Tamil-SriLankaEnglish (UK)

පරිසර අධ්‍යාපන, ප්‍රවර්ධන හා තොරතුරු සේවා

පරිසර ප්‍රවර්ධන සේවාවන්

මධ්‍යම පරිසර අධිකාරියේ ප්රවර්ධන ඒකකය විසින් විවිධ ප්‍රජා කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් විවිධ සේවාවන් සපයනු ලබයි.

පාරිසරික දැනුවත්භාවය මෙන්ම පාරිසරික සංරක්ෂණය පිළිබඳ පණිවිඩය සමාජගත කිරීමට පරිසර ප්‍රවර්ධන ඒකකය විසින් විවිධ වූ වැඩසටහන් ස්වේච්ජාවෙන් සිදුකරනු ලබයි.

එනම්,

  • විශ්ව විද්‍යාල, රාජ්‍ය හා පුද්ගලික ආයතන, කර්මාන්ත මඟින් සංවිධානය කරනු ලබන දැනුවත්කිරීමේ වැඩසටහන් සඳහා සම්පත් දායකත්වය ලබාදීම.

  • ප්‍රදර්ශන සඳහා සහභාගී වීම

  • අවශ්‍ය කරන පාර්ශ්ව සඳහා පෝස්ටර්, අත්පත්‍රිකා, පරිසර පුවත් සහ සඟරා ලබාදීම

  • මධ්‍යම පරිසර අධිකාරිය විසින් පරිසර විෂය ක්ෂේත්‍රයට අදාළව නිෂ්පාදනය කරන ලද පාරිසරික විඩියෝපට මධ්‍යම පරිසර අධිකාරියේ නිල යූටියුබ් චැනලයෙන් නොමිලේ බාගත කර ගත හැකිය.   https://www.youtube.com/channel/UCAJe39mKx2LACmYIjpUs6XQ
  • මධ්‍යම පරිසර අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන වැඩසටහන් අධිකාරියේ නිල මුහුණු පොතේ පළ කරනු ලබයි.    https://www.facebook.com/CEASriLanka

 

 

විමසීම් සේවය

මහජනයා උ‍දෙසා තොරතුරු සැපයීමේ විමසීම් සේවා‍වක් පවත්වාගෙන යන අතර, දුරකථන, ලිපි මගින් හෝ පුද්ගලිකව කරන විමසීම් වලදී පුස්තකාලය සතු ග්‍රන්ථ හා මූලාශ්‍ර උපයෝගීකොට ගෙන පාරිසරික තොරතුරු සැපයීම සිදුකරනු ලැබේ.

විමර්ශන සේවය

තොරතුරු මූලාශ්‍ර පරිහරණය කිරීම සඳහා මෙම මධ්‍යස්ථානය කාර්යාලීය වේලාවන් තුළ විවෘතව ඇති අතර,( අවශ්‍ය අවස්ථාවන්හීදී ) ඡායා පිටපත් ලබා ගැනීමේ පහසුකම් ද සලසාදෙනු ලැබේ.

තත්කාලීන තොරතුරු සේවය

මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යමණ්ඩලයට එකිනෙකාගේ විෂය ක්ෂේත්‍ර අනුව දැනුම ලබාදීම, යාවත්කාලීන කිරීම, විද්‍යුත් තැපෑල මගින් හා ප්‍රායෝගිකව සිදුකරන අතර, මේ සඳහා පටුන පිටු සේවය, නව ග්‍රන්ථ නිකුත් කීරීමේ හා පුවත්පත්/සඟරා අනුක්‍රමණිකා සේවය යොදාගනී.

මාර්ගගත ප්‍රවේශ සේවය

පුස්තකාල සුචිය පරිගණකගත කර පාඨක විමර්ශන සේවය සඳහා පහසුකම් සපයා ඇත. පරිසර පුවත්පත් හා සඟරා අනුක්‍රමණිකා දත්ත පදනම මගින්, කර්තෘ, ලිපි ශීර්ෂ, වර්ෂය හා දින, අනුව තමන්ට අවශ්‍ය තොරතුරු ක්ෂණිකව ලබාගත හැක.

අන්තර්ජාල භාවිතය

තොරතුරු මධ්‍යස්ථානයේ දත්ත පදනම් අන්තර්ජාලය ඔස්සේ භාවිතා කිරීමේ පහසුකම් එහි සමාජිකයන්හට ලබා දී ඇත.

විශේෂ මූලාශ්‍ර එකතු

පහත දක්වා ඇති පුස්තකාල ද්‍රව්‍ය එකතුව ද විශේෂ මුලාශ්‍ර වශයෙන් තොරතුරු ගවේෂණය සඳහා භාවිතා වේ.

සේවා කාලය
මහජනතාව සඳහා මධ්‍යස්ථානය සතියේ දින වල පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 දක්වා විවෘතව ඇත.

  • ටී.එම්. සී හංසමාලි මිය,
    පුස්ථකාලාධිපති,
    ජාතික පාරිසරික තොරතුරු මධ්‍යස්ථානය,
    මධ්‍යම පරිසර අධිකාරිය,
    අංක 104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
    “පරිසර පියස”,
    බත්තරමුල්ල,
    ශ්‍රී ලංකාව

  • දුරකථන: 094112876642

  • ඊ මේල් :  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Tuesday, 17 October 2023 09:12 අවසන් වර ට යාවත්කාල කළ දිනය

නවතම පුවත් සහ තොරතුරු