Tamil-SriLankaEnglish (UK)

ඇතැම් රසායන ද්‍රව්‍ය සහ නිෂ්පාදන ආනයනය කිරීම සඳහා විරෝධතාවන් නොමැති බව සන්වා ලිපි නිකුත් කිරීම

 

පහත දක්වා ඇති ආයතන ඒ ඒ ද්‍රව්‍යයන් ආනයනය කිරීමෙහි වගකීම දරයි.

  1. සිළුම ශාක හෝර්මෝන සහ රසායනික පොහොර-අධ්‍යක්ෂ ජනරාල්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

  2. විෂබීජ නාශක සහ අනෙකුත් මදුරු නාශක ද්‍රව්‍ය -මධ්‍යම පරිසර අධිකාරිය

  3. මානව ශරීරය මත ආලේපනයන් සඳහා යොදා ගන්නා රසාවන ද්‍රව්‍ය (රූපලාවණ්‍ය)  - රූපලාවණ්‍ය සහ ඖෂධ පාලන අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යාංශය

  4. කර්මාන්ත රසායන ද්‍රව්‍ය-රාජ්‍ය වෙළෙඳ සංස්ථාව

  5. රසායනික අවි -රසායනික අවි අධිකාරිය

  6. පුරෝගාමී රසායනික ද්‍රව්‍ය-පුරෝගාමී රසායනික ද්‍රව්‍ය අධිකාරිය

  7. ගෘහාශ්‍රිත පලිබෝධනාශක-පලිබෝධනාශක පිළිබඳ රෙජිස්ට්‍රාර්

  8. ශාක සහ ආශ්‍රිත කොටස්-ශාක නිරෝධායතනය

විෂබීජ නාශක සහ අනෙකුත් මදුරු නාශක ද්‍රව්‍ය ඇතුළු ගෘහාශ්‍රිත කෘමීන් මර්දනය කිරිමේ ද්‍රව්‍ය ආනයනය කිරීම
අවශ්‍යතා

යම් කිසි ආනයනිත ද්‍රව්‍යයක් වෙත විරෝධතාවන් නොමැති බව සඳහන් ලිපියක් නිකුත් කිරීම සඳහා ආනයනිකයා විසින් පහත සඳහන් ලිපි ලේඛන ඉදිරිපත් කළ යුතු වේ.

  1. රසායනික නාමය, වෙළෙඳ නාමය, භාවිතා කිරීමට බලාපොරොත්තු වන ආකාරය, ප්‍රමාණය, ආනයනය කරන රට යනා දී සියළු විස්තර සඳහන් ආනයනිකයාගේ ඉල්ලීම් ලිපිය

  2. CUSDEC හෝ රාජකාරි කටයුතු සඳහා වන ඉන්වොයිසිය/ වෙළෙඳ ඉන්වොයිසිය/ නෞහාර බිල්පත

  3. ආනයනිත ද්‍රව්‍යයේ MSDS ලේඛනය

  4. මධ්‍යම පරිසර අධිකාරිය විසින් ඉල්ලා සිටිය හැකි අවශ්‍ය අනෙකුත් ලිපි ලේඛන (ආනයනික ද්‍රව්‍යයේ රසායනික සංයුතිය දැක්වෙන පරීක්ෂණ වාර්තා)

ස්ථානීය පරීක්ෂාව

අවශ්‍යතාවක් මතු වූ විටෙක මධ්‍යම පරිසර අධිකාරිය විසින් ආනයනකරු සතු ගබඩා පහසුකම් හෝ පාරිභෝගිකයින් සඳහා ලබා දී ඇති පහසුකම්/ අපද්‍රව්‍ය බැහැර කිරිමේ පහසුකම් ආදිය විමර්ශනයට ලක් කෙරේ.

සපයා ඇති තොරතුරු සහ අනෙකුත් ලිපි ලේඛන සතුටුදායක නම් විරෝධතා නොමැති බව සඳහන් ලිපියක් අදාල කොන්දේසි සඳහන් කරමින් පහත ලිපිනයට පිටපතක් ද සහිතව අදාල ආනයනකරුට යොමු කරනු ලැබේ.

පාලක, ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුව. අංක 75 1/3, පළමු මහල, හේමාස් ගොඩනැගිල්ල, කොළඹ 1.

Monday, 05 August 2013 06:17 අවසන් වර ට යාවත්කාල කළ දිනය

hinq

ech1981ecnf

infoactsin

NEIC6

oilP

polys

bios

biodegsin

weerawilasin

 isoy

NEA202122S

Press Sinhala-01

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
පාරිසරික පැමිණිලි මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවිය හරහා පාරිසරික පැමිණිලි... තවදුරටත් කියවන්න
New Year 2023 To mark the commencement of the New Year 2023, the... තවදුරටත් කියවන්න
Service Appreciation 2023 In conjunction with the celebrations of the New Year... තවදුරටත් කියවන්න