වායු සම්පත් කළමනාකරණ සහ පසු විපරම් ඒකකය, මධ්‍යම පරිසර අධිකාරියේ රසායනාගාරයේ අනුබද්ධිත අංශයක් ලෙස ක්‍රියාත්මක වේ. සංසරණ වායුගෝලීය සංයුතිය කළමනාකරණය සහ පාරිසරික ශබ්ද දූෂණය කළමනාකරණය කිරීම මෙම ඒකකයේ මූලික කාර්යයන් වේ. වායු සංයුතිය කළමනාකරණය සඳහා වන ප්‍රමිතීන් සහ රෙගුලාසීන් සකස් කිරීම රටකට අත්‍යවශ්‍ය කාර්යයක් වන අතර, මෙම ඒකකය, රට තුළ වායු දූෂණය සහ ශබ්ද දූෂණය මගින් සිදු කෙරෙන පරිසර විනාශය පාලනය කිරීම සඳහා අවශ්‍ය සංසරණ වායු සංයුතිය කළමනාකරණය සඳහා ප්‍රමිතීන් සැකසීම, රථ වාහන මගින් නිකුත් කෙරෙන වායු විමෝචනය සඳහා ප්‍රමිතීන් සැකසීම, කර්මාන්ත මගින් සිදු කෙරෙන වායු විමෝචනය සඳහා ප්‍රමිතීන් සැකසීම, කර්මාන්ත මගින් සිදු කෙරෙන ශබ්ද විමෝචනය සඳහා ප්‍රමිතීන් සැකසීම, රථ වාහන නලා ශබ්ද පාලනය කිරීම සඳහා ප්‍රමිතීන් සැකසීම, කම්පන පාලන ප්‍රමිතීන් සැකසීම යන කාර්යයන්හි පූර්ණ කාලීනව නිරත වේ.
1998 සිට අද දක්වා කොළඹ කොටුවේ පිහිටා ඇති අවට වාතයේ සංයුතිය පසුවිපරම් ස්ථානයෙහි සිට සංසරණ වායු සංයුති නිර්ණය කිරීම සිදු කෙරේ. මෙමගින් ලබා ගැනෙන වායු සංයුති දත්ත ගබඩාව මෙම ඒකකය යටතේ පවත්වාගෙන යනු ලැබේ.
රථවාහන මගින් සිදු කෙරෙන වායු දූෂණය පාලනය කිරීම සඳහා රථවාහන වායු විමෝචන ප්‍රමිතීන් හඳුන්වා දම ට එම පරීක්ෂාව ක්‍රියාත්මක කර තිබේ. මෙම අංශයෙහි ස්ථාන භාර නිලධාරීන් විසින් රථවාහන වායු විමෝචන පරීක්ෂාවන් සහ රථවාහන වායු විමෝචන පරීක්ෂා මධ්‍යස්ථාන, පරීක්ෂාවට ලක් කෙරේ.
එසේම, මෙම ඒකකයේ මීළඟ සැලසුම වන්නේ ෆොසිල ඉන්ධන වල ප්‍රමිතිය පරීක්ෂා කළ හැකි වන සේ පහසුකම් වර්ධනය කර ගැනීමයි. මෙයට හේතුව නම්, ප්‍රවාහන අංශයේත්, බලශක්ති උත්පාදනයේත්, කර්මාන්ත ක්‍රියාකාරකම් ආදියේත් යොදා ගන්නා බාල තත්ත්වයේ ෆොසිල ඉන්ධන දහනය වායු දූෂණයට දායක වන ප්‍රධාන සාධකය වීම යි. පරීක්ෂණ පහසුකම් වර්ධනය කර ගැනීම මගින් භාවිතයේ ඇති ඉන්ධන වල ප්‍රමිතිය, මධ්‍යම පරිසර අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කර ඇති ඉන්ධන ප්‍රමිතීන්ට අනුකූලදැයි පරීක්ෂා කළ හැකි වේ.
ඉහතින් දැක්වූ ප්‍රධාන කාර්යයන්ට අමතරව, මෙම ඒකකය දේශ සීමා අතර වායු දූෂණය පාලනය කිරීම සඳහා වන මාලේ නිර්දේශ රාමුව මගින් දක්වා ඇති පියවර ක්‍රියාවට නැංවීම ද සිදු කරයි. මෙහි අරමුණ වන්නේ රටකින් රටකට ගමන් කරන වායු දූෂණ කාරක හඳුනා ගැනීම සහ පාලනය කිරීමයි. මධ්‍යම පරිසර අධිකාරියෙහි සහ පසුවිපරම් ඒකකය, වෙනත් රටවලින් ශ්‍රී ලංකා වායු අවකාශය වෙත පැමිණෙන වායු දූෂණ කාරක පිළිබඳ නිරන්තර අවධානයෙන් පසු වේ. මේ සඳහා වන පාලන වැඩබිම පිහිටා ඇත්තේ මිහින්තලයේ දොරමඬලාව ප්‍රදේශයේ ය.
මධ්‍යම පරිසර අධිකාරියේ වෙනත් කාර්යාලයීය අංශ මගින් ඉල්ලා සිටින අවස්ථා වල දී පාරිසරික රෙගුලාසිමය තත්ත්වයන්ට අදාලව තක්සේරු තහවුරු වාර්තා ලබා දීම
අධිකරණය මගින් ඉල්ලා සිටින අවස්ථා වල දී අදාල වායු සහ ශබ්ද මිනිත වලට අනුකූල වාර්තා සැකසීම
මහජනතාව, රාජ්‍ය ආයතන හෝ පුද්ගලික ආයතන මගින් ඉල්ලා සිටින අවස්ථා වල දී වායු ප්‍රමිතිය සහ ශබ්ද විමෝචනය පාලනයට සහ මිනුම් ලබා ගැනීමට අදාල තාක්ෂණික උපදෙස් ලබා දීම
පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සඳහා ත් ආර්ථික සංවර්ධනය සඳහා වන ප්‍රතිපත්ති/ තීරණ සම්පාදන කටයුතු සඳහා ත් පාරිසරික පාලන දත්ත ලබා දිම
සංසරණ වායු ප්‍රමිතිය පාලනය කිරීමේ ක්‍රියාකාරකම් හඳුන්වා දීම සහ ක්‍රියාත්මක කිරීම
වායු සහ ශබ්ද දූෂණය හා සම්බන්ධ පාරිසරික රෙගුලාසි පැණවීම සහ විශ්ලේෂණය කිරීම
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999