Tamil-SriLankaEnglish (UK)

විමර්ශන ඒකකය

2018 මාර්තු මාසයේ දී විමර්ශන ඒකකය පිහිටුවන ලද අතර එය අධ්‍යක්ෂ ජනරාල් යටතේ ක්‍රියාත්මක වේ. තහනම් පොලිතින් සම්බන්ධ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම සහ සභාපතිවරයාගේ සහ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් පරිදි තීරණාත්මක පාරිසරික ගැටළු පිළිබඳ විශේෂ විමර්ශන සිදු කිරීම මෙම ඒකකයේ කාරය භාරය වේ.  

විමර්ශන ඒකකයේ කාර්යයන්

 
1.    ජාතික පාරිසරික පනතේ 23 ද වගන්තිය යටතේ පනවන ලද නියෝග හා රෙගුලාසි වන 2017 සැප්තැම්බර් මස 01 දිනැති අංක 2034/33, 2034/34, 2034/35, 2034/36, 2034/37 හා 2034/38 හා 2021 ජනවාරි මස 21 දිනැති 2221/50, 2211/51 දරණ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශිත නියම හා රෙගුලාසි බලාත්මක කිරීම.

 

  •  a.   2017.09.01 දිනැති අංක 2034/34 සහ 2021.01.21 දිනැති අංක 2221/51 දරන ගැසට් නිවේදනය මගින් තහනම් භාණ්ඩ පිලිබඳව වැටලීම් සිදු කිරීම.
     
  •  b.  මධ්‍යම පරිසර අධිකාරියේ පළාත් සහ දිස්ත්‍රික් කාර්යාල සම්බන්ධීකරණය කරමින් මුළු දිවයිනම ආවරණය වන පරිදි පොලිතින් වැටලීම් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීම, වැටලීම් ප්‍රගතිය ලබා ගැනීම, පසුවිපරම් කිරීම හා වැටලීම් පිලිබඳ දත්ත පද්ධතියක් පවත්වාගෙන යාම.
     
  •  c.  ජාතික පාරිසරික පනත යටතේ පවතින නීතිමය ප්‍රතිපාදනවලට අනුව, මධ්‍යම පරිසර අධිකාරියට නීති විරෝධී ආහාර දවටන තොග අත් අඩංගුවට ගැනීමට හැකියාවක් නොමැති බැවින්, නීති විරෝධී ආහාර දවටන නිෂ්පාදන කර්මාන්ත සහ තොග අලෙවි කරන්නන් වැටලීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය (CAA) සමඟ ඒකාබද්ධ වැටලීම් සැලසුම් කිරීම.
     
  •  d.  නීති විරෝධී ආහාර දවටන නිෂ්පාදිත තොග අත්අඩංගුවට ගැනීම පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරි පනතේ ප්‍රතිපාදන යටතේ සිදු කර  වරදකරුවන්ට දඩ නියම කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයාගේ නියෝග අනුව එම භාණ්ඩ පරිසර හිතකාමී ලෙස බැහැර කිරීම.
     
  •   e.  ජාතික පාරිසරික පනත යටතේ ප්‍රකාශිත අංක 2034/36 දරණ ගැසට් නිවේදනය අනුව පොලිතින් සහ ප්ලාස්ටික් විවෘතව පිළිස්සීම, පිළිස්සීමට ඉඩ දීම හෝ අවසර දීම තහනම් කරමින් නිකුත් කරන ලද රෙගුලාසි බලාත්මක කිරීම.

2.  මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති/අධ්‍යක්ෂ ජනරාල්ගේ උපදෙස් පරිදි තීරණාතමක පාරසරික ගැටළු විසදීම සඳහා විමර්ශන සිදු කර තාක්ෂණික අංශ වලට අවශ්‍ය සහය ලබාදීම.

Thursday, 11 May 2023 07:20 අවසන් වර ට යාවත්කාල කළ දිනය

hinq

ech1981ecnf

infoactsin

NEIC6

polys

bios

biodegsin

weerawilasin

 isoy

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
පාරිසරික පැමිණිලි මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවිය හරහා පාරිසරික පැමිණිලි... තවදුරටත් කියවන්න
New Year 2023 To mark the commencement of the New Year 2023, the... තවදුරටත් කියවන්න
Service Appreciation 2023 In conjunction with the celebrations of the New Year... තවදුරටත් කියවන්න
ජනාධිපති පරිසර නියමු පදක්කම් ප්‍රධානය - 2020/2021 ශ්‍රී ලාංකේය අනාගත පුරවැසියන් පරිසර හිතකාමීන් ලෙස සමාජගත... තවදුරටත් කියවන්න