Tamil-SriLankaEnglish (UK)
  • 6C4A7869 1.jpg
  • 6C4A7987 1.jpg
  • aa9.jpg
  • img10.jpg
  • IMG_2750 1.jpg
  • sliderN3.jpg
  • sliderN5.jpg
  • sliderN6.jpg
  • sliderN7.jpg
  • sliderN8.jpg
  • thumb01.jpg
  • thumb02.jpg
  • WhatsApp Image 2024-06-06 at 09.28.57 1.jpg

 

 Minister New පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි   මහතාගේ  පණිවුඩය                                      ශ‍්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය සහ පරිසරය අතර සමතුලිතතාව රැකෙන පරිදි දේශීය සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව.. තවදුරටත් කියවන්න.    
 Dy Ministerපරිසර නියෝජ්‍ය අමාත්‍ය  ඇන්ටන්   ජයකොඩි  මහතාගේ පණිවුඩය                       ශ‍්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය සහ පරිසරය අතර සමතුලිතතාව රැකෙන පරිදි දේශීය සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව..තවදුරටත් කියවන්න.    
 New Chairmanමධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, මහාචාර්යය තිලක් හේවාවසම් මහතාගේ පණිවුඩය                මධ්‍යම පරිසර අධිකාරිය, අප රටේ ස්ථාපිත කර තිබෙන සුවිශේෂී අත්‍යවශ්‍ය ම.... තවදුරටත් කියවන්න.                                                                                 
 DG Mr.Padmasiri  මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්,        පද්මසිරි මූණමලේ මහතාගේ පණිවුඩය                         පස, ජලය සහ වාතය වැනි අත්‍යවශ්‍ය සංරචක ඇතුළත් පරිසරය විශාල ජීවීන් සමූහයකට අපූරු වාසස්ථානයක් සපයයි.  තවදුරටත් කියවන්න.                                                         

මධ්‍යම පරිසර අධිකාරිය වෙත සාදරයෙන් පිළිගනිමු

1980 අංක 47 දරණ ජාතික පරිසර පනත යටතේ වර්ෂ 1981 අගෝස්තු මස මධ්‍යම පරිසර අධිකාරිය ස්ථාපනය කරන ලදී. ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය සහ පාරිසරික කටයුතු ඒකාබද්ධ කිරීමේ අරමුණ පෙරදැරිව, වර්ෂ 2001 දී පිහිටුවන ලද පරිසර සහ ස්වාභාවික සම්පත් පිළිබඳ අමාත්‍යංශය විසින් මධ්‍යම පරිසර අධිකාරිය හා සම්බන්ධ සියළු වගකීම් දරනු ලැබේ. මධ්‍යම පරිසර අධිකාරිය සතු නෛතික බලතල 1988 අංක 56 දරණ ජාතික පරිසර (සංශෝධන) පනත යටතේ පුළුල් කරන ලදී.

ශ්‍රී ලංකාවේ පාරිසරික ගැටළු තක්සේරුකරණ ක්‍රියාවලියේ දී මහජන සහභාගීත්වය ඉතා වැදගත් වේ. ජාතික පරිසර පනතෙහි මේ සඳහා නියමයන් දක්වා තිබේ.

පාරිසරික ගැටළු තක්සේරුකරණ වාර්තාවක් ඉදිරිපත් වූ විට ජාතික පරිසර පනත අනුව එය මහජන අදහස් හා විමසීම් සඳහා දින 30ක කාලයකට අනිවාර්යයෙන් ම විවෘතව තැබිය යුතු වේ. මෙම වාර්තා සිංහල. දෙමළ සහ ඉංග්‍රිසි මාධ්‍ය තුනෙන්ම සකස් කර මහජනතාව වෙත විවෘතව තැබිය යුතුය. මෙම වාර්තා සාමාන්‍යයෙන් මධ්‍යම පරිසර අධිකාරි පුස්තකාලයේ ත්, අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ ප්‍රාදේශීය සභාවෙහි මහජන අදහස් සඳහා විවෘතව තබනු ලැබේ. මේ පිළිබඳ අදහස් දැක්වීමට අවශ්‍ය ඕනෑම අයෙකුට ඉහත කී දින 30ක කාලය ඇතුළත මධ්‍යම පරිසර අධිකාරිය වෙත හෝ අදාල ව්‍යාපෘති අනුමත කිරිමේ ආයතනය වෙත ලිඛිතව පැමිණිලි හෝ අදහස් ඉදිරිපත් කළ හැකිය. ව්‍යාපෘති අනුමත කිරිමේ ආයතනය විසින් යම් පාරිසරික ගැටළු තක්සේරුකරණ වාර්තාවක් පිළිබඳව දින 30ක් ඇතුළත මහජන අදහස් ලබා ගැනීම සඳහා ජාතික පුවත්පත් වල දැන්වීම් පල කරනු ලැබේ. එම දැන්වීමෙහි අදාල පාරිසරික ගැටළු තක්සේරුකරණ වාර්තාව විමසීමට ලක් කළ හැකි ස්ථානය හා වේලාව දක්වනු ලැබේ. ඡායා පිටපත් ගාස්තු ගෙවා ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනය වෙතින් අදාල පාරිසරික ගැටළු තක්සේරුකරණ වාර්තාවෙහි පිටපත් ලබා ගැනිමට මහජනතාවට අවස්ථාව ඇත. යම් පාරිසරික ගැටළු තක්සේරුකරණ වාර්තාවක් පිළිබඳව විවෘත විභාගයක් පැවැත්වීම මහජන අවශ්‍යතාවක් නම් ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනය විසින් එවැන්නක් මෙහෙයවනු ලැබේ.

සියළුම මහජන අදහස් ව්‍යාපෘති යෝජකයා හට දන්වනු ලැබේ. ව්‍යාපෘති යෝජනාව සාර්ථක කර ගැනීමට ව්‍යාපෘති යෝජකයා විසින් එම අදහස් සඳහා සතුටුදායක අන්දමින් ප්‍රතිචාර දැක්විය යුතුය.

පූර්ව පාරිසරික පරීක්ෂණ වාර්තා මහජන අදහස් සඳහා දින 30ක විවෘත ව තැබීම අවශ්‍ය නොවේ. කෙසේ වෙතත් පූර්ව පාරිසරික පරීක්ෂණ වාර්තාව මහජන විමසීම් සඳහා විවෘත ලියවිල්ලක් වශයෙන් තබා ගත යුතු වේ.

මීට අමතරව, පාරිසරික බලපෑම් ඇගැයීමක් සිදු කෙරෙන අවස්ථාවක දී පොදු/ ප්‍රාදේශීය ජනතාව සමඟ අදහස් හුවමාරු කර ගන්නා මෙන් ව්‍යාපෘති යෝජකයාහට උපදෙස් දෙනු ලැබේ. පොදු ජනතාව වෙත ව්‍යාපෘතිය පිළිබඳ තත්‍ය තොරතුරු ලබා දෙන බවට ව්‍යාපෘති යෝජකයා වගකිව යුතු වේ. ව්‍යාපෘතිය හේතුවෙන් මහජනතාව වෙත ඍණාත්මක බලපෑම් එල්ල වේ නම් මහජනතාව සමග එක්ව පරිසර දූෂණය අවම වන විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බලා ඒවා ක්‍රියාත්මක කිරීමට ව්‍යාපෘති යෝජකයා බැඳී සිටී.

Monday, 26 August 2013 11:47 අවසන් වර ට යාවත්කාල කළ දිනය

අපගේ සේවාවන්

පරිසර ආරක්ෂණ බලපත්‍ර ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම

 

පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගෙන පරිසරය සුරැකීමට දායක වන්න..



පරිසරය සම්බන්ධ මහජන පැමිණිලි

 

පරිසර ගැටළු ආශ්‍රිත මහජන පැමිණිලි විසඳීම..

පර්යේෂණ හා සංවර්ධන අංශය

 

සිතියම්, දත්ත හා තොරතුරු...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

EPA All

hinq

ech1981ecnf

infoactsin

NEIC6

polys

bios

biodegsin

airwaterIndex

 isoy

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
පාරිසරික පැමිණිලි මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවිය හරහා පාරිසරික පැමිණිලි... තවදුරටත් කියවන්න
2025 නව වසරේ ආරම්භය සනිටුහන් කිරීම 2025 නව වසරේ ආරම්භය සනිටුහන් කරමින්, මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න