Tamil-SriLankaEnglish (UK)

පර්යේෂණ සහ සංවර්ධන ඒකකය

ජාතික පාරිසරික පනතේ විධි විධාන සාර්ථකව ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමේ අරමුණු ඔස්සේ පැවැති භූ ගෝලීය තොරතුරු තාක්ෂණ ඒකකය 2013 වර්ෂයේ දී පර්යේෂණ හා සංවර්ධන ඒකකය ලෙස එහි විෂය පථය පහත පරිදි වඩාත් පුළුල් කරමින් නව්‍යකරණය කරන ලදී.

  • පරිසර හායනය වැළැක්වීම/ අවම කිරීම සඳහා අදාල පර්යේෂණ/ අධ්‍යයන/ සමීක්ෂණ පැවැත්විම, ප්‍රවර්ධනය කිරීම සහ තිරසාර පරිසර කළමනාකරණය සඳහා උපමාණ ගොඩ නැංවීම සහ එවැනි තොරතුරු ප්‍රචාරණය කිරීම.

සහ

  • භූ ගෝලීය තොරතුරු තාක්ෂණයන්ගේ ප්‍රායෝගික භාවිතය තුළින් ශ්‍රී ලංකාවේ පරිසර සම්පත් තිරසාර කළමනාකරණය තහවුරු කිරිම

 ඒකකයේ ප්‍රධාන කාර්යයන්

  1. රටෙහි පාරිසරික ගුණාත්මක භාවය හායනයට පාත්‍ර කරවන විශේෂ පාරිසරික ප්‍රශ්න හා ගැටළු හඳුනා ගැනීම සහ ප්‍රමුඛකරණය

  2. මධ්‍යම පරිසර අධිකාරියට පවරන ලද විධි විධානයන් ට අනුකූලව හා පරිසර කළමනාකරණ කටයුතු වලට අදාල සමීක්ෂණයන්, විමර්ශනයන් හා අධ්‍යයනයන් සිදු කිරීම, ප්‍රවර්ධනය, ඒ සඳහා පහසුකම් සැපයීම. මග පෙන්වීම සහ එවැනි තොරතුරු ප්‍රචාරණය කිරීම.
  1. මධ්‍යම පරිසර අධිකාරියේ විෂය පථය ට අදාලව සිදු කරන ලද පාරිසරික පර්යේෂණයන් හි සොයා ගැනීම්, නිර්දේශයන් සහ පර්යේෂණ අවශ්‍යතා ඇතුළත් පර්යේෂණ දත්ත ගබඩා ගොඩ නැගීම.
  1. පරිසරයට අදාල විවිධ සැලසුම් සකස් කිරීම, කළමනාකරණය, ඇගැයිම හා මෙහෙයවීම සඳහා අවශ්‍ය දත්ත ලබා ගැනීම ට ශ්‍රී ලංකාවේ භූ අවකාශීය පාරිසරික සම්පත් පිළිබඳ දත්ත ඇතුළත් පුළුල් දත්ත පද්ධතියක් සකස් කිරීම සහ යාවත්කාලීන කිරීම මෙන්ම ඒ පිළිබඳ දැනුවත් කිරිම සහ දත්ත ප්‍රචාරණය කිරීම.
  1. මධ්‍යම පරිසර අධිකාරියේ පළාත් සහ දිස්ත්‍රික් කාර්යාල සම්බන්ධ කෙරෙන සහ දත්ත තොරතුරු හුවමාරුව සඳහා පහසු පරිශීලන අවකාශයක් වශයෙන් වෙබ් අඩවි භූ ගෝලීය තාක්ෂණ පද්ධතියක් (Web GIS system) සකස් කිරීම.
  1. වාණිජමය වශයෙන් භූ ගෝලීය තොරතුරු/ දත්ත සැපයීම
  • තාක්ෂණික උපකරණයන්ගෙන් සමන්විත භූ ගෝලීය තොරතුරු පරීක්ෂණාගාරයක් සහිත පර්යේෂණ සහ සංවර්ධන ඒකකය, භූ ගෝලීය තොරතුරු පද්ධතිය හා දුරස්ථ සංවේදක කාර්යයන්  සිදු කිරීම සඳහා විශ්වසනීය දායකත්වයක් සපයයි.

දැනට ක්‍රියාත්මක පර්යේෂණ, අධ්‍යයන හා වාර්තා

  • ශ්‍රී ලංකාවේ ගිනිකොණ දිග ගංගා ද්‍රෝණියේ ඇති පාරිසරික වටිනාකමින් යුත් තෙත් බිම් PALSAR සහ Optical යන චන්ද්‍රිකා ඡායාරූප භාවිතයෙන් හඳුනා ගැනීම සහ ඒවැයේ වෙනස් කම් අධ්‍යයනය කොට පරිසර ආරක්ෂන ප්‍රදේශ පිහිටුවීම සඳහා මූලික කටයුතු ඉටු කිරීම.

  • භූ ගෝලීය තොරතුරු පද්ධතිය හා දුරස්ථ සංවේද තාක්ෂණයන් යොදා ගනිමින් බොල්ගොඩ ගංගා ද්‍රෝණියේ භූමි පරිභෝජනයේ සහ භූ වැස්මේ කාලීන වෙනස්කම් විමර්ශනය

  • භූ ගෝලීය තොරතුරු තාක්ෂණය භාවිතයෙන් සමනළ වැව ජල පෝෂක ප්‍රදේශයේ පාංශු ඛාදනය සහ අවසාධනය පිලිබඳ පුරෝකථනය

  • ජාතික ජාරිසරික පනත යටතේ නිර්දේශිත ක්‍රියාකාරකම්/ කර්මාන්ත අඩංගු නාමාවලිය - 2013

Thursday, 23 March 2023 04:48 අවසන් වර ට යාවත්කාල කළ දිනය

hinq

ech1981ecnf

infoactsin

NEIC6

polys

bios

biodegsin

weerawilasin

 isoy

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
පාරිසරික පැමිණිලි මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවිය හරහා පාරිසරික පැමිණිලි... තවදුරටත් කියවන්න
New Year 2023 To mark the commencement of the New Year 2023, the... තවදුරටත් කියවන්න
Service Appreciation 2023 In conjunction with the celebrations of the New Year... තවදුරටත් කියවන්න
ජනාධිපති පරිසර නියමු පදක්කම් ප්‍රධානය - 2020/2021 ශ්‍රී ලාංකේය අනාගත පුරවැසියන් පරිසර හිතකාමීන් ලෙස සමාජගත... තවදුරටත් කියවන්න