Tamil-SriLankaEnglish (UK)

පරිසර ප්‍රවර්ධන ඒකකය

මධ්‍යම පරිසර අධිකාරියේ සංවිධාන ව්‍යුහයේ ප්‍රධානතම අංශයක් වන්නේ, පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරිම් අංශයයි. එම අංශය යටතේ ක්‍රියාත්මක වන පරිසර ප්‍රවර්ධන ඒකක‍යේ දැක්ම (vision) වන්නේ “පරිසර සංරක්ෂණය සඳහා මහජන ක්‍රියාකාරීත්වය ගොඩ නැංවීමයි.”මේ සඳහා පාරිසරික ජනවබෝධය, සංවේදීතාව, උද්‍යෝගය මෙන්ම රසඥතාවය ඇති කිරිමත්, පරිසර හිතවාදී ආකල්ප හා සංරක්ෂණ කුසලතා ඔප් නැංවීමත් ඔස්සේ පරිසර සංරක්ෂණය, කළමනාකරණය, හා අභිවර්ධනය උදෙසා වන සමාජ හැඩගැස්වීම ඇති කිරීම ප්‍රවර්ධන ඒකකයේ මෙහෙවර (Mission) ක්‍රියාදාමයයි. එම ක්‍රියාදාමය සාධනය උදෙසා පහත දැක්වෙන විෂය ක්ෂේත්‍ර ඔස්සේ පරිසර ප්‍රවර්ධන වැඩසටහන් සංවිධානය කරනු ලැබේ.

ප්‍රධාන පරිසර ප්‍රවර්ධන වැඩසටහන්

  • පොදු ජනතාවගේ පරිසර දැනුම, අවබෝධය හා උද්‍යෝගය වඩවාලීම පිණිස මුද්‍රිත හා ඉලෙක්ට්‍රෙනික මාධ්‍ය අධ්‍යාපන ඉගෙනුම් උපාංග සැකසීම හා නිෂ්පාදනය උදා - සොබාකෙත සඟරාව, පරිසර පුවත්, පෝස්ටර්, පත්‍රිකා, විවිධ ග්‍රන්ථ, පාරිසරික ටෙලි නාට්‍ය, පාරිසරික ගීත, විඩියෝ වැඩසටහන්........
  • ආයතන සහ ඉලක්කගත කණ්ඩායම් සඳහා අධ්‍යාපන, ප්‍රවර්ධන වැඩසටහන් සංවිධානය කිරීම.
  • විවිධ විෂය තේමාවලට අදාළව ලෝක පරිසර දින වෙනුවෙන් ජාතික වැඩසටහන් සංවිධානය.උදා - ලෝක පරිසර දිනය, ලෝක තෙත්බිම් දිනය, ජෛව විවිධත්ව දිනය.........
  • ජනාධිපති පරිසර සම්මාන උළේලේ ප්‍රාසාංගික කාර්ය සංවිධානය හා මෙහෙයවීම
  • ඉලෙක්ට්‍රොනික් මාධ්‍ය වැඩසටහන් සංවිධානය.උදා - සොබාකෙත ගුවන් විදුලි වැඩසටහන, රූපවාහිනි/ ගුවන් විදුලි සාකච්ජා සංවිධානය, කෙටි රුපවාහිනී දැන්වීම් නිර්මාණය හා ප්‍රචාරය
  • කාලීන පරිසර ප්‍රවණතා, විශේෂ පරිසර දින හා විවිධ පාරිසරික ගැටළු කළමනාකරණය පිළිබඳව පුවත්පත් සඳහා ලිපි සම්පාදනය, පුවත් නිවේදන සැකසීම, ආයතනයේ විවිධ අංශ වල වැඩසටහන් සඳහා මාධ්‍ය ආවරණය ලබාදීම, දෛනික පුවත් විමර්ශනය හා මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යභාරය පිළිබඳව විචාර පුවත් ඉහළ කළමනාකාරීත්වයට ලබාදීම. එම විචාර සඳහා අදාළ විෂය අංශ සම්බන්ධීකරණය කර පිළිතුරු සම්පාදනය කර මාධ්‍යට ලබාදීම.
  • විශේෂ අවස්ථාවල ජනමාධ්‍යවේදීන් සඳහා පුවත් සාකච්ජා (media press ) සංවිධානය කිරීම.
  • කාලීන පාරිසරික හා සෞඛ්‍ය ගැටලු,වසංගත ව්‍යාප්තිය පිළිබඳව පුර්ව නිවාරණ වැඩසටහන් සංවිධානය උදා - ඩෙංගු නිවාරණ වැඩසටහන
  • පරිසර අධ්‍යාපන ප්‍රදර්ශන සංවිධානය හා ඉල්ලුම් කරන රාජ්‍ය හා පෞද්ගලික ආයතන මෙන්ම පාසල් වෙත ජංගම ප්‍රදර්ශන කුටි සේවාව ලබාදීම.
  • රුක්රෝපණ වැඩසටහන් සංවිධානය
  • ජාතික සංස්කෘතික උත්සව සඳහා පරිසර ප්‍රවර්ධන වැඩසටහන් සංවිධානය උදා - මහනුවර දළදා පෙරහැර, අනුරාධපුර පොසොන් උත්සවය, කතරගම ඇසළ පෙරහැර, තලවිල මංගල්‍ය.......
  • සොබාකෙත මධ්‍යස්ථාන පවත්වාගෙනයාම හා අධ්‍යාපන වැඩසටහන් සංවිධානය.උදා - රූමස්සල හා අත්තිඩිය සොබා ක්ෂේත්‍ර මධ්‍යස්ථාන
  • ප්‍රජා සංවිධාන ලියාපදිංචිය හා ඉල්ලුම් කරන ආයතන හා විද්‍යාර්ථින් වෙත සංවිධාන තොරතුරු සම්බන්ධිකරණය
  • ජනාධිපති පරිසර සම්මාන උළේලේ මුද්‍රිත හා ඉලෙක්ට්‍රොනික මාධ්‍ය අංශයේ ඇගයීම් කටයුතු සිදුකිරීම හා උළේලේ මාධ්‍ය වැඩසටහන් සංවිධානය
  • ජනාධිපති පරිසර නියමු පදක්කම් ‍උළේලේ මාධ්‍ය සම්බන්ධිකරණය
  • ජාතික පරිසර නියමු කඳවුරේ මාධ්‍ය සම්බන්ධිකරණය
  • මධ්‍යම පරිසර අධිකාරියේ නිල වෙබ් පිටුව (web page), මුහුණු පොත (FB) සඳහා තොරතුරු ඇතුළත් කිරීම හා යාවත්කාලීන කිරීම.
  • ශ්‍රී ලාංකේය පරිසර නියාමනයේ ජාතික ආයතනය වශයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ විද්‍යාත්මක හා තාක්ෂණික මැදිහත්වීම සමාජගත කිරීම.
Friday, 03 November 2023 04:46 අවසන් වර ට යාවත්කාල කළ දිනය

hinq

ech1981ecnf

infoactsin

NEIC6

polys

bios

biodegsin

PEA2024cooltext4520530421691702024-03-15-Closing-Date-extended-up-to-31st-March-2024 1

 

airwaterIndex

weerawilasin

 isoy

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
පාරිසරික පැමිණිලි මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවිය හරහා පාරිසරික පැමිණිලි... තවදුරටත් කියවන්න
පරිසර පුරෝගාමී ජාතික කඳවුර මධ්‍යම පරිසර අධිකාරිය විසින් ශ්‍රී ලංකා පාසල් පද්ධතිය තුළ... තවදුරටත් කියවන්න
සේවා ඇගයීම මධ්‍යම පරිසර අධිකාරියේ කාර්ය මණ්ඩලය, 2024 නව වසරේ රාජකාරි... තවදුරටත් කියවන්න
2024 නව වසරේ රජකාරී ආරම්භ කිරීම මධ්‍යම පරිසර අධිකාරියේ කාර්ය මණ්ඩලය, ආගමික වතාවත් සඳහා... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දින ජාතික වැඩසටහන ලෝක තෙත්බිම් දිනය හා සමගාමීව සැසිවාර තුනකින් යුක්තව... තවදුරටත් කියවන්න