Tamil-SriLankaEnglish (UK)

සේවාවන්

පරිසර ආරක්ෂණ බලපත්‍ර ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම

පාරිසරික ආරක්ෂණ බලපත්‍ර යනු 1988 අංක 56 සහ 2000 අංක 53 යන පනත් වලින් සංශෝධනය වූ 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතෙහි ප්‍රතිපාදන යටතේ වන නීතිමය මෙවලමකි. පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා ගත යුතු කර්මාන්ත/ ක්‍රියාකාරකම් (නියමිත ක්‍රියාකාරකම්) අංක 2264/18 සහ 2022.01.27 දිනැති ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර ඇත. අදාල කර්මාන්ත/ක්‍රියාකාරකම් ඒවායෙහි පරිසර දූෂණ විභවයේ ප්‍රමාණය මත අ, ආ ,ඇ සහ ඈ වශයෙන් ලේඛන  අංක 2264/18 සහ 2022.01.27 හතරකට වර්ග කර ඇත.

කර්මාන්ත/ ක්‍රියාකාරකම් 33ක් අ ලේඛණයෙහිද 71ක් ආ ලේඛන්යෙහිද 56ක් ඇ ලේඛනයෙහිද 39 ක් ඈ ලේඛනයේද අන්තර්ගත වේ. අ ,ආ ,ඇ ලේඛන වල සඳහන් කර්මාන්ත සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර මධ්‍යම පරිසර අධිකාරියෙහි අදාල ප්‍රාදේශීය කාර්යාලයෙන් හෝ දිස්ත්‍රික් කාර්යාලයෙන් ලබා ගත යුතු  වේ.

ඈ ලේඛනයෙහි අන්තර්ගත වන කර්මාන්ත/ ක්‍රියාකාරකම් 39 සදහා අදාල පළාත් පාලන ආයතන (මහ නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා) මගින් පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කෙරේ. තව ද අදාල පළාත් පාලන ආයතන මගින් එවැනි කර්මාන්ත/ ක්‍රියාකාරකම් සම්බන්ධව පසු විපරම් කටයුතු, නීතිමය කටයුතු, පැමිණිලි සම්බන්ධ කටයුතු ආදිය ද සිදු කරනු ලැබේ.

පරිසර ආරක්ෂණ බලපත්‍ර හා සම්බන්ධ විෂයානුබද්ධ අරමුණු

  • ජාතික ප්‍රමිති හා උපමාන වලට අනුකූලව බාහිර පරිසරයට අපද්‍රව්‍ය සහ විමෝචනයන් මුදා හැරීම මගින් නියමිත කර්මාන්ත/ක්‍රියාකාරකම් නිසා සිදුවන පාරිසරික දූෂණය වැළැක්විම සහ පාලනය කිරීම.

  • නියමිත කර්මාන්ත/ක්‍රියාකාරකම් මගින් වාතය, ජලය සහ භූමිය යන මාධ්‍යයන්ට මුදාහරින ද්‍රව්‍ය මගින් පරිසරයට සිදුවන බලපෑම අවම කරමින් පරිසර දූෂණ පාලනයට ප්‍රවේශයක් ලබා දීම.

  • නියමිත කර්මාන්ත/ක්‍රියාකාරකම් සඳහා පරිසර දූෂණ පාලන මාර්ගෝපදේශ සැපයීම.

  • පරිසර දූෂණ තත්ත්වයන් වළක්වා ගැනීමේ තාක්ෂණය සහ සුපිරිසිදු නිෂ්පාදන තාක්ෂණය, අපද්‍රව්‍ය අවම කර ගැනීම වැනි පාරිසරික දූෂණය වළක්වාලිමේ/ අවම කිරීමේ තාක්ෂණික ක්‍රමෝපායයන් හඳුන්වා දීම.

පරිසර ආරක්ෂණ බලපත්‍රයෙහි වලංගු කාලය

  • "අ"  ලේඛනයෙහි සඳහන් කර්මාන්ත සඳහා බලපත්‍රයෙහි සඳහන් දින සිට අවු.01ක උපරිම කාලයකට
  • "ආ" ලේඛනයෙහි සඳහන් කර්මාන්ත සඳහා බලපත්‍රයෙහි සඳහන් දින සිට අවු.01ක උපරිම කාලයකට

  • "ඇ " ලේඛනයෙහි සඳහන් කර්මාන්ත සඳහා බලපත්‍රයෙහි සඳහන් දින සිට අවු.02ක උපරිම කාලයකට

  • "ඈ" ලේඛනයෙහි සඳහන් කර්මාන්ත සඳහා බලපත්‍රයෙහි සඳහන් දින සිට අවු.03ක උපරිම කාලයකට

ප්‍රමිති සහ උපමාණ

පරිසර ආරක්ෂණ බලපත්‍රක බලය යටතේ හැර කිසිම පුද්ගලයෙකුට යම් කර්මාන්තයක්/ නියමිත කටයුත්තක් පවත්වාගෙන යාමට නොහැකි බව ජාතික පාරිසරික පනතෙහි අ කොටසේ මනාව පැහැදිලි කර දක්වා ඇති අතර, එම ප්‍රමිති සහ උපමාණ ජාතික පාරිසරික පනතෙහි පැහැදිලි ව දක්වා ඇත.

අපජලය බාහිර පරිසරයට මුදා හැරීමේ දී අදාල වන ප්‍රමිති සහ උපමාණ 2008 අංක 01 දරන ජාතික පාරිසරික (ආරක්ෂණ සහ තත්ත්ව) නියෝග ලෙස සඳහන් කර ඇති අතර, අංක 2264/17 සහ 2022.01.27 දරන ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර ඇත.

කර්මාන්ත/ නියමිත කටයුතු මගින් ශබ්දය බාහිර පරිසරයට මුදා හැරීමේ දී අදාල වන ප්‍රමිතීන් 1996 ජාතික පාරිසරික (ශබ්ද පාලන) නියෝග ලෙස සඳහන් කරමින්, අංක 924/12 සහ 1996.05.23 දරන ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර ඇත.

කම්පන පාලනයට අදාල අවසාන ප්‍රමිති ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන තෙක් පහත සඳහන් කම්පන සිදු කරන ක්‍රියාකාරකම් සඳහා අදාල වන අන්තර් ප්‍රමිතීන් බල පැවැත් වේ.

යන්ත්‍ර සුත්‍ර ක්‍රියාත්මක කිරීම, ගොඩනැගිලි කර්මාන්තය, වාහන ගමනාගමනයට අදාල වන ප්‍රමිතීන්

පිපිරවීම් සහ අදාල වන වායුගෝලීය පිපිරුම්, අධි පීඩන මට්ටම සහ භූමියේ කම්පනයට අදාල අන්තර් ප්‍රමිතීන්

ගොඩනැගිලි තුළ වැසය කරන පුද්ගලයින්ට වන අපහසුතා හා සම්බන්ධ ප්‍රමිතීන්

සටහන:

බාහිර පරිසරය ආරක්ෂා කිරීමේ අරමුණ ඇතිව, යම් විශේෂිත වූ කර්මාන්තයක්/ නියමිත කටයුත්තක් සඳහා දැනට බල පවත්වන ප්‍රමිති සහ උපමාණ වලට වඩා දැඩි (තද) ප්‍රමිති සහ උපමාණ බල පැවැත්වීමට මධ්‍යම පරිසර අධිකාරිය ක්‍රියා කරනු ඇත.

අ, ආ  සහ ඇ ලේඛනයෙහි සඳහන් කර්මාන්ත/ නියමිත කටයුතු සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාදාමය

  • 1 පියවර : අයදුම් කිරීමේ ක්‍රියාපිළිවෙල

- පරිසර ආරක්ෂණ බලපත්‍ර ඉල්ලුම් පත්‍රය

- පරිසර ආරක්ෂණ බලපත්‍ර අයදුම්පත 2008.02.01 දිනැති අංක 1534/18 දරණ ගැසට් නිවේදනයේ දෙවන උපලේඛනයේ අ-ආකෘතිය යටතේ ප්‍රකාශයට පත් කර ඇත.

- අයදුම්පත, මධ්‍යම පරිසර අධිකාරියෙහි ප්‍රධාන කාර්යාලය සහ පළාත් හා දිස්ත්‍රික් කාර්යාල  වෙතින් ද ලබා ගත හැකිය.

- මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවියෙන් (www.cea.lk) අයදුම්පත බා-ගැනීම සිදු කළ හැකිය.                                            

- පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගැනීමට නියමිත එක් කටයුත්තක් සඳහා තනි අයදුම්පතක් බැගින් සම්පූර්ණ කර  මෙම අධිකාරියේ පළාත් හෝ දිස්ත්‍රික් කාර්යාලයට ලබා දිය යුතුයි.

- නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය සමග පහත දක්වා ඇති ලිපි ලේඛන වල පිටපත් මෙම අධිකාරියේ පළාත් හෝ දිස්ත්‍රික් කාර්යාලයට ඉදිරිපත් කළ යුතුයි.

  1. ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතිකය

  2. අදාල කර්මාන්තය/ නියමිත කටයුත්ත සඳහා ඉඩම භාවිතා කිරීම සඳහා වන නෛතික අවසරය (ඔප්පුවෙහි පිටපත, බදු ගිවිසුමෙහි පිටපත ආදී වශයෙන්.)
  1. අදාල ඉඩමෙහි මිනින්දෝරු සැලැස්මෙහි පිටපත

  2. අදාල කර්මාන්තය එම භූමියේ ස්ථාපිත කිරීම සඳහා වන වන නෛතික අවසරය (අනුකූලතා සහතිකය, අදාල පළාත් පාලන ආයතනය මගින් ලබා ගත් වෙළෙඳ බලපත්‍රය හෝ අනුමැතිය.)

  3. විශේෂිත නිෂ්පාදන සඳහා අවශ්‍ය කරන නිෂ්පාදන සහතිකය (ඉස්කාගාර නිෂ්පාදන, ඖෂධීය නිෂ්පාදන, කෘමිනාශක ද්‍රව්‍ය නිෂ්පාදන ආදිය)

  4. පරිසර දූෂණය අවම කිරීම සඳහා වන යෝජනා

  5. අධිකාරිය මගින් ඉදිරිපත් කරන ලෙස දන්වා සිටිනු ලබන වෙනත් යම් ලේඛනයක් හෝ විස්තරයක්

  • 2 පියවර :අයදුම්පත පූර්ව පරීක්ෂාවට ලක් කිරීම

- පරිසර ආරක්ෂණ බලපත්රලයක් ලබා දීමට ඇති අවශ්යටතාව, අයදුම්පතෙහි දක්වා ඇති තොරතුරු වල ඇති නිරවද්යනතාව සහ අයකළ යුතු පරීක්ෂණ ගාස්තුව තීරණය කිරීම සඳහා මෙම අධිකාරියේ පළාත් හෝ දිස්ත්‍රික් කාර්යාලය මගින් අයදුම්පත පූර්ව පරීක්ෂාවට ලක් කරනු ලැබේ.

- පූර්ව පරීක්ෂාවෙන් සමත් වන අයදුම්පත් පමණක් 3 පියවර ට ඉදිරිපත් කෙරෙන අතර අනෙකුත් අයදුම්පත් නැවත 1 පියවර වෙත යොමු කරනු ලැබේ.

  • 3 පියවර :අයකළ යුතු පරීක්ෂණ ගාස්තුව තීරණය කිරීම

- කර්මාන්තහිමියා විසින් සපයා ඇති තොරතුරු මත පදනම් ව මෙම අධිකාරියේ පළාත් හෝ දිස්ත්‍රික් කාර්යාලය මගින් අයකළ යුතු පරීක්ෂණ ගාස්තුව තීරණය කර අදාල කර්මාන්තහිමියා වෙත ලිපියකින් දන්වනු ලැබේ.

- එසේ නියම කරනු ලබන ගාස්තුව, කර්මාන්තහිමියා විසින් මෙම අධිකාරියේ පළාත් හෝ දිස්ත්‍රික් කාර්යාලය වෙත ගෙවා ලදු පතක් ලබා ගත යුතුයි.

- එම ලදු පත මෙම අධිකාරියේ පළාත් හෝ දිස්ත්‍රික් කාර්යාලයට  වෙත ඉදිරිපත් කළ පසු 4 පියවර වෙත යොමු කෙරේ.

  • 4 පියවර :ක්ෂේත්‍ර පරීක්ෂාව

කර්මාන්තය සම්බන්ධයෙන් අයදුම්පතෙහි සපයා ඇති තොරතුරු පරීක්ෂා කිරීමටත්, පරිසර දූෂණය පාලනය කර ගනිමින් එවැනි කර්මාන්තයක් පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීමටත් නිලධාරීන් කණ්ඩායමක් විසින් ක්ෂේත්‍ර පරීක්ෂාවක් සිදු කරනු ලැබේ.

  • 5 පියවර :නිර්දේශ සහිත පරීක්ෂණ වාර්තාව

- කර්මාන්තය සම්බන්ධයෙන් සිදු කළ ක්ෂේත්‍ර පරීක්ෂා තොරතුරු, අයදුම්කරු විසින් සපයා ඇති තාක්ෂණික වාර්තා සහ සමාජයීය කරුණු මත පදනම්ව පරීක්ෂණ කණ්ඩායම විසින් ඔවුන්ගේ නිර්දේශ ඇතුළත් ක්ෂේත්‍ර පරීක්ෂණ වාර්තාව සම්පාදනය කරනු ලැබේ. එම වාර්තාව මගින් අදාල කර්මාන්තය/ නියමිත කටයුත්ත සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍රය නිකුත් කිරීම අනුමත කර තිබේ නම් 6 පියවර වෙත යොමු කෙරේ.

- පරීක්ෂණ වාර්තාව මගින් පරිසර දූෂණය සිදුවීම පාලනය කිරීම සඳහා තව දුරටත් අමතර යෝජනා ඉදිරිපත් කළ යුතු බව දක්වා තිබේ නම්, එවැනි යෝජනා ඉදිරිපත් කරන ලෙස අයදුම්කරුට ලිඛිතව දන්වනු ලැබේ. දෙවනුව ඉදිරිපත් කෙරෙන යෝජනා මධ්‍යම පරිසර අධිකාරියෙහි නිලධාරීන් විසින් ඇගැයීමට ලක් කරනු ලැබේ. එම යෝජනා පාරිසරික වශයෙන් ක්‍රමානුකූල නම් 6 පියවර වෙත යොමු කෙරේ.

- බලපත්‍රයක් ලබා දීම ප්‍රතික්ෂේප කිරීමට පරීක්ෂණ වාර්තාව මගින් නිර්දේශ වී තිබේ නම් ඒ බව අයදුම්කරුට ලිඛිතව දන්වනු ලැබේ.

- මධ්‍යම පරිසර අධිකාරිය මගින් අයදුම්කරුවෙකුට බලපත්‍රයක් ලබා දීම ප්‍රතික්ෂේප කිරීමට විරුද්ධව, ජාතික පරිසර පනතට අනුව එම අයදුම්කරුට/අයදුම්කාරියට පරිසර විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය. එම අභියාචනය, අදාල බලපත්‍රය ලබා දීම ප්‍රතික්ෂේප කර දන්වා එවනු ලැබූ දින සිට දින තිහක (30) කාලයක් ඇතුළත ඉදිරිපත් කළ යුතුය.

  • 6 පියවර :පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා දීම අනුමත කිරීම

මධ්‍යම පරිසර අධිකාරියේ බලයලත් නිලධාරීන් විසින් පරීක්ෂණ කණ්ඩායම් වාර්තාවට අදාල නිර්දේශ මත පදනම්ව පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා දීම අනුමත කරනු ලැබේ. අනතුරුව මධ්‍යම පරිසර අධිකාරිය මගින් පරිසර දූෂණ පාලනය සදහා අදාල කොන්දේසි සකස් කරනු ලැබේ.

  • 7 පියවර : බලපත්‍ර ගාස්තු

- පරිසර ආරක්ෂණ බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය වෙත බලපත්‍ර ගාස්තු ගෙවන ලෙස කර්මාන්තහිමියාහට දන්වනු ලැබේ.

- බලපත් ගාස්තු විස්තර

  1. අ- ලේඛනයේ දක්වා ඇති කර්මාන්ත කටයුතු සඳහා එක් බලපත්‍රයකට රුපියල් 15000/= (වර්ෂයක් හෝ එයට අඩු කාලයක් සදහා)
  2. ආ- ලේඛනයේ දක්වා ඇති කර්මාන්ත කටයුතු සඳහා එක් බලපත්‍රයකට රුපියල් 10000/= (වර්ෂයක් හෝ එයට අඩු කාලයක් සදහා)
  3. ඇ- ලේඛනයේ දක්වා ඇති කර්මාන්ත කටයුතු සඳහා එක් බලපත්‍රයකට රුපියල් 4000/= (වර්ෂ දෙකක් හෝ එයට අඩු කාලයක් සදහා)
  4. ඈ- ලේඛනයේ දක්වා ඇති කර්මාන්ත කටයුතු සඳහා එක් බලපත්‍රයකට රුපියල් 4500/= (වර්ෂ තුනක් හෝ එයට අඩු කාලයක් සදහා)
  • 8 පියවර : පරිසර ආරක්ෂණ බලපත්‍රයක් නිකුත් කිරීම

බලපත්‍ර ගාස්තු ගෙවනු ලැබූ පසු බලයලත් නිලධාරියෙකුගේ අත්සන සහිතව පරිසර ආරක්ෂණ බලපත්‍රය පෙර දැක්වූ කාලසීමා වලට යටත්ව නිකුත් කරනු ලැබේ.

ඈ- කාණ්ඩය යටතේ වර්ගීකරණය කරන ලද කර්මාන්ත සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍රයක් නිකුත් කිරීමේ ක්‍රියාවලිය

  • 1 පියවර : අයදුම් කිරීම

- පරිසර ආරක්ෂණ බලපත්‍ර ආ අයදුම්පත 2008.02.01 දිනැති අංක 1534/18 දරණ ගැසට් නිවේදනයේ දෙවන උපලේඛනයේ අ-ආකෘතිය යටතේ ප්‍රකාශයට පත් කර ඇත.

- අයදුම්පත, මධ්‍යම පරිසර අධිකාරියෙහි ප්‍රධාන කාර්යාලය සහ පළාත් හා දිස්ත්‍රික් කාර්යාල  වෙතින් ද ලබා ගත හැකිය.

- මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවියෙන් (www.cea.lk) අයදුම්පත බා-ගැනීම සිදු කළ හැකිය.

- පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගැනීමට නියමිත යම් ක්‍රියාකාරකමක් සඳහා තනි අයදුම්පතක් බැගින් සම්පූර්ණ කර කර්මාන්තය පිහිටි  ප්‍රදේශයට අදාල පළාත් පාලන ආයතනයට ලබා දිය යුතුයි.

පහත දක්වා ඇති ලිපි ලේඛන වල පිටපත් අයදුම්පත්‍රය සමග ඉදිරිපත් කළ යුතුයි.

  1. ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතිකය
  1. අදාල කර්මාන්තය/ නියමිත කටයුත්ත සඳහා ඉඩම භාවිතා කිරීම සඳහා වන නෛතික අවසරය (ඔප්පුවෙහි පිටපත, බදු ගිවිසුමෙහි පිටපත ආදී වශයෙන්.)
  1. භූමියේ තක්සේරු  සටහන්
  1. විශේෂිත නිෂ්පාදන සඳහා අවශ්‍ය කරන නිෂ්පාදන සහතිකය (ඉස්කාගාර නිෂ්පාදන, ඖෂධීය නිෂ්පාදන, කෘමිනාශක ද්‍රව්‍ය නිෂ්පාදන ආදිය)

  2. පරිසර දූෂණය අවම කිරීම සඳහා වන නිර්දේශ

  3. අධිකාරිය මගින් ඉදිරිපත් කරන ලෙස දන්වා සිටිනු ලබන වෙනත් යම් ලේඛනයක් හෝ විස්තරයක්

  • 2 පියවර : අයදුම්පත පූර්ව පරීක්ෂාවට ලක් කිරීම

පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා දීමට ඇති අවශ්‍යතාව, අයදුම්පතෙහි දක්වා ඇති තොරතුරු වල ඇති නිරවද්‍යතාව සහ අයකළ යුතු පරීක්ෂණ ගාස්තුව තීරණය කිරීම සඳහා අදාල  පළාත් පාලන ආයතනය මගින් අයදුම්පත පූර්ව පරීක්ෂාවට ලක් කරනු ලැබේ.

  • 3 පියවර : අයකළ යුතු පරීක්ෂණ ගාස්තුව තීරණය කිරීම

- කර්මාන්තහිමියා විසින් සපයා ඇති තොරතුරු මත පදනම්ව අදාල පළාත් පාලන ආයතනය  මගින් අයකළ යුතු පරීක්ෂණ ගාස්තුව තීරණය කර එම කර්මාන්තහිමියා වෙත ලිපියකින් දන්වනු ලැබේ.

- එසේ නියම කරනු ලබන ගාස්තුව, කර්මාන්තහිමියා විසින් එම පළාත් පාලන ආයතනය  වෙත ගෙවා ලදු පතක් ලබා ගත යුතුයි.

- එම ලදු පත ඉදිරිපත් කළ පසු 4 පියවර වෙත යොමු කෙරේ.

  • 4 පියවර : ක්ෂේත්‍ර පරීක්ෂාව

කර්මාන්තය සම්බන්ධයෙන් අයදුම්පතෙහි සපයා ඇති තොරතුරු පරීක්ෂා කිරීමටත් පරිසර දූෂණය පාලනය කර ගනිමින් එවැනි කර්මාන්තයක් පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීමටත් නිලධාරීන් කණ්ඩායමක් විසින් ක්ෂේත්‍ර පරීක්ෂාවක් සිදු කරනු ලැබේ.

  • 5 පියවර : නිර්දේශ සහිත පරීක්ෂණ වාර්තාව

- කර්මාන්තය සම්බන්ධයෙන් සිදු කළ ක්ෂේත්‍ර පරීක්ෂා තොරතුරු, අයදුම්කරු විසින් සපයා ඇති තාක්ෂණික වාර්තා සහ සමාජයීය කරුණු මත පදනම්ව පරීක්ෂණ කණ්ඩායම විසින් ඔවුන්ගේ නිර්දේශ ඇතුළත් ක්ෂේත්‍ර පරීක්ෂණ වාර්තාව සම්පාදනය කරනු ලැබේ. පසුව එම වාර්තාව තාක්ෂණික ඇගැයීම් කමිටුව වෙත යොමු කරනු ලැබේ.

- මෙම තාක්ෂණික කමිටුව, පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අදාල පළාත් පාලන ආයතනය  වෙත උපදෙස් ලබා දීම සඳහා එම කාර්යාලයෙන්ම පත් කරන ලද ස්වාධීන ඇගැයීම් කමිටුවකි. මෙහි ලේකම් ධූරය, මධ්‍යම පරිසර අධිකාරිය  විසින් අදාල  පළාත් පාලන ආයතනය වෙත පත් කරන ලද ප්‍රාදේශීය පරිසර නිලධාරියා විසින් හොබවනු ලැබේ.

  • 6 පියවර : තාක්ෂණික ඇගැයීම් කමිටුව

- පරීක්ෂණ කණ්ඩායම විසින් යොමු කරන ලද  පරීක්ෂණ වාර්තාව සහ අදාල කර්මාන්තය හා සම්බන්ධ ලිපි ලේඛනආදිය මත පදනම්ව තාක්ෂණික ඇගැයීම් කමිටුව විසින් ඔවුන්ගේ නිර්දේශ ඉදිරිපත් කරනු ලැබේ.

- ඇතැම් විටෙක තාක්ෂණික ඇගැයීම් කමිටුව විසින්ම ක්ෂේත්‍ර පරීක්ෂාවක් සිදු කිරීමට තාක්ෂණික ඇගැයීම් කමිටුව නිර්දේශ කිරීමට ඉඩ ඇත. තාක්ෂණික ඇගැයීම් කමිටු වාර්තාව මත පදනම්ව ඉදිරි පියවර ගැනීම සිදු කරනු ලැබේ.

- තාක්ෂණික ඇගැයීම් කමිටුව මගින් පරිසර දූෂණය සිදුවීම පාලනය කිරීම සඳහා තව දුරටත් අමතර යෝජනා ඉදිරිපත් කළ යුතු බව නිර්දේශ කර තිබේ නම් එවැනි යෝජනා ඉදිරිපත් කරන ලෙස අයදුම්කරුට ලිඛිතව දන්වනු ලැබේ. දෙවනුව ඉදිරිපත් කෙරෙන නිර්දේශ මත අයදුම්පත 7 පියවර වෙත යොමු කිරීම තීරණය වේ.

- බලපත්‍රයක් ලබා දීම ප්‍රතික්ෂේප කිරීමට තාක්ෂණික ඇගැයීම් කමිටුව මගින් නිර්දේශ කර තිබේ නම් ඒ බව අයදුම්කරුට ලිඛිතව දන්වනු ලැබේ.

- යම් පළාත් පාලන ආයතනයකින් අයදුම්කරුවෙකුට බලපත්‍රයක් ලබා දීම ප්‍රතික්ෂේප කිරීමට විරුද්ධව ජාතික පරිසර පනතට අනුව, එම අයදුම්කරුට/අයදුම්කාරියට පරිසර විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය. එම අභියාචනය, අදාල බලපත්‍රය ලබා දීම ප්‍රතික්ෂේප කර දන්වා එවනු ලැබූ දින සිට දින තිහක (30) කාලයක් ඇතුළත ඉදිරිපත් කළ යුතුය.

  • 7 පියවර : පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා දීම අනුමත කිරීම

අදාල පළාත් පාලන ආයතනයෙහි බලයලත් නිලධාරියා විසින් තාක්ෂණික ඇගැයීම් කමිටුවේත් පරීක්ෂණ කණ්ඩායමේත් නිර්දේශ මත පදනම්ව පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා දීම අනුමත කරනු ලැබේ.

  • 8 පියවර : බලපත්‍ර ගාස්තු

- අනුමැතිය ලැබුණු පසු පරිසර ආරක්ෂණ බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා අදාල පළාත් පාලන ආයතනය  වෙත බලපත්‍ර ගාස්තු ගෙවන ලෙස කර්මාන්තහිමියාහට දන්වනු ලැබේ.

  1. ඈ- ලේඛනයේ දක්වා ඇති කර්මාන්ත කටයුතු සඳහා එක් බලපත්‍රයකට රුපියල් 4500/= (තෙවර්ෂයක කාලයක් සඳහා පමණි)
  • 9 පියවර - පරිසර ආරක්ෂණ බලපත්‍රයක් නිකුත් කිරීම

බලපත්‍ර ගාස්තු ගෙවනු ලැබූ පසු බලයලත් නිලධාරියෙකුගේ අත්සන සහිතව පරිසර ආරක්ෂණ බලපත්‍රය තෙවර්ෂයක කාලයක් සඳහා නිකුත් කරනු ලැබේ.

පරිසර ආරක්ෂණ බලපත්‍රය අලුත් කරවා ගැනීම

අ,ආ සහ ඇ ලේඛන යටතේ වර්ගීකරණය කරන ලද කර්මාන්ත ක්‍රියාකාරකම් සඳහා වන පරිසර ආරක්ෂණ බලපත්‍රය අලුත් කිරීමේ ක්‍රියාවලිය

පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගැනීමට නියමිත යම් ක්‍රියාකාරකමක්   සඳහා තනි අයදුම්පතක් බැගින් පරිසර ආරක්ෂණ බලපත්‍රය අලුත් කරවා ගැනීමේ අයදුම්පත් ඉදිරිපත් කළ යුතුයි.

  1. පරිසර ආරක්ෂණ බලපත්‍රය අවලංගු වන දිනයට මාස 03කට පෙර
  2. සැපයූ තොරතුරු වල යම් වෙනස්කමක්, දීර්ඝ කිරීමක් හෝ ක්‍රියාකාරීත්වයේ යම් වෙනසක් සිදු කර  මාසයක් ඉකුත් වීමට පෙර
  • 1 පියවර :අයදුම් කිරීම

- පරිසර ආරක්ෂණ බලපත්‍ර අලුත් කිරීමේ අයදුම්පත 2008.02.01 දිනැති අංක 1534/18 දරණ ගැසට් නිවේදනයේ ප්‍රකාශයට පත් කර ඇත.

- අයදුම්පත, මධ්‍යම පරිසර අධිකාරියෙහි ප්‍රධාන කාර්යාලය  සහ පළාත් හා දිස්ත්‍රික් කාර්යාල  වෙතින් ද ලබා ගත හැකිය.

- මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවියෙන් (www.cea.lk) අයදුම්පත බා-ගැනීම ද සිදු කළ හැකිය.

  • 2 පියවර : ක්ෂේත්‍ර පරීක්ෂාව
  1. කර්මාන්තය/ නියමිත කටයුත්ත සඳහා පෙර ලබා දුන් පරිසර ආරක්ෂණ බලපත්‍රයේ සඳහන් කොන්දේසි උල්ලංඝණය කර තිබේදැයි විමර්ශනය කිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ක්ෂේත්‍ර පරීක්ෂාවක් සිදු කරනු ලැබේ.
  2. පරිසර ආරක්ෂණ බලපත්‍රයේ සඳහන් කොන්දේසි උල්ලංඝණය කර ඇති බවක් නිරීක්ෂණය වුවහොත් අයදුම්කරු/කර්මාන්තහිමියා හට පරිසර දූෂණය පාලනය කිරිම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස දන්වනු ලැබේ.
  • 3 පියවර - පරිසර ආරක්ෂණ බලපත්‍ර අලුත් කරවා ගැනීම සඳහා බලපත් ගාස්තු

- බලපත්‍ර අලුත් කරවා ගැනිම සඳහා ගෙවිය යුතු ගාස්තුව ප්‍රථමයෙන් බලපත්‍රය ලබා ගැනීම සඳහා වූ ගාස්තු ප්‍රමාණය ම අදාල වේ. තව ද, වලංගුතා කාලය අදාල බලපත්‍රයේ දක්වා ඇත.

- බලපත් ගාස්තු ගෙවීමෙන් පසු පරිසර ආරක්ෂණ බලපත්‍රය නිකුත් කිරීම පිළිබඳව සලකා බලනු ලැබේ.

(ආ) ඇ- ලේඛනය යටතේ වර්ගීකරණය කරන ලද කර්මාන්ත ක්‍රියාකාරකම් සඳහා වන පරිසර ආරක්ෂණ බලපත්‍රය අලුත් කිරීමේ ක්‍රියාවලිය

පළාත් පාලන ආයතනයකින් නිකුත් කරන ලද පරිසර ආරක්ෂණ බලපත්‍රයක් අලුත් කරවීමේ හැකියාවක් මධ්‍යම පරිසර අධිකාරියට නොමැත. ඒ සඳහා එම කර්මාන්තහිමියා විසින් අදාල පළාත් පාලන ආයතනයට අයදුම් කළ යුතු වේ.

කර්මාන්ත/ නියමිත කටයුතු සඳහා වන පසු විපරම් කටයුතු සිදු කිරීමට අදාල ප්‍රධාන අරමුණු පහත පරිදි වේ.

පසුවිපරම් කටයුතු සිදු කිරීමට අදාල ප්‍රධාන අරමුණු පහත සඳහන් පරිදි වේ.

  1. කර්මාන්තය/ ව්‍යාපාරය තුළ ස්ථාපනය කර ඇති පරිසර දූෂණය පාලනය කිරීමේ කටයුතු/ ක්‍රමවේදය මනාව සිදුවන්නේදැයි පරීක්ෂා කිරීම

  2. අදාල කර්මාන්තය/ ව්‍යාපාරය, පරිසර ආරක්ෂණ බලපත්‍රයේ සඳහන් කොන්දේසි වලට අනුගතව කටයුතු කරන්නේදැයි  පරීක්ෂා කිරීම

  3. කර්මාන්ත ක්‍රියාවලියෙහි යම් වෙනසක්, වැඩි දියුණු කිරීමක්හෝ නවීකරණයක් සිදුවී තිබේදැයි පරීක්ෂා කිරීම

විමර්ශන කටයුතු සිදු කිරීම පහත ආකාරයට සිදු කරනු ලැබේ.

  1. කර්මාන්ත/ නියමිත කටයුතු, නියමිත කාල පරාසයන්හි දී පරීක්ෂාවට ලක් කිරීම
  1. යම් කර්මාන්ත ක්‍රියාවලියක් මගින් අනුගමනය කරන පරිසර දූෂණය පාලනය කිරීමේ ක්‍රියාදාමයෙහි කාර්යක්ෂමතාව සහ එයින් ලබා ගන්නා අප-ජලයෙහි තත්ත්ව විශ්ලේෂණ වාර්තා , ශබ්ද/කම්පන මිනුම් වාර්තා ආදිය පරීක්ෂාවට ලක් කිරීම

මෙම කටයුතු සඳහා අනුමත රසායනාගාරයක් මගින් නියමිත කාල පරාසයන් තුළ දී අදාල වාර්තා ලබා ගැනීමට කටයුතු කරන ලෙස කර්මාන්ත/ නියමිත කටයුතු හිමිකරුට උපදෙස් ලබා දෙනු ලැබේ. එසේම එම උපදෙස් පරිසර ආරක්ෂණ බලපත්‍රයේ ද දක්වා තිබේ.

කර්මාන්ත/ නියමිත කටයුතු වලට විරුද්ධව නීතිමය පියවර ගැනීමේ ක්‍රියාවලිය

ජාතික පරිසර පනතෙහි IV-අකොටසේ දැක්වෙන පරිදි නීතිමය කටයුතු ආරම්භ කිරීම පහත දැක්වෙන අවස්ථා වල දී  සිදු කෙරේ.

  1. පරිසර ආරක්ෂණ බලපත්‍රයේ සඳහන් වගන්ති, කොන්දේසි හෝ ප්‍රමිතීන් යම් කිසි කර්මාන්ත ක්‍රියාවලියකින්/ නියමිත කටයුත්තක් මගින් උල්ලංඝණය කෙරෙන අවස්ථාවක දී
  1. පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගත යුතු කර්මාන්තයක්/නියමිත කටයුත්තක් එම බලපත්‍රය ලබා නොගත් අවස්ථාවක දී
  1. "අ" "ආ" "ඇ" "ඈ" ලෙස වර්ගීකරණයට ලක් කෙරුණු කර්මාන්තයක් විසින් අපද්‍රව්‍ය නිසි ප්‍රමිතීන්ගෙන් තොරව පරිසරයට බැහැර කරන අවස්ථාවක දී

කර්මාන්තහිමියා විසින් දිගින් දිගටම පරිසර ආරක්ෂණ කොන්දේසි උල්ලංඝණය කරනු ලබන්නේ නම් නීතිමය පියවර ගනු ලැබේ.

නීතිමය ක්‍රියාමාර්ග වල දී පහත දැක්වෙන නඩු නිමිත්ත කෙරෙහි අවධානය යොමු කෙරේ.

  1. පරිසර ආරක්ෂණ බලපත්‍රය අවලංගු කිරිම/ තාවකාලිකව අත්හිටුවීම

  2. පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබා ගැනීමට යොමු කර ඇති අයදුම්පත ප්‍රතික්ෂේප කිරීම

  3. පරිසර අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කෙරෙන අභියාචනා විභාග කිරීම

  4. නීතිමය දැනුම්දීම් සිදු කිරිම

  5. නීතිමය කටයුතු වලට යොමු වීම

පාරිසරික බලපෑම් ඇගැයීම

ව්‍යාපෘතිය ආරම්භක අවස්ථාවන්හි දී ම පාරිසරික ගැටළු හඳුනා ගැනීම හා නිරාකරණය කිරීම.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය සමග පරිසරය සුරැකීමේ කටයුතු ඒකාබද්ධ කිරීමේ දී පාරිසරික බලපෑම් ඇගයීම ඵලදායී කාර්යයක් ලෙස වැදගත් ස්ථානයක් හිමි කර ගෙන ඇත. පාරිසරික බලපෑම් ඇගයීම මගින් යම් සංවර්ධන ව්‍යාපෘතියකින් පරිසරය මත ඇති කෙරෙන බලපෑම එහි මූලික අවස්ථාවේ දී ම හඳුනාගැනේ. එමගින් ව්‍යාපෘතියෙන් ඇති විය හැකි අහිතකර බලපෑම් අවම කර ගැනීමටත් ස්වාභාවික පරිසරයට ගැලපෙන පරිදි අදාල ව්‍යාපෘතිය සකස් කිරීමටත් අවස්ථාව සැලසේ. පාරිසරික බලපෑම් ඇගයීම මගින් නිලධාරීන්ට ව්‍යාපෘතීන් සම්බන්ධ තීරණ ගැනිමේ අවස්ථාව සලසා දෙනු ලබන අතර, එමගින් ව්‍යාපෘතියේ පරමාර්ථ වඩාත් සාර්ථකව සාධනය කර ගැනීමට අවස්ථාව ලැබේ. එමනිසා, පාරිසරික බලපෑම් ඇගයීම, සැලසුම්කරණයේ ත් අඛණ්ඩ සංවර්ධනයේ ත් මූලික කාර්යයක් ලෙස හැඳින්විය හැකිය.

ජාතික පරිසර පනත සහ තවත් අණපනත් කිහිපයක් යටතේ පාරිසරික බලපෑම් ඇගයීම ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා අත්‍යාවශ්‍ය අංගයක් බවට පත් කර තිබේ.

 

ස්ථානගත කිරීමට යෝජිත කර්මාන්ත/ නියමිත කටයුතු සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙහි පාරිසරික නිර්දේශය ලබා ගැනීම

පාරිසරික නිර්දේශය ලබා ගැනීම, පරිසර බලපෑම් ඇගැයීමේ නියෝග/ රෙගුලාසි වලට අයත් නොවන කර්මාන්ත/ නියමිත කටයුතු ස්ථානගත කිරීමේ දී අදාල ස්ථානයෙහි යෝග්‍යතාව පිළිබඳව නිවැරැදි ඇගැයිමක් සිදු කරන ඉතා  වැදගත් ක්‍රියාදාමයකි.

ජාතික පාරිසරික පනතෙහි IV ඇ කොටස මගින් අනුමත කරන ලද කර්මාන්ත පුර වලට පරිබාහිරව පිහිටුවීම ට යෝජිත සියලුම කර්මාන්ත කටයුතු වල දී එම කටයුතු, නිෂ්පාදන ආරම්භ කරන ක්‍රියාකාරී අවස්ථාවට පැමිණීමට ප්‍රථමයෙන් අපජල පිරිපහදු පද්ධති වැනි පාරිසරික යටිතල පහසුකම් වලින් සමන්විත විම අවශ්‍ය වේ. එලෙසම, එම පහසුකම් නිසි ලෙස භාවිතා කිරීම ද වැදගත් වේ.

එබැවින් පාරිසරික බලපෑම් ඇගැයීමක් සිදු කිරීමට අවශ්‍ය නොවන ස්ථානගත කිරීමට යෝජිත සියලුම කර්මාන්ත, විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත එලෙස ස්ථානගත කිරීමට ප්‍රථමයෙන් මධ්‍යම පරිසර අධිකාරියෙන් පාරිසරික නිර්දේශය ලබා ගන්නා ලෙස උපදෙස් දෙනු ලැබේ.

කර්මාන්තය පිහිටුවීමට අදාල භූමියෙහි සුදුසු බව පරීක්ෂා කිරීමේ දී යෝජිත භූමිය අයත් වන ප්‍රදේශයේ පළාත් පාලන ආයතනයෙහි කලාප සැලසුම, අවට ඉඩම් වල භාවිතය, ආරක්ෂණ කලාපයක් සඳහා යොදා ගත හැකි භූමියෙහි ප්‍රමාණය, අමතර අපද්‍රව්‍ය ප්‍රමාණයක් දරා ගැනීමට ප්‍රදේශයට ඇති හැකියාව සහ අපද්‍රව්‍ය බැහැර කිරීමේ අවශ්‍යතාව යන කරුණු කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරේ.

යම්කිසි ස්ථානගත කිරීමට යෝජිත කර්මාන්තයක්/ නියමිත කටයුත්තක්, එය ස්ථානගත කිරීමට ප්‍රථමයෙන්, එමගින් සිදු විය හැකි පරිසර දූෂණය, බලපෑම අවම කිරීමට / වළක්වාලීමට අවශ්‍ය ක්‍රමෝපායයන් හඳුන්වා දීම යනා දී කරුණු මෙම පාරිසරික නිර්දේශය ලබා දීමෙ හි ප්‍රධාන අරමුණු වේ.

පරිසර ආරක්ෂණ බලපත්‍රය නිකුත් කරනු ලබන්නේ මධ්‍යම පරිසර අධිකාරිය මගින් ස්ථාපනය කරන ලද ප්‍රමිතීන්ට අනුගතව පරිසර දූෂණය අවම කිරීමට දායක වන , නියමිත පරිදි අපද්‍රව්‍ය පරිසරයට බැහැර කරන හෝ නියමිත පරිදි ශබ්ද හෝ වායු විමෝචනය කරන කර්මාන්ත වෙතයි. නමුත් නියමිත ප්‍රමිතීන්ට අනුගත වීම ට ඇතැම් කර්මාන්තහිමියන් අපොහොසත්වන බව පෙනේ. එලෙස සිදු වන්නේ ආරම්භයේ දී පරිසර දූෂණය නතර කිරිමේ හෝ අවම කිරීමේ සුදුසු පියවර  නොගෙන අපිළිවෙලින් කර්මාන්ත ගොඩනැගීම හේතුවෙනි.

මෙවැනි ගැටළු මගහරවා ගැනීමටත්, සිදුවිය හැකි පරිසර දූෂණය පාලනය කිරීමටත් මූලික අවස්ථාවල දීම, මධ්‍යම පරිසර අධිකාරිය මගින් පාරිසරික නිර්දේශ නිකුත් කරනු ලැබේ. මෙයින් මධ්‍යම පරිසර අධිකාරියට මෙන්ම කර්මාන්තහිමියනට ද විවිධ වූ ප්‍රතිලාභ හිමි වේ. මුල් අවස්ථාවේ දී ම සිදුවිය හැකි පරිසර දූෂණය පාලනය කිරීමට හැකි වීම මධ්‍යම පරිසර අධිකාරිය ලබන ප්‍රතිලාභයක් වන අතර, කර්මාන්තහිමියනට ද අදාල පාරිසරික නිර්දේශ අනුගමනය කිරීම මගින් එම ප්‍රතිලාභය ම ලබා ගත හැකි වේ.



පාරිසරික නිර්දේශ ලබා ගැනීමේ ක්‍රියාවලිය

    1. මධ්‍යම පරිසර අධිකාරියෙහි ප්‍රධාන කාර්යාලයෙන්  හෝ මධ්‍යම පරිසර අධිකාරියේ පළාත් කාර්යාලයකින් හෝ දිස්ත්‍රික් කාර්යාලයකින් අදාල අයදුම්පත ලබා ගැනීම(www.cea.lk)

    2. සම්පූර්ණ කරන ලද අයදුම්පත අවශ්‍ය අනෙකුත් ලිපි ලේඛන සමග (වැඩබිම සඳහා වන මිනින්දෝරු සැලසුම් , ගොඩනැගිලි සඳහා වන සැලසුම් ඇතොත් එම සැලසුම්, යෝජිත ස්ථානයට ආසන්නතම නගරයේ සිට එම ස්ථානයට ළඟා වීමට ඇති කෙටිම මාර්ගය) මධ්‍යම පරිසර අධිකාරිය වෙත ඉදිරිපත් කිරීම

    3. අයදුම්පත් සම්පූර්ණ කර තිබේ නම් සහ අවශ්‍ය ලිපි ලේඛන ඉදිරිපත් කර තිබේ නම් පරීක්ෂණ ගාස්තු ගෙවන ලෙස අයදුම්කරු හට ලිඛිතව දන්වනු ලැබේ. දැනට අවම ගාස්තුව රුපියල් 3360/-ක් වන අතර උපරිම ගාස්තුව රුපියල් 11200/-කි. (රජයේ අනුමත බදු ඇතුළත්ව)

    4. පරීක්ෂණ ගාස්තු ගෙවීමෙන් පසු මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ක්ෂේත්‍ර පරීක්ෂාවක් සිදු කෙරේ.

යෝජිත ස්ථානයෙහි යෝග්‍යතාව ක්ෂේත්‍ර පරීක්ෂාවෙන් නිර්දේශ කෙරෙන්නේ නම්, පරිසර දූෂණය අවම කර ගැනීමට අනුගමනය කළ යුතු කොන්දේසි සහිතව පාරිසරික නිර්දේශය අදාල පළාත් පාලන ආයතනයෙහි ප්‍රධානියා වෙත නිකුත් කෙරෙනු ලැබේ. අදාල අයදුම්කරුට ද යෝජිත කර්මාන්තය/ නියමිත කටයුත්ත සඳහා සම්බන්ධ වන වෙනත්  ආයතන හෝ සංවිධාන ඇත්නම් එම ආයතන වෙත ද මෙම නිර්දේශයේ පිටපත් යොමු කරනු ලැබේ.

තොරතුරු සේවා

පුස්තකාල සේවා, පරිසරය සම්බන්ධ පනත් සහ රෙගුලාසි, භූගෝලීය (GIS) තොරතුරු

විමසීම් සේවය

මහජනයා උ‍දෙසා තොරතුරු සැපයීමේ විමසීම් සේවා‍වක් පවත්වාගෙන යන අතර, දුරකථන, ලිපි මගින් හෝ පුද්ගලිකව කරන විමසීම් වලදී පුස්තකාලය සතු ග්‍රන්ථ හා මූලාශ්‍ර උපයෝගීකොට ගෙන පාරිසරික තොරතුරු සැපයීම සිදුකරනු ලැබේ.

විමර්ශන සේවය

තොරතුරු මූලාශ්‍ර පරිහරණය කිරීම සඳහා මෙම මධ්‍යස්ථානය කාර්යාලීය වේලාවන් තුළ විවෘතව ඇති අතර,( අවශ්‍ය අවස්ථාවන්හීදී ) ඡායා පිටපත් ලබා ගැනීමේ පහසුකම් ද සලසාදෙනු ලැබේ.

තත්කාලීන තොරතුරු සේවය

මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යමණ්ඩලයට එකිනෙකාගේ විෂය ක්ෂේත්‍ර අනුව දැනුම ලබාදීම, යාවත්කාලීන කිරීම, විද්‍යුත් තැපෑල මගින් හා ප්‍රායෝගිකව සිදුකරන අතර, මේ සඳහා පටුන පිටු සේවය, නව ග්‍රන්ථ නිකුත් කීරීමේ හා පුවත්පත්/සඟරා අනුක්‍රමණිකා සේවය යොදාගනී.

මාර්ගගත ප්‍රවේශ සේවය

පුස්තකාල සුචිය පරිගණකගත කර පාඨක විමර්ශන සේවය සඳහා පහසුකම් සපයා ඇත. පරිසර පුවත්පත් හා සඟරා අනුක්‍රමණිකා දත්ත පදනම මගින්, කර්තෘ, ලිපි ශීර්ෂ, වර්ෂය හා දින, අනුව තමන්ට අවශ්‍ය තොරතුරු ක්ෂණිකව ලබාගත හැක.

අන්තර්ජාල භාවිතය

තොරතුරු මධ්‍යස්ථානයේ දත්ත පදනම් අන්තර්ජාලය ඔස්සේ භාවිතා කිරීමේ පහසුකම් එහි සමාජිකයන්හට ලබා දී ඇත.

විශේෂ මූලාශ්‍ර එකතු

පහත දක්වා ඇති පුස්තකාල ද්‍රව්‍ය එකතුව ද විශේෂ මුලාශ්‍ර වශයෙන් තොරතුරු ගවේෂණය සඳහා භාවිතා වේ.

සේවා කාලය
මහජනතාව සඳහා මධ්‍යස්ථානය සතියේ දින වල පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 දක්වා විවෘතව ඇත.

  • ටී.එම්. සී හංසමාලි මිය,
    පුස්ථකාලාධිපති,
    ජාතික පාරිසරික තොරතුරු මධ්‍යස්ථානය,
    මධ්‍යම පරිසර අධිකාරිය,
    අංක 104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
    “පරිසර පියස”,
    බත්තරමුල්ල,
    ශ්‍රී ලංකාව

  • දුරකථන: 094112876642

  • ඊ මේල් :  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

රසායනාගාර සේවා

ජලයේ තත්ත්ව පරීක්ෂාව, වා-සංයුති තත්ත්ව පරීක්ෂාව, ශබ්ද සහ කම්පන මිනුම් විශේෂඥයින් වෙතින් ලබා ගන්න.

වා-සංයුති, ශබ්ද සහ කම්පන උපදේශක අංශය වෙතින් සැලසෙන සේවා. වාණිජමය වශයෙන් වා-සංයුති, ශබ්ද සහ කම්පන සඳහා පරීක්ෂණ පැවැත්වීමේ පහසුකම් ඇත. වැඩි විස්තර සඳහා අමතන්න.

  • රසායනාගාර සේවා අධ්‍යක්ෂ
දුරකථන අංකය : 0117877281
විද්‍යුත් තැපැල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
  • රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ
දුරකථන අංකය : 0117877282
විද්‍යුත් තැපැල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ජලයේ තත්ත්ව පරීක්ෂා මිනුම්

මධ්‍යම පරිසර අධිකාරියේ රසායනාගාරය පහත දක්වා ඇති අයුරින් ජලය/අපජලය පරීක්ෂා කිරීම සඳහා ගාස්තු අය කිරීම සිදු කෙරේ.

පරාමිතිය

ගාස්තුව(රු.)

පරාමිතිය

ගාස්තුව(රු.)

උපරිම වශයෙන් පැය 6ක් දක්වා සංයුක්ත ජල සාම්පල රැස් කිරීම සඳහා

පැයකට 600/-

ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම - මැනෝමෙට්‍රික් ක්‍රමය

550

පැයකට ගැලීම් වේගය

 

ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම- වින්ක්ලර් ක්‍රමය

700

පැය 6ට අඩු කාලයක් තුළ සංයුක්ත ජල සාම්පල රැස් කිරීම සඳහා

පැයකට 800/-

තෙල් සහ ග්‍රීස් ප්‍රමාණය

1000

   

ඇමෝනියා ප්‍රමාණය

500

ජලයේ උෂ්ණත්වය/ පීඑච් අගය/ විද්‍යුත් සන්නායකතාව/ ලවණ ප්‍රමාණය/ ආම්ලතාවය

400

නයිට්‍රේට් (වර්ණමිතික ක්‍රමය)

500

මුළු ඝන ද්‍රව්‍ය ප්‍රමාණය

600

නයිට්‍රයිට් වර්ණමිතික ක්‍රමය

350

සියළුම අවලම්භිත ඝන ද්‍රව්‍ය ප්‍රමාණය

400

මුළු ජෙල්ඩාල් නයිට්‍රජන් ප්‍රමාණය

500

දිය වී ඇති ඝන ද්‍රව්‍ය ප්‍රමාණය

400

ෆොස්ෆේට් (වර්ණමිතික ක්‍රමය)

500

සියළුම දිය වී ඇති ඝන ද්‍රව්‍ය ප්‍රමාණය

400

ක්ලෝරයිඩ් අයඩොමිතික අනුමාපක ක්‍රමය

350

ජලයේ දිය වී ඇති ඔක්සිජන් ප්‍රමාණය

250

බයිකාබනේට්

250

සල්ෆයිඩ්

450

දෘඩතා අයඩොමිතික අනුමාපක  ක්‍රමය

300

සල්ෆේට් භාරමිතික ක්‍රමය

450

මැග්නීසියම්

250

අවශේෂ ක්ලෝරීන් ප්‍රමාණය

300

කැල්සියම්

250

ජලයේ දිය වී ඇති ඔක්සිජන් ප්‍රමාණය

250

මුළු කෝලියාකාර බැක්ටීරියා ප්‍රමාණය

500

රසායනික ඔක්සිජන් ඉල්ලුම

700

මළ කෝලියාකාර බැක්ටීරියා ප්‍රමාණය

500

    බැර ලෝහ 900 සිට 1250

ඉහත දක්වා ඇති ගාස්තු වලට අමතරව විශ්ලේෂණ වියදම් වලින් 15%ක කාර්යාලයීය වියදම් ගාස්තු, ප්‍රවාහන වියදම් සහ රජයේ අනුමත බදු (2% NBT සහ 12% VAT) එකතු කරනු ලැබේ

උපලේඛනගත අපද්‍රව්‍ය කළමනාකරණ බලපත්‍ර ලබා දීම.

2008.02.01 දිනැති අංක 1534/18 දරණ අති විශේෂ ගැසට් නිවේදනය යටතේ උපද්‍රවකාරී අපද්‍රව්‍ය, උපලේඛනගත අපද්‍රව්‍ය ලෙස නම් කර දක්වා තිබේ.

2008 අංක 1 දරණ ජාතික පාරිසරික (ආරක්ෂණ හා තත්ත්ව) රෙගුලාසි වල II කොටස යටතේ VIIIවන උපලේඛනයේ දක්වා ඇති පරිදි උපලේඛනගත අපද්‍රව්‍ය භාවිතයේ නියුතු (උත්පාදනය, එක්රැස් කිරීම, ප්‍රවාහනය කිරිම, ගබඩා කිරීම, නිෂ්කර්ෂණය හෝ ප්‍රතිචක්‍රීකරණය සහ එම අපද්‍රව්‍ය බැහැර කිරීම හෝ බැහැර කිරීම සඳහා භූමියක් හෝ පහසුකමක් සැපයීම) සියළුම පුද්ගලයින් මධ්‍යම පරිසර අධිකාරියෙන් ඒ සඳහා බලපත්‍රයක් ලබා ගත යුතුයි.

උපලේඛනගත අපද්‍රව්‍ය කළමනාකරණ බලපත්‍ර ලබා දීමේ ක්‍රියාවලිය

  • 1 පියවර : උපලේඛනගත අපද්‍රව්‍ය කළමනාකරණ බලපත්‍ර අයදුම්පත සම්පූර්ණ කර පහත දක්වා ඇති උපකාරක ලිපි ලේඛන සමග ඉදිරිපත් කිරීම
  1. ව්‍යාපාර නාම ලියාපදිංචි ලේඛනය
  2. කර්මාන්තායතන භූමියේ සැලැස්ම
  3. අපද්‍රව්‍ය කළමනාකරණ සැලසුම සහ ආශ්‍රිත ලිපි ලේඛන
  4. කර්මාන්තායතනයට පැමිණෙන දල මාර්ග සිතියම
  5. කර්මාන්තය/ නියමිත කටයුත්ත ආශ්‍රිත අනෙකුත් අනුමැතින් සහ ලිපි ලේඛන
  • 2 පියවර : පරීක්ෂණ ගාස්තු ගෙවීම

ප්‍රථම පරීක්ෂණ කටයුතු සඳහා පමණක් පරීක්ෂණ ගාස්තු අය කරනු ලැබේ.
මධ්‍යම පරිසර අධිකාරිය වෙතින් පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගෙන ඇති කර්මාන්ත මෙම පරීක්ෂණ ගාස්තු ගෙවීමෙන් නිදහස් වේ.

  • 3 පියවර : ක්ෂේත්‍ර පරීක්ෂාව

මධ්‍යම පරිසර අධිකාරියේ අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ නිලධාරීන් විසින් ක්ෂේත්‍ර පරීක්ෂාව සිදු කරනු ලැබේ.

  • 4 පියවර : බලපත්‍ර නිකුත් කිරීම

උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණයට ගෙන ඇති පියවර සතුටුදායක නම්, බලපත්‍ර ගාස්තුව ගෙවීමෙන් පසු අදාල බලපත්‍රය නිකුත් කරනු ලැබේ.


බලපත්‍ර ගාස්තු :

උපද්‍රවකාරී අපද්‍රව්‍ය උත්පාදනය රු. 1 000.00
උපද්‍රවකාරී අපද්‍රව්‍ය එක්රැස් කිරීම රු. 1 000.00
උපද්‍රවකාරී අපද්‍රව්‍ය ගබඩා කිරීම රු. 10 000.00
උපද්‍රවකාරී අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම රු. 2 000.00
උපද්‍රවකාරී අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය රු. 5 000.00
උපද්‍රවකාරී අපද්‍රව්‍ය නිෂ්කර්ෂණය රු. 5 000.00
උපද්‍රවකාරී අපද්‍රව්‍ය බැහැර කිරීම රු. 100 000.00

පරිසරය සම්බන්ධ මහජන පැමිණිලි

මධ්‍යම පරිසර අධිකාරියට සම්බන්ධ මහජන පැමිණිලි

2008.01.25 දින අංක 1533/16 දරණ ගැසට් නිවේදනය යටතේ "අ" හා "ආ" ලෙස වර්ග කර ඇති කර්මාන්ත ක්‍රියාකාරකම් වලින් සිදුවන පරිසර දූෂණයන් හා සම්බන්ධ පැමිණිලි අප වෙත යොමු කළ යුතුයි. 1980 අංක 47 දරණ සංශෝධිත ජාතික පරිසර පනත යටතේ දක්වා නොමැති වෙනත් ක්‍රියාකාරකම් සම්බන්ධ පැමිණිලි විභාග කිරිමට මධ්‍යම පරිසර අධිකාරියට බලයක් නොමැති බව කරුණාවෙන් සලකන්න. පරිසර කළමනාකරණ කටයුතු සම්බන්ධ යම් පරිසර දූෂණයක් සිදුවන මුල් අවස්ථාවේදී ම ඒ පිළිබඳව, ඒ ප්‍රදේශයට අදාල මධ්‍යම පරිසර අධිකාරියේ පළාත් හෝ දිස්ත්‍රික් කාර්යාලයට දැනුම් දිය යුතුයි. ඔබ එවැන්නක් දැනුම් දුන් විට අදාල පැමිණිල්ල විභාග කර ගන්නා ලද ක්‍රියාමාර්ග පිළිබඳව ඔබව දැනුම්වත් කරනු ඇත.

පළාත් පාලන ආයතන මගින් විසඳාලිය හැකි ගැටළු මොනවා ද?

2008.01.25 දින අංක 1533/16 දරණ ගැසට් නිවේදනය යටතේ ඇ ලෙස කාණ්ඩ කර ඇති කර්මාන්ත ක්‍රියාකාරකම් වලින් සිදුවන පරිසර දූෂණයන් හා සම්බන්ධ පැමිණිලි විසඳීම සඳහා අවශ්‍ය බලතල පළාත් පාලන ආයතනවල ට (නගර සභා, මහ නගර සභා සහ ප්‍රාදේශීය සභා) ලබා දී තිබේ.

පළාත් පාලන ආයතන මගින් විසඳාලිය හැකි පරිසර දූෂණය සම්බන්ධ පැමිණිල්ලක් ඔබ විසින් ඉදිරිපත් කර ඇති අවස්ථාවක, අදාල පළාත් පාලන ආයතනය ඒ පිළිබඳව කටයුතු කිරීමට අපොහොසත් වන්නේ නම් සහ අදාල ගැටළුව තවමත් නොවිසඳී පවතින්නේ නම්, අදාල පළාත් පාලන  ආයතනයේ කොමසාරිස්වරයා හෝ සභාපතිවරයා වෙත එම ගැටළුව ඉදිරිපත් කළ යුතුය. මෙහි දී ගැටළුව සම්බන්ධ සියළු ලිපි ලේඛනත්, අදාල පළාත් පාලන ආයතනය හා ඔබ අතර ගනුදෙනු වූ සියළු ලිපි ලේඛනත් ඉදිරිපත් කළ යුතු වේ.

ඔබට උපකාර විය හැකි අනෙකුත් වගකිවයුතු ආයතන මොනවා ද?

 

පැමිණිල්ලේ ස්වභාවය

පැමිණිලි කළ යුතු/ වගකිවයුතු ආයතනය

01.

කැණීම් කටයුතු - වැලි ගොඩ දැමීම, ගල් කොරි පිපිරවීම, භූමිය කැපීම/කැණීම වැනි

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය

02.

සන්නිවේදක කුළුණු ස්ථාපනය කිරීම

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව

03.

භූමි අත්පත්කර ගැනීම්

ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව.

04.

වනජීවී හා වාසස්ථාන සංරක්ෂණය ආශ්‍රිත කරුණු

වනජීවී දෙපෙර්තමේන්තුව

05.

ආයෝජන මණ්ඩලය විසින් අනුමත කරන ලද කර්මාන්ත ආශ්‍රිත පැමිණිලි

ආයෝජන මණ්ඩලය

06

වෙරළ තීරය ආශ්‍රිත පැමිණිලි

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව

07.

කුඹුරු ඉඩම් ගොඩ කිරීම

ගොවිජන සංවර්ධන සේවා දෙපාර්තමේන්තුව

08.

නගර සභා කසළ බැහැර කිරීම

පළාත් පාලන ආයතන

ඔබගේ පැමිණිලි ලිඛිතව ඉදිරිපත් කරන්නේ  නම් වඩා සුදුසු වේ. දුරකථනයෙන් දැනුම් දෙනු ලබන ඕනෑම පැමිණිල්ලක්, අප විසින් සපයා ඇති පැමිණිලි ආකෘති ලේඛනය මගින් ලිඛිතව ඉදිරිපත් කිරීම වඩා සාර්ථක විමර්ශනයක් සිදු කිරීමට ඉඩ සලසයි.

නිර්නාමික පැමිණිලි පිළිබඳව අවධානය යොමු නොකරන බව කාරුණිකව සලකන්න. බොහෝ විට පැමිණිලිකරු පිළිබඳව සපයා ඇති තොරතුරු ප්‍රමාණවත් නොවන අසංවිධානාත්මක තොරතුරු වන අතර එය පැමිණිල්ල විමර්ශනය කිරීම අසීරු විමට හෝ විමර්ශනය නොකිරීමට හේතු වේ. තව ද පැමිණිලිකරු පිළිබඳව තොරතුරු සපයා නොමැති විට දී අපගේ විමර්ශන ප්‍රතිඵල ඔබට දැනුම් දීමට ද ක්‍රමවේදයක් නොමැති වේ.

කෙසේ වෙතත් ඔබගේ අනන්‍යතාව සඟවා තැබීම වැදගත් වන්නේ නම් එම තීරණය අප විසින් ගරු කොට සලකනු ලබන අතර, කිසිදු අවස්ථාවක එම තොරතුරු බාහිර සමාජයට එළදරවු කිරීම අප විසින් සිදු නොකෙරේ.

පර්යේෂණ හා සංවර්ධන අංශයේ සේවා

  1. සිතියම්, දත්ත හා තොරතුරු

 

  1. භූඅවකාශමය තොරතුරු පද්ධති සම්බන්ධ සේවා
  • GPS ලක්ෂ්‍ය ලබා ගැනීම
  • සිතියම් අංකනය කිරීම
  • සිතියම් රූපක ප්‍රස්තාරගත කිරීම හා මුද්‍රණය කිරීම (A0 ප්‍රමාණය දක්වා)
  • සිතියම් සකස් කිරීම
  • චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණය කිරීම
  • භූඅවකාශමය තොරතුරු පද්ධති හා දුරස්ථ සංවේදක දත්ත ගබඩා සංවර්ධනය කිරීම

* පාරිභෝගිකයාට අවශ්‍ය සේවාවේ විෂය ප්‍රමාණය අනුවත් ප්‍රතිදානය අවශ්‍ය කරන ආකාරය අනුවත් ඒ ඒ සේවාවන් සඳහා අය කරනු ලබන මුදල් ප්‍රමාණය වෙනස් වේ.

ඇමතුම් විස්තර :

  • අධ්‍යක්ෂක (පර්යේෂණ හා සංවර්ධන),
    එම්. ඒ.ඒ.එන්. හේමකුමාර මහතා,
    දුරකථන/ ෆැක්ස් අංකය- 0112867263
    විද්‍යුත් තැපැල්- This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Thursday, 23 March 2023 03:40 අවසන් වර ට යාවත්කාල කළ දිනය

hinq

ech1981ecnf

infoactsin

NEIC6

polys

bios

biodegsin

weerawilasin

 isoy

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
පාරිසරික පැමිණිලි මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවිය හරහා පාරිසරික පැමිණිලි... තවදුරටත් කියවන්න
New Year 2023 To mark the commencement of the New Year 2023, the... තවදුරටත් කියවන්න
Service Appreciation 2023 In conjunction with the celebrations of the New Year... තවදුරටත් කියවන්න
ජනාධිපති පරිසර නියමු පදක්කම් ප්‍රධානය - 2020/2021 ශ්‍රී ලාංකේය අනාගත පුරවැසියන් පරිසර හිතකාමීන් ලෙස සමාජගත... තවදුරටත් කියවන්න