Tamil-SriLankaEnglish (UK)

ශ්‍රී ලංකාවේ පාරිසරික බලපෑම් ඇගයීමසඳහා වන නෛතික, ප්‍රතිපත්තිමය හා පරිපාලනමය සැකැස්ම

අ. වෙරළ සංරක්ෂණ පනත යටතේ පාරිසරික බලපෑම් ඇගයීම

1981 අංක 57 දරණ වෙරළ සංරක්ෂණ (සංශෝධන) පනත මගින් ශ්‍රී ලංකාවේ පළමු වරට පාරිසරික බලපෑම් ඇගයීම හඳුන්වා දෙන ලදී. වෙරළ කලාපය තුළ සිදු කෙරෙන ව්‍යාපෘති සඳහා මෙම පනත අදාල වේ. වෙරළේ ඉහළ මධ්‍ය ජල රේඛාවෙන් මීටර 300ක් ගොඩබිම දෙසටත් පහළ මධ්‍ය ජල රේඛාවෙන් කිලෝ මීටර 2ක් සමුද්‍රය දෙසටත් වන භූමි ප්‍රමාණය වෙරළ කලාපයට අයත් වේ. පනතට අනුව, පාරිසරික බලපෑම් ඇගයීමක් අවශ්‍ය වන ව්‍යාපෘති හඳුනාගැනීම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක වෙත පැවරේ.

ආ. ජාතික පරිසර පනත යටතේ පාරිසරික බලපෑම් ඇගයීම

1988 අංක 56 දරණ ජාතික පරිසර සංශෝධිත පනත මගින් පාරිසරික බලපෑම් ඇගයීම හඳුන්වා දෙන ලද්දේ රට පුරා අඛණ්ඩ සංවර්ධනයක් පවත්වාගෙන යාමේ දී මධ්‍යම පරිසර අධිකාරිය මගින් පනවන ලද  නෛතික ක්‍රියාදාමයක් වශයෙනි.

සංශෝධිත පනතේ IV-C කොටසේ දැක්වෙන පරිදි නියම කළ  සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා පාරිසරික බලපෑම් ඇගයීමඅනිවාර්ය වේ. පරිසරය මත සැලකිය යුතු මට්ටමේ බලපෑමක් ඇති කළ හැකි මහා පරිමාණ ව්‍යාපෘතීන් පමණක් මෙසේ නියම  කර තිබේ.  කෙසේ නමුත් නියම කළ  ව්‍යාපෘතීන් සංවේදී පාරිසරික කලාප තුළ පිහිටුවා ඇත්නම් ඒවායේ විශාලත්වය හෝ වැදගත්කම නොසලකා, පාරිසරික බලපෑම් ඇගයීම් ක්‍රියවලිය‍ට භාජනය කළ යුතු වේ.

නියම කළ  ව්‍යාපෘතීන් 1993.06.24 දින අංක 772/22 දරණ ගැසට් නිවේදනයේ ත්, 1995.02.23 දින අංක 859/14 දරණ ගැසට් නිවේදනයේ ත්, 1999.11.05 දින අංක 1104/22 දරණ ගැසට් නිවේදනයේ ත් සහ 1999.11.29 දින අංක 1108/1 දරණ ගැසට් නිවේදනයේ ත් ලැයිස්තු ගත කර තිබේ.

ජාතික පරිසර පනතේ දක්වා ඇති පරිදි, සියළුම නියම කළ ව්‍යාපෘතීන් පිහිටුවීම/ආරම්භ කිරීම සඳහා ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනයක් මගින් අනුමත කර තිබිය යුතුය. වර්තමානයේ රාජ්‍ය ආයතන 23ක් එවැනි ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනයන් ලෙස නම් කර ඇත. යම් ව්‍යාපෘතියක් සඳහා වන පාරිසරික බලපෑම් ඇගයීම් ක්‍රියාවලිය සිදු කිරීම සඳහා එක් ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනයක් හඳුනාගත හැකිය. ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතන කිහිපයක් පවතින අවස්ථාවක දී මධ්‍යම පරිසර අධිකාරිය මගින් ඊට සුදුසු ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනයක් අදාල ව්‍යාපෘතිය සඳහා නම් කරනු ලැබේ. ව්‍යාපෘතියක් යෝජනා කරන යම් රාජ්‍ය ආයතනයක් එම ව්‍යාපෘතිය සඳහා ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනය ලෙස කටයුතු කිරීම සාවද්‍ය වේ.


ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතන, 1995.02.23 දින අංක 859/14 දරණ අති විශේෂ ගැසට් නිවේදනයේ ත්, 2004.12.29 දින අංක 1373/6 දරණ අති විශේෂ ගැසට් නිවේදනයේ ත් ලැයිස්තු ගත කර දක්වා ඇත.

ජාතික පරිසර පනත මගින් පාරිසරික බලපෑම් ඇගයීම් ක්‍රියාවලියේ මට්ටම් 2ක් හඳුනාගෙන ඇත. යෝජිත ව්‍යාපෘතිය මගින් ඇති කරන පාරිසරික බලපෑම් සැලකිය යුතු මට්ටමේ ඉහළ අගයක් නොගන්නේ නම්, මූලික පාරිසරික පරීක්ෂණයක් සිදු කරන ලෙස ව්‍යාපෘති යෝජක වෙත දැනුම් දෙනු ලැබේ. මෙය සාපේක්ෂව කෙටි  හා සරල අධ්‍යයනයකි. කෙසේ වෙතත්, යෝජිත ව්‍යාපෘතිය මගින් ඇති කරන පාරිසරික බලපෑම් සැලකිය යුතු මට්ටමේ ඉහළ අගයක් ගන්නේ නම්, පාරිසරික බලපෑම් ඇගයීම ක් සිදු කරන ලෙස ව්‍යාපෘති යෝජක වෙත දැනුම් දෙනු ලැබේ. මෙය පරිසරයට සිදුවන බලපෑම් පිළිබඳ වඩා විස්තරාත්මක හා පුළුල්  අධ්‍යයනයකි.

පාරිසරික බලපෑම් ඇගයීම් වාර්තා කාර්යාලයීය දින 30ක කාලයක්  මහජන අදහස් විමසීම සඳහා විවෘතව තැබිය යුතුය. මූලික පාරිසරික පරීක්ෂණ වාර්තා මෙම අවශ්‍යතාවයට යටත් නොවේ. කෙසේ වෙතත් මූලික පාරිසරික පරීක්ෂණ වාර්තාව මහජනතාවට සහ මහජන විමසීම්වලට විවෘත ලියවිල්ලක් (21 පරිච්ඡේදය) විය යුතු බව සාක්ෂි අඥාපනතේ 74 හා 76 අංශ යටතේ දක්වා ඇත.

ඇ. 1993 අංක 49 දරණ වනජීවී හා වෘක්ෂලතා (සංශෝධිත) පනත යටතේ පාරිසරික බලපෑම් ඇගැයීම

1993 අංක 49 දරණ වනජීවී හා වෘක්ෂලතා (සංශෝධිත) පනත යටතේ ද පාරිසරික බලපෑම් ඇගයීමපිළිබඳව දක්වා ඇත. මෙම පනත යටතේ ජාතික  රක්ෂිතයක මායිමකට සැතපුමක් දුරින් ක්‍රියාත්මක  වන ඕනෑම පරිමාණයක සංවර්ධන ව්‍යාපෘතියක් පාරිසරික බලපෑම් ඇගයීම්  ක්‍රියාවලියට යටත් වේ. තව ද, එවැනි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ඒ සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් වෙතින් ලිඛිත අනුමැතියක් ලබා ගත යුතු වේ.

 

Tuesday, 02 September 2014 06:07 අවසන් වර ට යාවත්කාල කළ දිනය

hinq

ech1981ecnf

infoactsin

NEIC6

polys

bios

biodegsin

weerawilasin

 isoy

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
පාරිසරික පැමිණිලි මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවිය හරහා පාරිසරික පැමිණිලි... තවදුරටත් කියවන්න
New Year 2023 To mark the commencement of the New Year 2023, the... තවදුරටත් කියවන්න
Service Appreciation 2023 In conjunction with the celebrations of the New Year... තවදුරටත් කියවන්න
ජනාධිපති පරිසර නියමු පදක්කම් ප්‍රධානය - 2020/2021 ශ්‍රී ලාංකේය අනාගත පුරවැසියන් පරිසර හිතකාමීන් ලෙස සමාජගත... තවදුරටත් කියවන්න