Tamil-SriLankaEnglish (UK)

උපලේඛනගත අපද්‍රව්‍ය කළමනාකරණ (උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණ) බලපත්‍රය

2008.02.01 දිනැති අංක 1534/18 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙහි උපද්‍රවකාරී අපද්‍රව්‍ය, උපලේඛනගත අපද්‍රව්‍ය ලෙස හඳුන්වා නිර්වචනය කර ඇත.

2008 අංක 1 දරන ජාතික පාරිසරික (ආරක්ෂක සහ තත්ත්ව) රෙගුලාසි වල II කොටස යටතේ දක්වා ඇති රෙගුලාසි අනුව, VIII වන ලේඛනයේ නිර්වචනය කර ඇති උපලේඛනගත අපද්‍රව්‍ය සම්බන්ධයෙන් ක්‍රියා කරන (උපලේඛනගත අපද්‍රව්‍ය උත්පාදනය, එක් රැස් කිරීම, ප්‍රවාහනය කිරීම, ගබඩා කිරිම, නිෂ්කර්ෂණය කිරීම, ප්‍රතිචක්‍රීකරණය කිරීම සහ බැහැර කිරීම හෝ බැහැර කිරීමේ පහසුකම් සැලසීම) සියළුම පුද්ගලයින් මධ්‍යම පරිසර අධිකාරිය වෙතින් බලපත්‍රයක් ලබා ගත යුතු වේ.

උපලේඛනගත අපද්‍රව්‍ය කළමනාකරණ බලපත්‍ර ලබා දීමේ ක්‍රියා පිළිවෙළ

  • 1 පියවර: උපලේඛනගත අපද්‍රව්‍ය කළමනාකරණ අයදුම් පත සම්පූර්ණ කර අවශ්‍ය ලිපි ලේඛන සමග ඉදිරිපත් කිරීම

අවශ්‍ය ලිපි ලේඛන

  1. ව්‍යාපාර නාම පදිංචිය
  2. කර්මාන්තායතන භූමියේ සැලසුම
  3. අපද්‍රව්‍ය කළමනාකරණ සැලසුම සහ ඒ ආශ්‍රිත එකඟතා සහතික
  4. කර්මාන්තායතනයට ළඟා වන මාර්ග සිතියම
  5. වෙනත් අදාල අනුමැතීන් සහ ලේඛන
  • 2 පියවර : පරීක්ෂණ ගාස්තු ගෙවීම

පරීක්ෂණ ගාස්තු අය කෙරෙනුයේ පළමුවන පරීක්ෂණ කටයුතු සඳහා පමණි.
මධ්‍යම පරිසර අධිකාරිය වෙතින් පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගත් කර්මාන්ත මෙම පරීක්ෂණ ගාස්තු වලින් නිදහස් වේ.

  • 3 පියවර: වැඩ බිම් පරීක්ෂාව

මධ්‍යම පරිසර අධිකාරියේ අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ නිලධාරීන් විසින් වැඩ බිම් පරීක්ෂාවක් සිදු කරනු ඇත.

  • 4 පියවර : උපලේඛනගත අපද්‍රව්‍ය කළමනාකරණ බලපත්‍ර

විනශකාරී අපද්‍රව්‍ය කළමනාකරණයට ගෙන ඇති පියවර සතුටුදායක නම්, බලපත් ගාස්තු ගෙවීමෙන් පසු උපලේඛනගත අපද්‍රව්‍ය කළමනාකරණ බලපත්‍රය නිකුත් කරනු ලැබේ.


බලපත් ගාස්තු :

උපලේඛනගත අපද්‍රව්‍ය උත්පාදනය Rs 1 000.00
උපලේඛනගත අපද්‍රව්‍ය එක් රැස් කිරීම Rs 1 000.00
උපලේඛනගත අපද්‍රව්‍ය ගබඩා කිරීම Rs 10 000.00
උපලේඛනගත අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම Rs 2 000.00
උපලේඛනගත අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීම Rs 5 000.00
උපලේඛනගත අපද්‍රව්‍ය නිෂ්කර්ෂණය කිරීම Rs 5 000.00
උපලේඛනගත අපද්‍රව්‍ය බැහැර කිරීම Rs 100 000.00
Wednesday, 18 December 2019 05:56 අවසන් වර ට යාවත්කාල කළ දිනය

hinq

ech1981ecnf

infoactsin

NEIC6

oilP

polys

bios

biodegsin

weerawilasin

 isoy

NEA202122S

Press Sinhala-01

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
පාරිසරික පැමිණිලි මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවිය හරහා පාරිසරික පැමිණිලි... තවදුරටත් කියවන්න
New Year 2023 To mark the commencement of the New Year 2023, the... තවදුරටත් කියවන්න
Service Appreciation 2023 In conjunction with the celebrations of the New Year... තවදුරටත් කියවන්න