට අවශ්‍ය තෙල්, ස්නේහක තෙල් සහ ග්‍රීස්, ගුවන් යානා සහ නාවික ඉන්ධන සහ ද්‍රවිකෘත පෙට්රෝලියම් වායු නිෂ්පාදනය කරන ඛණිජ තෙල් පිරිපහදු මධ්‍යස්ථාන.

     තෙල් පිරිපහදු කිරිමේ හෝ ස්වභාවික වායු වෙන් කිරිමේ හෝ නිෂ්පාදන ක්‍රියාවලින් ලබාගත් අමුද්‍රව්‍යවලින් දිනකට ටොන් සියය 100කට වැඩි ඒකාබද්ධ නිෂ්පාදන ධාරිතාවයක් ඇති ඛණිජ තෙල් ආශ්‍රීත රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය.

25. ටයර් සහ ටියුබ් කර්මාන්තය

      ස්වභාවික හෝ කෘත්‍රිම රබර්වලින් දිනකට ටොන් 100කට වැඩි ඒකාබද්ධ නිෂ්පාදන ධාරිතාවක් ඇති ටයර් සහ ටියුබ් නිෂ්පාදනය.

26. සීනි කර්මාන්තශාලා

     දිනකට ටොන් 50කට වැඩි ඒකාබද්ධ නිෂ්පාදන ධාරිතාවක් ඇති ශුද්ධ කල සීනි නිෂ්පාදනය.

27. සිමෙන්ති සහ හුණු

    සිමෙන්ති නිෂ්පාදනය

    දිනකට ටොන් 50කට වැඩි ධාරිතාවක් ඇති පෝරණු උපයෝගී කර ගෙන හුණු නිෂ්පාදනය.

28. කඩදාසි සහ පල්ප

     දිනකට ටොන් 50කට වැඩි ඒකාබද්ධ නිෂ්පාදන ධාරිතාවයක් ඇති කඩදාසි හෝ පල්ප නිෂ්පාදනය කිරිම.

29. නුල් කැටීම, වීවීම සහ රෙදිපිළි නිමි කටයුතු

    දිනකට ටොන් පනහ (50) ඉක්මවන්නා වු ඒකාබද්ධ නිෂ්පාදන ධාරිතාවක් ඇති නුල් කැටීම, විවීම, වර්ණක යෙදීම හා මුද්‍රණ කිරිම ඒකාබද්ධ වු සංයුක්ත කපු හෝ  කෘතිම රෙදිපිළි කර්මාන්තශාලා.

30. හම් පදම් කිරිමේ සහ නිමැවුම් කිරිමේ කර්මාන්තශාලා

     දිනකට ටොන් 25කට වැඩි ඒකාබද්ධ නිෂ්පාදන ධාරිතාවක් ඇති ක්‍රෝම් භාවිතා කරන සම් පදම් කිරිමේ කර්මාන්තශාලා.

     දිනකට ටොන් 50කට වැඩි ඒකාබද්ධ නිෂ්පාදන ධාරිතාවක් ඇති ශාකමය (පොතු) භාවිතා කරන සම් පදම් කිරිමේ කර්මාන්තශාලා.

     (එසේ වුවත් 20-30 දක්වා ඡේදවල සඳහන් ව ඇති ව්‍යාපෘති හා ව්‍යාපාර ඉහත (19) හි විස්තර කර ඇති කාර්මික ජනපද හා උද්‍යාන තුළ පිහිටා ඇති අවස්ථාවක දී පනතේ iv ඇ කොටසේ වගන්තිවලට අනුව අනුමැතිය අවශ්‍ය නොවේ.)

31. ජාතික ආරක්ෂක හේතුවලට හැර 1969 අංක 19 දරන පරමාණුක බලශක්ති අධිකාරිය පනත යටතේ අර්ථකථනය කර ඇති පරිදි විකිරණ ද්‍රව්‍ය හෝ 1956 අංක 21 දරන පුපුරණ ද්‍රව්‍ය පනත යටතේ අර්ථකථනය කර ඇති පරිදි පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය, ගබඩා කිරීම හෝ භාවිතා කිරීම සම්බන්ධ කර්මාන්ත.

 

II වැනි කොටස

 

32. I වැනි කොටසේ සඳහන්ව ඇති සියලුම ව්‍යාපෘති හා ව්‍යාපාර ඒවායේ විශාලත්වය සහ ඒවා වෙරළබඩ කලාපයේ පිහිටා ඇති හෝ නැති බව නොසලකා උපලේඛනයේ III වැනි කොටසේ සඳහන් ප්‍රදේශවල සම්පූර්ණයෙන් ම හෝ කොටසක් පිහිටා ඇත්නම්,

උපලේඛනයේ III වැනි කොටසේ සඳහන්ව ඇති ප්‍රදේශවල පහත දැක්වෙන කර්මාන්ත සම්පූර්ණයෙන් ම හෝ කොටසක් පිහිටා ඇත්නම්,

33. යකඩ සහ වානේ

34. යකඩ නොවූ මූලික ලෝහ

35. මූලික කාර්මික රසායන ද්‍රව්‍ය

36. පළිබෝධ නාශක සහ පොහොර

37. කෘත්‍රීම රෙසින්, ප්ලාස්ටික් ද්‍රව්‍ය සහ කෘත්‍රිම රෙදි

38. වෙනත් රසායනික නිෂ්පාදිත

39. ඛණිජතෙල් සහ ඛණිජ තෙල් ආශ්‍රිත රසායන ද්‍රව්‍ය

40. ටයර් සහ ටියුබ්

41. සීනි නිෂ්පාදනය සහ පිරිපහදු කිරීම

42. මද්‍යසාර ස්ප්‍රීතු

43. මොල්ට් මත්පැන් සහ මෝල්ට්

44. සිමෙන්ති සහ හුණු

45. ආලෝහමය ඛණිජ නිෂ්පාදිත

46. කඩදාසි, පල්ප සහ කඩදාසි බෝඩ්

47. නූල් කැටීම : විවීම සහ රෙදිපිළි නිමි කටයුතු

48. හම් පදම් කිරීම සහ නිමැවුම් කිරීම

49. නැව් තැනීම සහ අලුත්වැඩියා කිරිම

50. දුම්රිය මාර්ග උපකරණ

51. මෝටර් වාහන

52. ගුවන් යානා


III වැනි කොටස

 

(1) පහත සඳහන් පනත් මගින් ප්‍රකාශිත යම් ප්‍රදේශයක් ඇතුළත හෝ එහි මායිමෙන් මීටර් 100 ක් ඇතුළත -

1988 අංක 4 දරන ජාතික උරුම වන භූමි පනත‍
කැලෑ අඥාපනත (451 වැනි අධිකාරිය) 

එවැනි ප්‍රදේශ 1981 අංත 57 දරන වෙරළබඩ සංරක්ෂණ පනතේ අර්ථ නිරූපණය කරන ලද වෙරළබඩ කලාපය තුළ සම්පූර්ණයෙන්ම හෝ කොටසක් හෝ පිහිටා තිබුණත් නැතත්,

 

(2) වෙරළබඩ කලාපය තුළ සම්පූර්ණයෙන්ම හෝ කොටසක් පිහිටා තිබුණත් පහත සඳහන් යම් ප්‍රදේශයක් ඇතුළත -

     පස සංරක්ෂණ පනත (450 වැනි අධිකාරය) යටතේ ප්‍රකාශිත පරිදි ඛාදනය විය හැකි ප්‍රදේශ

     ගංවතුරින් ආරක්ෂා වීමේ ආඥාපනත (449 වැනි අධිකාරය) යටතේ ප්‍රකාශිත ගංවතුර ප්‍රදේශයක් හා 1982 අංක 52 දරන පනතින් සංශෝධිත 1968 අංක 15 දරන ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථා පනතින් ප්‍රකාශිත ගංවතුරින් ආරක්ෂාවීමේ ප්‍රදේශයක්.

     දිය පහරේ මාර්ගයේ කවර හෝ ස්ථානයක දී මීටර් 25 කට වැඩි පළලක් ඇත්තා වූ ද රජයේ ඉඩම් අඥාපනතේ (454 වැනි අධිකාරය) යටතේ අර්ථකථනය කර ඇති පරිදි යම් පොදු දිය පහරක ඉවුරේ සිට මීටර් 60 ක දුරක්.

     ජලාශයක උපරිම ජල සැපයුම් මට්ටමෙන් ඔබ්බට වූ රක්ෂිත ප්‍රදේශයක්.

     පුරාවස්තු ආඥාපනත (188 වැනි අධිකාරය) යටතේ නිශ්චය කොට දක්වා හෝ ප්‍රකාශයට පත්කොට ඇති වූ යම් පුරා විද්‍යාත්මක රක්ෂිතයක්, පුරාණ හෝ ආරක්ෂිත ස්මාරකයක්.

     උද්භිදෝද්‍යාන ආඥාපනත (446 වැනි අධිකාරය) යටතේ ප්‍රකාශයට පත් කරන ලද යම් ප්‍රදේශයක්.

 

     නියම කළ ව්‍යාපෘතීන් පහත දක්වා ඇති ගැසට් නිවේදනයන් හි ප්‍රකාශයට පත් කර ඇත.

        • 1993.06.24 දින අංක 772/22
        • 1999.11.05 දින අංක 1104/22
        • 1999.11.29 දින අංක 1108/1

Thursday, 14 September 2023 06:24 අවසන් වර ට යාවත්කාල කළ දිනය

hinq

ech1981ecnf

infoactsin

NEIC6

polys

bios

biodegsin

PEA2024cooltext4520530421691702024-03-15-Closing-Date-extended-up-to-31st-March-2024 1

 

airwaterIndex

weerawilasin

 isoy

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
පාරිසරික පැමිණිලි මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවිය හරහා පාරිසරික පැමිණිලි... තවදුරටත් කියවන්න
පරිසර පුරෝගාමී ජාතික කඳවුර මධ්‍යම පරිසර අධිකාරිය විසින් ශ්‍රී ලංකා පාසල් පද්ධතිය තුළ... තවදුරටත් කියවන්න
සේවා ඇගයීම මධ්‍යම පරිසර අධිකාරියේ කාර්ය මණ්ඩලය, 2024 නව වසරේ රාජකාරි... තවදුරටත් කියවන්න
2024 නව වසරේ රජකාරී ආරම්භ කිරීම මධ්‍යම පරිසර අධිකාරියේ කාර්ය මණ්ඩලය, ආගමික වතාවත් සඳහා... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දින ජාතික වැඩසටහන ලෝක තෙත්බිම් දිනය හා සමගාමීව සැසිවාර තුනකින් යුක්තව... තවදුරටත් කියවන්න