Tamil-SriLankaEnglish (UK)

පාරිසරික බලපෑම් ඇගැයීම පිළිබඳ හඳුන්වාදීමේ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම

පරිසර බලපෑම් ඇගැයීම් ඒකකය, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පරිසර අධ්‍යයන කේන්ද්‍රය හා සමගාමී ව, පාරිසරික බලපෑම් ඇගැයීම පිළිබඳ දින 10ක පාඨමාලාවක් හඳුන්වා දී තිබේ. මෙමගින් පාරිසරික ගැටළු තක්සේරුකරණයේ සියළු ක්ෂේත්‍රයන් ආවරණය කෙරේ. මීට අමතරව, පරිසර බලපෑම් ඇගැයීම් ඒකකය විසින් පාරිසරික බලපෑම් ඇගැයීම පිළිබඳ මූලික අවබෝධය ප්‍රචලිත කිරීම සඳහා කෙටි කාලීන පුහුණු පාඨමාලා ද පවත්වනු ලැබේ. පාරිසරික ගැටළු තක්සේරුකරණ යාන්ත්‍රණයෙහි නියැළි පුද්ගලයින්හට (රජය, පුද්ගලික අංශය, අධ්‍යයන අංශ සහ රාජ්‍ය නොවන අංශ) මෙම පාඨමාලා සඳහා ඇතුළත් විය හැකි යි. මෙම පාඨමාලා පිළිබඳ දැන්වීම් පුවත්පත් වලින් ප්‍රචාරය කරනු ලැබේ.

Friday, 03 November 2023 04:43 අවසන් වර ට යාවත්කාල කළ දිනය

නවතම පුවත් සහ තොරතුරු