Tamil-SriLankaEnglish (UK)

ජාතික පරිසර තොරතුරු මධ්‍යස්ථානය

මධ්‍යම පරිසර අධිකාරියේ ජාතික පරිසර තොරතුරු කේන්ද්‍රය, පාරිසරික තොරතුරු බෙදාහැරීම සඳහා වන ජාතික මධ්‍යස්ථානය වේ.

මෙම මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා විද්‍යාත්මක සහ තාක්ෂණික තොරතුරු ජාලය SLISTINET, සෞඛ්‍ය පුස්තකාල තොරතුරු සේවය HELLIS සහ කෘෂිකාර්මික තොරතුරු ජාලයෙහි AGRINET සාමාජිකත්වය දරයි.

මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රාදේශීය හා දිස්ත්‍රික් කාර්යාල වල පවතින තොරතුරු අවශ්‍යතා සැපිරීම සඳහා ජාතික පරිසර තොරතුරු මධ්‍යස්ථානය විසින් තොරතුරු ජාලයක් ස්ථාපනය කර තිබේ.එමගින් තෝරාගත් සොබාකෙත මධ්‍යස්ථාන 03 ක පාරිසරික පුස්තකාල පිහිටුවා ඇත. රූමස්සල (ගාල්ල දිස්ත්‍රික්කය), බෙල්ලන්විල - අත්තිඩිය (කොළඹ දිස්ත්‍රික්කය) සහ රන්දෙණිගල (කෑගල්ල දිස්ත්‍රික්කය) සොබාකෙත මධ්‍යස්ථාන වල එම පුස්තකාල ස්ථාපනය කර සම්බන්ධීකරණය සිදු කෙරෙන අතර, එම සොබාකෙත මධ්‍යස්ථාන වල පැවැත්වෙන ක්‍රියාකාරී වැඩසටහන් වලට සහභාගි වන අය සඳහා මෙම පුස්තකාලය පරිහරණය කිරිමට අවස්ථාව සලසා ඇත.

ප්‍රධාන කාර්යයන්,

  • සියලු වර්ගවල පාරිසරික පාඨකයින්ගේ තොරතුරු අවශ්‍යතාවන් සම්පුර්ණ කිරීම සඳහා ‍අවශ්‍ය පරිසර මුලාශ්‍ර අත්පත් කරගැනීම හා සංවර්ධනය කිරීම.
  • පාරිසරික තොරතුරු හා මුලාශ්‍ර සහයෝගිතා වැඩසටහන් මගින් පුස්තකාල ජාල අතර සම්බන්ධීකරණය.
  • පුස්තකාල සේවා, ප්‍රලේඛන සේවා සහ තොරතුරු සැපයීම.
  • කලාපීය සහ අන්තර් ජාතික පාරිසරික තොරතුරු පද්ධතීන් සමග සම්බන්ධවීම මගින් පාරිසරික තොරතුරු ලබාගැනීම සහ බෙදා හැරීම.
Tuesday, 26 May 2026 10:34 අවසන් වර ට යාවත්කාල කළ දිනය

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
ජනාධිපති පරිසර සම්මාන උළෙල 2025 මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු... තවදුරටත් කියවන්න