පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම
පාරිසරික ආරක්ෂණ බලපත්‍රය යනු 1988 අංක 56 සහ 2000 අංක 53 යන පනත් වලින් සංශෝධනය වූ 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතෙහි ප්‍රතිපාදන යටතේ වන නීතිමය මෙවලමකි. පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගත යුතු කර්මාන්ත/ ක්‍රියාකාරකම් (නියමිත ක්‍රියාකාරකම්) ඒවායෙහි පරිසර දූෂණ විභවයේ ප්‍රමාණය අඩු වනපරාසය අනුව අ, ආ ,ඇසහ ඈ වශයෙන් ලේඛන හතරකට වර්ග කර අංක 2264/18 සහ 2022.01.27 දිනැති ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර ඇත.කර්මාන්ත/ ක්‍රියාකාරකම්33ක් අ. ලේඛණයෙහිද ,71ක් ආ. ලේඛණයෙහිද, 56 ක් ඇ. ලේඛනයෙහිද, 39 ක් ඈ. ලේඛණයෙහිද අන්තර්ගත වේ.
මෙම නියමිත කර්මාන්ත/ ක්‍රියාකාරකම් සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම, ඒ සම්බන්ධ පසු විපරම් කිරීම,අළුත් කිරීම, නීතිමය කටයුතු ,පැමිණිලි විමර්ශනයආදීසියළු කටයුතුසිදු කරන අදාල ආයතන* පිලිබඳ තොරතුරු වගු අංක 01 හි දැක්වේ.
නියමිත කර්මාන්ත /ක්‍රියාකාරකම් වර්ගය |
පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කරන අදාල ආයතන* |
අ |
මධ්‍යම පරිසර අධිකාරියෙහි අදාලප්රාදේශීය/ දිස්ත්‍රික් කාර්යාල(link) හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි නියමිත කර්මාන්ත/ ක්‍රියාකාරකම් සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය |
ආ |
- එම - |
ඇ |
- එම - |
ඈ |
අදාලපලාත් පාලන ආයතනය (මහනගරසභා,නගරසභා, ප්‍රාදේශීය සභා) හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි නියමිත කර්මාන්ත/ ක්‍රියාකාරකම් සඳහාශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය |
වගු අංක 01
සටහන: 2008.02.01 දිනැතිඅංක1534/18 දරණගැසට් නිවේදනයේ දෙවන උපලේඛනයේ ප්‍රකාශයට පත් කර ඇති නව පරිසර ආරක්ෂණ බලපත්‍ර හා අළුත් කිරීමට අදාල අයදුම්පත්පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කරන වගු අංක 01 හි සදහන් අදාල ආයතන*වෙතින් හෝමධ්යම පරිසර අධිකාරියේ වෙබ් අඩවියේ ක්ෂණික සබැඳි යටතේ වන බාගත කිරීම් යනුවෙන් සඳහන් අනු පිටුවෙන් බාගත කරගැනීම සිදු කළ හැකිය.
නියමිත කර්මාන්ත/ ක්රියාකාරකම්සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබාගැනීමෙන් කර්මාන්තකරුවන්ට හිමිවන ප්‍රතිලාභ
· ජාතික ප්‍රමිති හා උපමාන වලට අනුකූලව බාහිර පරිසරයට අපද්‍රව්‍ය සහ විමෝචනයන් මුදා හැරීම මගින් සිදුවන පාරිසරික දූෂණය වැළැක්විම සහ පාලනය කිරීම තුලින් නීතිමය රැකවරණයක් ලැබීම.
· වාතය, ජලය සහ භූමිය යන මාධ්‍යයන්ට මුදාහරින ද්‍රව්‍ය මගින් පරිසරයට සිදුවන බලපෑම අවම කරමින්, පරිසර හිතකාමී ප්‍රවේශයකට එලඹීමෙන්, කර්මාන්තයේ තිරසර පැවැත්ම තහවුරු වීම.
· පරිසර දූෂණ පාලනය සඳහා තාක්ෂණික මාර්ගෝපදේශ ලබා ගැනීමට හැකිවීම.
· අපද්‍රව්‍ය අවම කිරීමේ තාක්ෂණික ක්‍රමෝපායයන් තුලින්,ගුණාත්මකභාවය ඉහලපිවිතුරු හරිත නිෂ්පාදන බිහිකර,ජාත්‍යන්තර වෙළඳ පොල තරඟකාරීත්වයට සාර්ථකව මුහුන දීමේ හැකියාව ලැබීම.
ප්‍රමිති සහ උපමාණ
පරිසර දූෂණ විභවයක් සහිත සියළුම නියමිත කර්මාන්ත/ක්‍රියාකාරකමක්ම,
-http://www.cea.lk/web/images/pdf/2022/Act/2264-17_S.pdfහි දැක්වෙන ප්‍රමිති හා උපමාණ වලට අනුවඅපජලය ද,
-http://www.cea.lk/web/images/pdf/Amended-ABOP-standards.pdfහි දැක්වෙනප්රමිතිඋපමානවලට අනුව වායු විමෝචන ද,
-http://www.cea.lk/web/images/pdf/noise.pdf හි දැක්වෙන ප්‍රමිති උපමාන වලටඅනුව ශබ්දය ද,
වලංගු පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් යටතේ පරිසරයට නිකුත් කිරීම ජාතික පාරිසරික පණතේ 23 අ. වගන්තිය අනුව නීතිමය අවශ්‍යතාවයකි.
-තවද, 2017.09.01 දිනැති අංක 2034/33, 2034/34, 2034/35,2034/38 දරණ ගැසට් පත්‍රයන්හි සඳහන් ප්‍රමිති වලට අනුව ප්ලාස්ටික් නිශ්පාදන නිපදවීම හා එම දිනැති අංක 2034/36 දරණ ගැසට් පත්‍රයට(Link) අනුව ප්ලාස්ටික් අපද්‍රව්‍ය එලිමහනේ පිලිස්සීම තහනම් කර ඇති බැවින් එම නියෝගයන්ට අනුව කටයුතු කිරීමද නීතිමය අවශ්‍යතාවයකි.
-එමෙන්ම,නියමිත කර්මාන්ත/ක්‍රියාකාරකම් වලට සම්බන්ධ යන්ත්රසුත්රක්රියාත්මකකිරීමහා පිපිරුම් මඟින් හටගන්නා භූමිකම්පන හා වායුගෝලීය පිපිරුම්අධිපීඩනhttp://www.cea.lk/web/images/pdf/Amended-ABOP standards.pdf හි දැක්වෙන අන්තර් ප්‍රමිතීන් වලට අනුකූලව, අවට ගොඩනැගිලි හා ඒවායේ ජීවත්වන අයට අවම බලපෑමක් වන පරිදි, සිදු කල යුතුය.
සටහන:බාහිර පරිසරය ආරක්ෂා කිරීමේ අරමුණ ඇතිව, කිසියම් ස්ථානයක පිහිටි විශේෂිත කර්මාන්තයක්/ නියමිත කටයුත්තක් සඳහාදැනට බල පවත්වනඒවාට වඩා දැඩි ප්‍රමිති සහ උපමාණ පැනවීමට ජාතික පාරිසරික
පණතේ 12 වන වගන්තිය අනුව,මධ්‍යමපරිසර අධිකාරියට හැකියාව ඇත.
නියමිත කර්මාන්ත/ ක්‍රියාකාරකම් සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාදාමය
1 පියවර :පරිසර ආරක්ෂණ බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමේ ක්‍රියාපිළිවෙල
නියමිත එක් කටයුත්තක් සඳහා නිසි ලෙස සම්පූර්ණ කරන ලද තනි පරිසර ආරක්ෂණ බලපත්රඅයදුම්පතක් බැගින්,පහත දක්වා ඇති ලිපිලේඛන වල පිටපත් සමග වගු අංක 01 හි සඳහන් අදාල ආයතන*වෙතලබා දිය යුතුයි.
1.ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතිකය
2.අදාල කර්මාන්තය/ නියමිත කටයුත්ත සඳහා ඉඩම භාවිතා කිරීම සඳහා වන නෛතික අවසරය (ඔප්පුවෙහි
පිටපත,බදු ගිවිසුමෙහි පිටපත ආදී වශයෙන්)
3.අදාල කර්මාන්තය එම භූමියේ ස්ථාපිත කිරීම සඳහා වන වන නෛතික අවසරය (අදාල පළාත් පාලන ආයතනය මගින් ලබා ගත් අනුකූලතා සහතිකය/ වෙළෙඳ බලපත්‍රය හෝ ලබා ගත් අදාල වෙනත් ආයතන වල පූර්ව අනුමැතීන් )
4.විශේෂිත නිෂ්පාදන සඳහා අවශ්‍ය කරන නිෂ්පාදන සහතිකය (ඉස්කාගාර නිෂ්පාදන,ඖෂධීය නිෂ්පාදන, කෘමිනාශක ද්‍රව්‍ය නිෂ්පාදන ආදිය)
5.පරිසර දූෂණය අවම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග
6.වගු අංක 01 හි සඳහන් අදාල ආයතන* මගින් ඉදිරිපත් කරන ලෙස දන්වා සිටිනු ලබන වෙනත් ලේඛනයක් හෝ විස්තරයක්
2 පියවර :අයදුම්පත පූර්ව පරීක්ෂාවට ලක් කිරීම
- පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා දීමට ඇති අවශ්‍යතාව,අයදුම්පතෙහි දක්වා ඇති තොරතුරු වල ඇති නිරවද්‍යතාව සහ අයකළ යුතු පරීක්ෂණ ගාස්තුව තීරණය කිරීම සඳහා වගු අංක 01 හි සඳහන් අදාල ආයතන*මගින් අයදුම්පත පූර්ව පරීක්ෂාවට ලක් කරනු ලැබේ.
- පූර්ව පරීක්ෂාවෙන් සමත් වන අයදුම්පත් පමණක් 3පියවරට ඉදිරිපත් කෙරෙන අතර අනෙකුත් අයදුම්පත් නැවත 1පියවර වෙත යොමු කරනු ලැබේ.
3 පියවර :අය කල යුතු පරීක්ෂණ ගාස්තුව තීරණය කිරීම
-අයදුම් පත්‍රය මඟින් සපයා ඇති තොරතුරු මත පදනම්ව,අයකල යුතු නියමිත පරීක්ෂණ ගාස්තුව තීරණය කර, වගු අංක 01 හි සඳහන් අදාල ආයතන*මඟින් කර්මාන්ත හිමියා වෙත දන්වනු ලැබේ.
-එසේ නියම කරනු ලබන ගාස්තුව ,කර්මාන්ත හිමියා විසින් වගු අංක 01 හි සඳහන් අදාල ආයතන*වෙත ගෙවා ලදු පතක් ලබා ගත යුතුයි.
-එම ලදු පත ඉදිරිපත් කල පසු ක්ෂේත්‍ර පරීක්ෂණය සිදු කරනු ලැබේ.
4 පියවර : ක්ෂේත්‍ර පරීක්ෂාව සිදු කිරීම
කර්මාන්ත සම්බන්ධයෙන් අයදුම් පතෙහි සපයා ඇති තොරතුරු වල නිරවද්‍යතාවය හා පරිසර දූෂණය පාලනය කරගනිමින් එවැනි කර්මාන්තයක් පවත්වාගෙන යාමේ හැකියාව පරීක්ෂා කිරීමට,වගු අංක 01 හි සඳහන් අදාල ආයතන*වල නිලධාරීන් විසින් ක්ෂේත්‍ර පරීක්ෂණයක් පවත්වානිර්දේශ ඇතුලත් ක්ෂේත්‍ර පරීක්ෂණ වාර්තාවක් සම්පාදනය කරනු ලැබේ.
5 පියවර : නිර්දේශ සහිත පරීක්ෂණ වාර්තාව ඇගයීම
-කර්මාන්තය සම්බන්ධයෙන් සිදු කල ක්ෂේත්‍ර පරීක්ෂණ තොරතුරු,අයදුම් කරු විසින් සපයා ඇති තාක්ෂණික වාර්තා සහ සාමාජීය කරුණු මත පදනම්ව පරීක්ෂණ කරන නිලධාරීන් විසින් පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබා දීම/හඳුනාගත් පරිපාලනමය හෝ තාක්ෂණික ගැටළු වෙතොත් ඒවා අවම කිරීම/ පරිසර ආරක්ෂණ බලපත්‍රය ප්‍රතික්ෂේප කිරීමටඅදාල නිර්දේශ ඇතුලත්ව සම්පාදනය කරන ලද ක්ෂේත්‍ර පරීක්ෂණ වාර්තාවවගු අංක 01 හි සඳහන් අදාල ආයතන*වල, බලයලත් නිලධාරීන් විසින් තාක්ෂණිකව ඇගයීමට ලක් කරනු ලැබේ.
-ඈ. කාණ්ඩයේ නියමිත කර්මාන්ත / ක්‍රියාවලී සඳහා මෙම වාර්තාව ඇගයීම පිණිස ම.ප.අ. යේ පරිසර නිලධාරියකුගේ සම්බන්ධීකරණය යටතේ වෙනම තාක්ෂණික කමිටුවක් (Tech committee)සෑම පලාත් පාලන ආයතනයක් සඳහාම පත්කර ඇත.
-තාක්ෂණික ඇගයීමෙන් පසුවබලපත්රය ලබා දිය හැකි නම් නියමිත බලපත්‍ර ගාස්තුව ගෙවීමට හෝ පරිපාලනමය හෝ තාක්ෂණික ගැටළු වෙතොත් ඒවා නිරාකරණය කිරීමට,වගු අංක 01 හි සඳහන් අදාල ආයතන*විසින් කර්මාන්තකරු වෙත දැනුම් දෙනු ලැබේ.
6 පියවර :පරිසර ආරක්ෂණ බලපත්‍රය නිකුත් කිරීම
-බලපත්‍රය ලබා දීම නිර්දේශ කර ඇත්නම් අදාල බලපත්‍ර ගාස්තුව ගෙවන ලෙස වගු අංක 01 හි සඳහන් අදාල ආයතන*විසින් කර්මාන්තකරුට දැනුම් දෙන අතර,පරිපාලනමය හෝ තාක්ෂණික ගැටළු කිසිවක් නොමැතිනම්, පරීක්ෂාව සිදු කල දින සිට දින 14 ක් ඇතුලත පරීක්ෂණ වාර්තාවේ නිර්දේශ මත පදනම්ව,කොන්දේසි හා වලංගු කාලසීමාව සඳහන් කරඅදාල කර්මාන්තය වෙත පරිසර ආරක්ෂණ බලපත්‍රය නිකුත් කිරීම කරනු ලැබේ.තවද සෑම බලපත්‍රයකටම ඊට ආවේනික අනුක්‍රමික අංකයක් සඳහන්ව ඇත.
- පරිසරආරක්ෂණ බලපත්‍රයක වලංගු කාල හා බලපත්‍ර ගාස්තුව එක් එක් නියමිත කර්මාන්ත/ ක්රියාකාරකම්වර්ගය සඳහා පහත වගුවේ දක්වා ඇත.
නියමිත කර්මාන්ත /ක්‍රියාකාරකම් වර්ගය |
කැනීම් නොවන කටයුතු |
කැනීම් කටයුතු |
||
බලපත්‍රයේවලංගු කාලය |
ගාස්තුව (රු) |
බලපත්‍රයේ වලංගු කාලය |
ගාස්තුව (රු) |
|
අ |
අවුරුදු 1 ක් හෝ ඊට අඩු |
15,000 |
අවුරුදු 3ක් හෝ ඊට අඩු |
45,000 |
ආ |
අවුරුදු 1 ක් හෝ ඊට අඩු |
10,000 |
අවුරුදු 3ක් හෝ ඊට අඩු |
30,000 |
ඇ |
අවුරුදු 2 ක් හෝ ඊට අඩු |
4,000 (සමාන වාරික දෙකකින් ගෙවීම් සිදුකල හැකිය) |
අවුරුදු 3ක් හෝ ඊට අඩු |
6,000 |
ඈ |
අවුරුදු 3 ක් හෝ ඊට අඩු |
4,500 (සමාන වාරික තුනකින් ගෙවීම් සිදුකල හැකිය) |
- |
- |
වගු අංක02
සටහන: රජය විසින් හෝ රාජ්‍ය ආයතන විසින් ක්‍රියාත්මක කරනු ලබන රෝහල් වලින් හා කසල කළමනාකරණ පහසුකම් වලින් නියමිත බලපත්‍ර ගාස්තුවෙන් අඩක් පමණක් අයකරනු ලැබේ.
7 පියවර :පරිසර ආරක්ෂණ බලපත්‍රය අළුත් කිරීම
- පරිසර ආරක්ෂණ බලපත්‍රය අවලංගු වන දිනට මාස 3 කට ප්‍රථම හා සැපයූ තොරතුරු වල යම් වෙනස් කමක් හෝ ක්‍රියාකාරීත්වයේ යම් වෙනසක් සිදු කිරීමට ප්‍රථම, පරිසර ආරක්ෂණ බලපත්‍රය අළුත් කිරීමේ අයදුම්පත්‍රය වගු අංක 01 හි සඳහන් අදාල ආයතන*වෙත යොමු කල යුතුය.
-බලපත්‍රය අළුත් කිරීමේ ක්‍රියාවලියේදී පරීක්ෂණ ගාස්තුවක් ගෙවිය යුතුව ඇත.පරීක්ෂා කිරීමේදී අදාල කර්මාන්ත / ක්‍රියාවලීන් පරිසර ආරක්ෂණ බලපත්‍රයේ කොන්දේසි උල්ලංගනය කර තිබේ දැයි විශේෂයෙන් අවධානය යොමු කරන අතර, උල්ලංගනය වී ඇත්නම් දෙනු ලබන කාලසීමාවන් තුල එය නිවැරදි කිරීමෙන් පසුව, බලපත්‍රය අළුත් කරනු ඇත. බලපත්‍ර ගාස්තුවේ කිසිදු වෙනසක් නොමැත.
- බලපත්‍රය ලබා දීම ප්‍රතික්ෂේප කිරීම/අළුත්කිරීම ප්‍රතික්ෂේප කිරීම/අත්හිටුවීම/අවලංගු කිරීම කර ඇත්නම් ඊට එරෙහිව දින 30 ක් ඇතුලත පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමේ අයිතිය අදාල කර්මාන්තකරු වෙත ඇත. (link)
8 පියවර :නියමිත කර්මාන්ත / ක්‍රියාවලී සඳහා වන පසුවිපරම් කටයුතු කිරීම
මෙහිදී මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචි / පිලිගත් රසායනාගාර හා ආයතන මඟින්නිකුත් කරනු ලබන , අපජල, වායු විමෝචන, ශබ්ධ හා කම්පන සඳහා වන තත්ත්ව විශ්ලේෂණ වාර්තා හා අවසාන බැහැර කිරීම් වලට අනුකූලව, නියමිත කර්මාන්ත / ක්‍රියාවලීය තුල ස්ථාපනය කර ඇති පරිසර දූෂණය පාලනය කිරීමේ කටයුතු/ ක්‍රමවේදය මනාව සිදුවන්නේ ද හා නියමිත කර්මාන්ත / ක්‍රියාවලීන් දෙන ලද කොන්දේසි වලට අනුගත වන්නේ දැයි පරීක්ෂා කිරීම පිණිස නියමිත කාලපරාසයන් තුල පසුවිපරම් කටයුතු සිදු කිරීමට පරිසර ආරක්ෂණ බලපත්‍රය නිකුත් කරන වගු අංක 01 හි සඳහන් අදාල ආයතන*කටයුතු කරයි.
9 පියවර :නියමිත කර්මාන්ත / ක්‍රියාවලී වලට එරෙහිව නීතිමය පියවර ගැනීම
පහත අවස්ථා වලදී නියමිත කර්මාන්ත / ක්‍රියාවලී වලට එරෙහිව නීතිමය පියවර ගැනීමට පරිසර ආරක්ෂණ බලපත්‍රය නිකුත් කරන වගු අංක 01 හි සඳහන් අදාල ආයතන*පියවර ගනු ලබයි.
- පරිසර ආරක්ෂණ බලපත්‍රයේ සඳහන් කොන්දේසි උල්ලංගනය කරමින් පවත්වාගෙන යාම
- පරිසර ආරක්ෂණ බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන යාම
නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේදී පහත දැක්වෙන නඩු නිමිති කෙරෙහි අවධානය යොමු කරනු ලැබේ.
ව්‍යාපෘතිය ආරම්භක අවස්ථාවන්හි දී ම පාරිසරික ගැටළු හඳුනා ගැනීම හා නිරාකරණය කිරීම.
ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය සමග පරිසරය සුරැකීමේ කටයුතු ඒකාබද්ධ කිරීමේ දී පාරිසරික බලපෑම් ඇගයීම ඵලදායී කාර්යයක් ලෙස වැදගත් ස්ථානයක් හිමි කර ගෙන ඇත. පාරිසරික බලපෑම් ඇගයීම මගින් යම් සංවර්ධන ව්‍යාපෘතියකින් පරිසරය මත ඇති කෙරෙන බලපෑම එහි මූලික අවස්ථාවේ දී ම හඳුනාගැනේ. එමගින් ව්‍යාපෘතියෙන් ඇති විය හැකි අහිතකර බලපෑම් අවම කර ගැනීමටත් ස්වාභාවික පරිසරයට ගැලපෙන පරිදි අදාල ව්‍යාපෘතිය සකස් කිරීමටත් අවස්ථාව සැලසේ. පාරිසරික බලපෑම් ඇගයීම මගින් නිලධාරීන්ට ව්‍යාපෘතීන් සම්බන්ධ තීරණ ගැනිමේ අවස්ථාව සලසා දෙනු ලබන අතර, එමගින් ව්‍යාපෘතියේ පරමාර්ථ වඩාත් සාර්ථකව සාධනය කර ගැනීමට අවස්ථාව ලැබේ. එමනිසා, පාරිසරික බලපෑම් ඇගයීම, සැලසුම්කරණයේ ත් අඛණ්ඩ සංවර්ධනයේ ත් මූලික කාර්යයක් ලෙස හැඳින්විය හැකිය.
ජාතික පරිසර පනත සහ තවත් අණපනත් කිහිපයක් යටතේ පාරිසරික බලපෑම් ඇගයීම ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා අත්‍යාවශ්‍ය අංගයක් බවට පත් කර තිබේ.
පාරිසරික නිර්දේශය ලබා ගැනීම, පරිසර බලපෑම් ඇගැයීමේ නියෝග/ රෙගුලාසි වලට අයත් නොවන කර්මාන්ත/ නියමිත කටයුතු ස්ථානගත කිරීමේ දී අදාල ස්ථානයෙහි යෝග්‍යතාව පිළිබඳව නිවැරැදි ඇගැයිමක් සිදු කරන ඉතා වැදගත් ක්‍රියාදාමයකි.
ජාතික පාරිසරික පනතෙහි IV ඇ කොටස මගින් අනුමත කරන ලද කර්මාන්ත පුර වලට පරිබාහිරව පිහිටුවීම ට යෝජිත සියලුම කර්මාන්ත කටයුතු වල දී එම කටයුතු, නිෂ්පාදන ආරම්භ කරන ක්‍රියාකාරී අවස්ථාවට පැමිණීමට ප්‍රථමයෙන් අපජල පිරිපහදු පද්ධති වැනි පාරිසරික යටිතල පහසුකම් වලින් සමන්විත විම අවශ්‍ය වේ. එලෙසම, එම පහසුකම් නිසි ලෙස භාවිතා කිරීම ද වැදගත් වේ.
එබැවින් පාරිසරික බලපෑම් ඇගැයීමක් සිදු කිරීමට අවශ්‍ය නොවන ස්ථානගත කිරීමට යෝජිත සියලුම කර්මාන්ත, විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත එලෙස ස්ථානගත කිරීමට ප්‍රථමයෙන් මධ්‍යම පරිසර අධිකාරියෙන් පාරිසරික නිර්දේශය ලබා ගන්නා ලෙස උපදෙස් දෙනු ලැබේ.
කර්මාන්තය පිහිටුවීමට අදාල භූමියෙහි සුදුසු බව පරීක්ෂා කිරීමේ දී යෝජිත භූමිය අයත් වන ප්‍රදේශයේ පළාත් පාලන ආයතනයෙහි කලාප සැලසුම, අවට ඉඩම් වල භාවිතය, ආරක්ෂණ කලාපයක් සඳහා යොදා ගත හැකි භූමියෙහි ප්‍රමාණය, අමතර අපද්‍රව්‍ය ප්‍රමාණයක් දරා ගැනීමට ප්‍රදේශයට ඇති හැකියාව සහ අපද්‍රව්‍ය බැහැර කිරීමේ අවශ්‍යතාව යන කරුණු කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරේ.
යම්කිසි ස්ථානගත කිරීමට යෝජිත කර්මාන්තයක්/ නියමිත කටයුත්තක්, එය ස්ථානගත කිරීමට ප්‍රථමයෙන්, එමගින් සිදු විය හැකි පරිසර දූෂණය, බලපෑම අවම කිරීමට / වළක්වාලීමට අවශ්‍ය ක්‍රමෝපායයන් හඳුන්වා දීම යනා දී කරුණු මෙම පාරිසරික නිර්දේශය ලබා දීමෙ හි ප්‍රධාන අරමුණු වේ.
පරිසර ආරක්ෂණ බලපත්‍රය නිකුත් කරනු ලබන්නේ මධ්‍යම පරිසර අධිකාරිය මගින් ස්ථාපනය කරන ලද ප්‍රමිතීන්ට අනුගතව පරිසර දූෂණය අවම කිරීමට දායක වන , නියමිත පරිදි අපද්‍රව්‍ය පරිසරයට බැහැර කරන හෝ නියමිත පරිදි ශබ්ද හෝ වායු විමෝචනය කරන කර්මාන්ත වෙතයි. නමුත් නියමිත ප්‍රමිතීන්ට අනුගත වීම ට ඇතැම් කර්මාන්තහිමියන් අපොහොසත්වන බව පෙනේ. එලෙස සිදු වන්නේ ආරම්භයේ දී පරිසර දූෂණය නතර කිරිමේ හෝ අවම කිරීමේ සුදුසු පියවර නොගෙන අපිළිවෙලින් කර්මාන්ත ගොඩනැගීම හේතුවෙනි.
මෙවැනි ගැටළු මගහරවා ගැනීමටත්, සිදුවිය හැකි පරිසර දූෂණය පාලනය කිරීමටත් මූලික අවස්ථාවල දීම, මධ්‍යම පරිසර අධිකාරිය මගින් පාරිසරික නිර්දේශ නිකුත් කරනු ලැබේ. මෙයින් මධ්‍යම පරිසර අධිකාරියට මෙන්ම කර්මාන්තහිමියනට ද විවිධ වූ ප්‍රතිලාභ හිමි වේ. මුල් අවස්ථාවේ දී ම සිදුවිය හැකි පරිසර දූෂණය පාලනය කිරීමට හැකි වීම මධ්‍යම පරිසර අධිකාරිය ලබන ප්‍රතිලාභයක් වන අතර, කර්මාන්තහිමියනට ද අදාල පාරිසරික නිර්දේශ අනුගමනය කිරීම මගින් එම ප්‍රතිලාභය ම ලබා ගත හැකි වේ.
පාරිසරික නිර්දේශ ලබා ගැනීමේ ක්‍රියාවලිය
මධ්‍යම පරිසර අධිකාරියෙහි ප්‍රධාන කාර්යාලයෙන් හෝ මධ්‍යම පරිසර අධිකාරියේ පළාත් කාර්යාලයකින් හෝ දිස්ත්‍රික් කාර්යාලයකින් අදාල අයදුම්පත ලබා ගැනීම(www.cea.lk)
සම්පූර්ණ කරන ලද අයදුම්පත අවශ්‍ය අනෙකුත් ලිපි ලේඛන සමග (වැඩබිම සඳහා වන මිනින්දෝරු සැලසුම් , ගොඩනැගිලි සඳහා වන සැලසුම් ඇතොත් එම සැලසුම්, යෝජිත ස්ථානයට ආසන්නතම නගරයේ සිට එම ස්ථානයට ළඟා වීමට ඇති කෙටිම මාර්ගය) මධ්‍යම පරිසර අධිකාරිය වෙත ඉදිරිපත් කිරීම
අයදුම්පත් සම්පූර්ණ කර තිබේ නම් සහ අවශ්‍ය ලිපි ලේඛන ඉදිරිපත් කර තිබේ නම් පරීක්ෂණ ගාස්තු ගෙවන ලෙස අයදුම්කරු හට ලිඛිතව දන්වනු ලැබේ. දැනට අවම ගාස්තුව රුපියල් 3360/-ක් වන අතර උපරිම ගාස්තුව රුපියල් 11200/-කි. (රජයේ අනුමත බදු ඇතුළත්ව)
පරීක්ෂණ ගාස්තු ගෙවීමෙන් පසු මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ක්ෂේත්‍ර පරීක්ෂාවක් සිදු කෙරේ.
යෝජිත ස්ථානයෙහි යෝග්‍යතාව ක්ෂේත්‍ර පරීක්ෂාවෙන් නිර්දේශ කෙරෙන්නේ නම්, පරිසර දූෂණය අවම කර ගැනීමට අනුගමනය කළ යුතු කොන්දේසි සහිතව පාරිසරික නිර්දේශය අදාල පළාත් පාලන ආයතනයෙහි ප්‍රධානියා වෙත නිකුත් කෙරෙනු ලැබේ. අදාල අයදුම්කරුට ද යෝජිත කර්මාන්තය/ නියමිත කටයුත්ත සඳහා සම්බන්ධ වන වෙනත් ආයතන හෝ සංවිධාන ඇත්නම් එම ආයතන වෙත ද මෙම නිර්දේශයේ පිටපත් යොමු කරනු ලැබේ.
විමසීම් සේවය
මහජනයා උදෙසා තොරතුරු සැපයීමේ විමසීම් සේවාවක් පවත්වාගෙන යන අතර, දුරකථන, ලිපි මගින් හෝ පුද්ගලිකව කරන විමසීම් වලදී පුස්තකාලය සතු ග්‍රන්ථ හා මූලාශ්‍ර උපයෝගීකොට ගෙන පාරිසරික තොරතුරු සැපයීම සිදුකරනු ලැබේ.
විමර්ශන සේවය
තොරතුරු මූලාශ්‍ර පරිහරණය කිරීම සඳහා මෙම මධ්‍යස්ථානය කාර්යාලීය වේලාවන් තුළ විවෘතව ඇති අතර,( අවශ්‍ය අවස්ථාවන්හීදී ) ඡායා පිටපත් ලබා ගැනීමේ පහසුකම් ද සලසාදෙනු ලැබේ.
තත්කාලීන තොරතුරු සේවය
මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යමණ්ඩලයට එකිනෙකාගේ විෂය ක්ෂේත්‍ර අනුව දැනුම ලබාදීම, යාවත්කාලීන කිරීම, විද්‍යුත් තැපෑල මගින් හා ප්‍රායෝගිකව සිදුකරන අතර, මේ සඳහා පටුන පිටු සේවය, නව ග්‍රන්ථ නිකුත් කීරීමේ හා පුවත්පත්/සඟරා අනුක්‍රමණිකා සේවය යොදාගනී.
මාර්ගගත ප්‍රවේශ සේවය
පුස්තකාල සුචිය පරිගණකගත කර පාඨක විමර්ශන සේවය සඳහා පහසුකම් සපයා ඇත. පරිසර පුවත්පත් හා සඟරා අනුක්‍රමණිකා දත්ත පදනම මගින්, කර්තෘ, ලිපි ශීර්ෂ, වර්ෂය හා දින, අනුව තමන්ට අවශ්‍ය තොරතුරු ක්ෂණිකව ලබාගත හැක.
අන්තර්ජාල භාවිතය
තොරතුරු මධ්‍යස්ථානයේ දත්ත පදනම් අන්තර්ජාලය ඔස්සේ භාවිතා කිරීමේ පහසුකම් එහි සමාජිකයන්හට ලබා දී ඇත.
විශේෂ මූලාශ්‍ර එකතු
පහත දක්වා ඇති පුස්තකාල ද්‍රව්‍ය එකතුව ද විශේෂ මුලාශ්‍ර වශයෙන් තොරතුරු ගවේෂණය සඳහා භාවිතා වේ.
සේවා කාලය
මහජනතාව සඳහා මධ්‍යස්ථානය සතියේ දින වල පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 දක්වා විවෘතව ඇත.
|
වා-සංයුති, ශබ්ද සහ කම්පන උපදේශක අංශය වෙතින් සැලසෙන සේවා. වාණිජමය වශයෙන් වා-සංයුති, ශබ්ද සහ කම්පන සඳහා පරීක්ෂණ පැවැත්වීමේ පහසුකම් ඇත. වැඩි විස්තර සඳහා අමතන්න.
|
|
මධ්‍යම පරිසර අධිකාරියේ රසායනාගාරය පහත දක්වා ඇති අයුරින් ජලය/අපජලය පරීක්ෂා කිරීම සඳහා ගාස්තු අය කිරීම සිදු කෙරේ.
පරාමිතිය |
ගාස්තුව(රු.) |
පරාමිතිය |
ගාස්තුව(රු.) |
උපරිම වශයෙන් පැය 6ක් දක්වා සංයුක්ත ජල සාම්පල රැස් කිරීම සඳහා |
පැයකට 600/- |
ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම - මැනෝමෙට්‍රික් ක්‍රමය |
550 |
පැයකට ගැලීම් වේගය |
ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම- වින්ක්ලර් ක්‍රමය |
700 |
|
පැය 6ට අඩු කාලයක් තුළ සංයුක්ත ජල සාම්පල රැස් කිරීම සඳහා |
පැයකට 800/- |
තෙල් සහ ග්‍රීස් ප්‍රමාණය |
1000 |
ඇමෝනියා ප්‍රමාණය |
500 |
||
ජලයේ උෂ්ණත්වය/ පීඑච් අගය/ විද්‍යුත් සන්නායකතාව/ ලවණ ප්‍රමාණය/ ආම්ලතාවය |
400 |
නයිට්‍රේට් (වර්ණමිතික ක්‍රමය) |
500 |
මුළු ඝන ද්‍රව්‍ය ප්‍රමාණය |
600 |
නයිට්‍රයිට් වර්ණමිතික ක්‍රමය |
350 |
සියළුම අවලම්භිත ඝන ද්‍රව්‍ය ප්‍රමාණය |
400 |
මුළු ජෙල්ඩාල් නයිට්‍රජන් ප්‍රමාණය |
500 |
දිය වී ඇති ඝන ද්‍රව්‍ය ප්‍රමාණය |
400 |
ෆොස්ෆේට් (වර්ණමිතික ක්‍රමය) |
500 |
සියළුම දිය වී ඇති ඝන ද්‍රව්‍ය ප්‍රමාණය |
400 |
ක්ලෝරයිඩ් අයඩොමිතික අනුමාපක ක්‍රමය |
350 |
ජලයේ දිය වී ඇති ඔක්සිජන් ප්‍රමාණය |
250 |
බයිකාබනේට් |
250 |
සල්ෆයිඩ් |
450 |
දෘඩතා අයඩොමිතික අනුමාපක ක්‍රමය |
300 |
සල්ෆේට් භාරමිතික ක්‍රමය |
450 |
මැග්නීසියම් |
250 |
අවශේෂ ක්ලෝරීන් ප්‍රමාණය |
300 |
කැල්සියම් |
250 |
ජලයේ දිය වී ඇති ඔක්සිජන් ප්‍රමාණය |
250 |
මුළු කෝලියාකාර බැක්ටීරියා ප්‍රමාණය |
500 |
රසායනික ඔක්සිජන් ඉල්ලුම |
700 |
මළ කෝලියාකාර බැක්ටීරියා ප්‍රමාණය |
500 |
බැර ලෝහ | 900 සිට 1250 |
ඉහත දක්වා ඇති ගාස්තු වලට අමතරව විශ්ලේෂණ වියදම් වලින් 15%ක කාර්යාලයීය වියදම් ගාස්තු, ප්‍රවාහන වියදම් සහ රජයේ අනුමත බදු (2% NBT සහ 12% VAT) එකතු කරනු ලැබේ
2008.02.01 දිනැති අංක 1534/18 දරණ අති විශේෂ ගැසට් නිවේදනය යටතේ උපද්‍රවකාරී අපද්‍රව්‍ය, උපලේඛනගත අපද්‍රව්‍ය ලෙස නම් කර දක්වා තිබේ.
2008 අංක 1 දරණ ජාතික පාරිසරික (ආරක්ෂණ හා තත්ත්ව) රෙගුලාසි වල II කොටස යටතේ VIIIවන උපලේඛනයේ දක්වා ඇති පරිදි උපලේඛනගත අපද්‍රව්‍ය භාවිතයේ නියුතු (උත්පාදනය, එක්රැස් කිරීම, ප්‍රවාහනය කිරිම, ගබඩා කිරීම, නිෂ්කර්ෂණය හෝ ප්‍රතිචක්‍රීකරණය සහ එම අපද්‍රව්‍ය බැහැර කිරීම හෝ බැහැර කිරීම සඳහා භූමියක් හෝ පහසුකමක් සැපයීම) සියළුම පුද්ගලයින් මධ්‍යම පරිසර අධිකාරියෙන් ඒ සඳහා බලපත්‍රයක් ලබා ගත යුතුයි.
උපලේඛනගත අපද්‍රව්‍ය කළමනාකරණ බලපත්‍ර ලබා දීමේ ක්‍රියාවලිය
ප්‍රථම පරීක්ෂණ කටයුතු සඳහා පමණක් පරීක්ෂණ ගාස්තු අය කරනු ලැබේ.
මධ්‍යම පරිසර අධිකාරිය වෙතින් පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගෙන ඇති කර්මාන්ත මෙම පරීක්ෂණ ගාස්තු ගෙවීමෙන් නිදහස් වේ.
මධ්‍යම පරිසර අධිකාරියේ අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ නිලධාරීන් විසින් ක්ෂේත්‍ර පරීක්ෂාව සිදු කරනු ලැබේ.
උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණයට ගෙන ඇති පියවර සතුටුදායක නම්, බලපත්‍ර ගාස්තුව ගෙවීමෙන් පසු අදාල බලපත්‍රය නිකුත් කරනු ලැබේ.
බලපත්‍ර ගාස්තු :
උපද්‍රවකාරී අපද්‍රව්‍ය උත්පාදනය | රු. 1 000.00 |
උපද්‍රවකාරී අපද්‍රව්‍ය එක්රැස් කිරීම | රු. 1 000.00 |
උපද්‍රවකාරී අපද්‍රව්‍ය ගබඩා කිරීම | රු. 10 000.00 |
උපද්‍රවකාරී අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම | රු. 2 000.00 |
උපද්‍රවකාරී අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය | රු. 5 000.00 |
උපද්‍රවකාරී අපද්‍රව්‍ය නිෂ්කර්ෂණය | රු. 5 000.00 |
උපද්‍රවකාරී අපද්‍රව්‍ය බැහැර කිරීම | රු. 100 000.00 |
2008.01.25 දින අංක 1533/16 දරණ ගැසට් නිවේදනය යටතේ "අ" හා "ආ" ලෙස වර්ග කර ඇති කර්මාන්ත ක්‍රියාකාරකම් වලින් සිදුවන පරිසර දූෂණයන් හා සම්බන්ධ පැමිණිලි අප වෙත යොමු කළ යුතුයි. 1980 අංක 47 දරණ සංශෝධිත ජාතික පරිසර පනත යටතේ දක්වා නොමැති වෙනත් ක්‍රියාකාරකම් සම්බන්ධ පැමිණිලි විභාග කිරිමට මධ්‍යම පරිසර අධිකාරියට බලයක් නොමැති බව කරුණාවෙන් සලකන්න. පරිසර කළමනාකරණ කටයුතු සම්බන්ධ යම් පරිසර දූෂණයක් සිදුවන මුල් අවස්ථාවේදී ම ඒ පිළිබඳව, ඒ ප්‍රදේශයට අදාල මධ්‍යම පරිසර අධිකාරියේ පළාත් හෝ දිස්ත්‍රික් කාර්යාලයට දැනුම් දිය යුතුයි. ඔබ එවැන්නක් දැනුම් දුන් විට අදාල පැමිණිල්ල විභාග කර ගන්නා ලද ක්‍රියාමාර්ග පිළිබඳව ඔබව දැනුම්වත් කරනු ඇත.
පළාත් පාලන ආයතන මගින් විසඳාලිය හැකි ගැටළු මොනවා ද?
2008.01.25 දින අංක 1533/16 දරණ ගැසට් නිවේදනය යටතේ ඇ ලෙස කාණ්ඩ කර ඇති කර්මාන්ත ක්‍රියාකාරකම් වලින් සිදුවන පරිසර දූෂණයන් හා සම්බන්ධ පැමිණිලි විසඳීම සඳහා අවශ්‍ය බලතල පළාත් පාලන ආයතනවල ට (නගර සභා, මහ නගර සභා සහ ප්‍රාදේශීය සභා) ලබා දී තිබේ.
පළාත් පාලන ආයතන මගින් විසඳාලිය හැකි පරිසර දූෂණය සම්බන්ධ පැමිණිල්ලක් ඔබ විසින් ඉදිරිපත් කර ඇති අවස්ථාවක, අදාල පළාත් පාලන ආයතනය ඒ පිළිබඳව කටයුතු කිරීමට අපොහොසත් වන්නේ නම් සහ අදාල ගැටළුව තවමත් නොවිසඳී පවතින්නේ නම්, අදාල පළාත් පාලන ආයතනයේ කොමසාරිස්වරයා හෝ සභාපතිවරයා වෙත එම ගැටළුව ඉදිරිපත් කළ යුතුය. මෙහි දී ගැටළුව සම්බන්ධ සියළු ලිපි ලේඛනත්, අදාල පළාත් පාලන ආයතනය හා ඔබ අතර ගනුදෙනු වූ සියළු ලිපි ලේඛනත් ඉදිරිපත් කළ යුතු වේ.
ඔබට උපකාර විය හැකි අනෙකුත් වගකිවයුතු ආයතන මොනවා ද?
|
පැමිණිල්ලේ ස්වභාවය |
පැමිණිලි කළ යුතු/ වගකිවයුතු ආයතනය |
01. |
කැණීම් කටයුතු - වැලි ගොඩ දැමීම, ගල් කොරි පිපිරවීම, භූමිය කැපීම/කැණීම වැනි |
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය |
02. |
සන්නිවේදක කුළුණු ස්ථාපනය කිරීම |
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව |
03. |
භූමි අත්පත්කර ගැනීම් |
ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව. |
04. |
වනජීවී හා වාසස්ථාන සංරක්ෂණය ආශ්‍රිත කරුණු |
වනජීවී දෙපෙර්තමේන්තුව |
05. |
ආයෝජන මණ්ඩලය විසින් අනුමත කරන ලද කර්මාන්ත ආශ්‍රිත පැමිණිලි |
ආයෝජන මණ්ඩලය |
06 |
වෙරළ තීරය ආශ්‍රිත පැමිණිලි |
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව |
07. |
කුඹුරු ඉඩම් ගොඩ කිරීම |
ගොවිජන සංවර්ධන සේවා දෙපාර්තමේන්තුව |
08. |
නගර සභා කසළ බැහැර කිරීම |
පළාත් පාලන ආයතන |
ඔබගේ පැමිණිලි ලිඛිතව ඉදිරිපත් කරන්නේ නම් වඩා සුදුසු වේ. දුරකථනයෙන් දැනුම් දෙනු ලබන ඕනෑම පැමිණිල්ලක්, අප විසින් සපයා ඇති පැමිණිලි ආකෘති ලේඛනය මගින් ලිඛිතව ඉදිරිපත් කිරීම වඩා සාර්ථක විමර්ශනයක් සිදු කිරීමට ඉඩ සලසයි.
නිර්නාමික පැමිණිලි පිළිබඳව අවධානය යොමු නොකරන බව කාරුණිකව සලකන්න. බොහෝ විට පැමිණිලිකරු පිළිබඳව සපයා ඇති තොරතුරු ප්‍රමාණවත් නොවන අසංවිධානාත්මක තොරතුරු වන අතර එය පැමිණිල්ල විමර්ශනය කිරීම අසීරු විමට හෝ විමර්ශනය නොකිරීමට හේතු වේ. තව ද පැමිණිලිකරු පිළිබඳව තොරතුරු සපයා නොමැති විට දී අපගේ විමර්ශන ප්‍රතිඵල ඔබට දැනුම් දීමට ද ක්‍රමවේදයක් නොමැති වේ.
කෙසේ වෙතත් ඔබගේ අනන්‍යතාව සඟවා තැබීම වැදගත් වන්නේ නම් එම තීරණය අප විසින් ගරු කොට සලකනු ලබන අතර, කිසිදු අවස්ථාවක එම තොරතුරු බාහිර සමාජයට එළදරවු කිරීම අප විසින් සිදු නොකෙරේ.
* පාරිභෝගිකයාට අවශ්‍ය සේවාවේ විෂය ප්‍රමාණය අනුවත් ප්‍රතිදානය අවශ්‍ය කරන ආකාරය අනුවත් ඒ ඒ සේවාවන් සඳහා අය කරනු ලබන මුදල් ප්‍රමාණය වෙනස් වේ.
අධ්‍යක්ෂක (පර්යේෂණ හා සංවර්ධන),
එම්. ඒ.ඒ.එන්. හේමකුමාර මහතා,
දුරකථන/ ෆැක්ස් අංකය- 0112867263
විද්‍යුත් තැපැල්-
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999