Tamil-SriLankaEnglish (UK)
  • English.jpg
  • Sinhala copy.jpg
  • slider2.jpg
  • slider3.jpg
  • slider4.jpg
  • slider5.jpg
  • slider6.jpg
  • thumb02.jpg

 

 Minister New පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි   මහතාගේ  පණිවුඩය                                      ශ‍්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය සහ පරිසරය අතර සමතුලිතතාව රැකෙන පරිදි දේශීය සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව.. තවදුරටත් කියවන්න.    
 Dy Ministerපරිසර නියෝජ්‍ය අමාත්‍ය  ඇන්ටන්   ජයකොඩි  මහතාගේ පණිවුඩය                       ශ‍්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය සහ පරිසරය අතර සමතුලිතතාව රැකෙන පරිදි දේශීය සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව..තවදුරටත් කියවන්න.    
 Chairman newමධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, මහාචාර්ය තිලක් හේවාවසම් මහතාගේ පණිවුඩය                මධ්‍යම පරිසර අධිකාරිය, අප රටේ ස්ථාපිත කර තිබෙන සුවිශේෂී අත්‍යවශ්‍ය ම.... තවදුරටත් කියවන්න.                                                                                 
Mr.Kapila Rajapakshaමධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්,       කපිල රාජපක්ෂ මහතාගේ පණිවුඩය                        
 
                                               

 

 

මධ්‍යම පරිසර අධිකාරිය වෙත සාදරයෙන් පිළිගනිමු

1980 අංක 47 දරණ ජාතික පරිසර පනත යටතේ වර්ෂ 1981 අගෝස්තු මස මධ්‍යම පරිසර අධිකාරිය ස්ථාපනය කරන ලදී. ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය සහ පාරිසරික කටයුතු ඒකාබද්ධ කිරීමේ අරමුණ පෙරදැරිව, වර්ෂ 2001 දී පිහිටුවන ලද පරිසර සහ ස්වාභාවික සම්පත් පිළිබඳ අමාත්‍යංශය විසින් මධ්‍යම පරිසර අධිකාරිය හා සම්බන්ධ සියළු වගකීම් දරනු ලැබේ. මධ්‍යම පරිසර අධිකාරිය සතු නෛතික බලතල 1988 අංක 56 දරණ ජාතික පරිසර (සංශෝධන) පනත යටතේ පුළුල් කරන ලදී.

ව්‍යාපෘතිය යෝජනා කරන පාර්ශවය විසින් මූලිකවම සොයා ගත යුතු කරුණ වන්නේ යෝජිත ව්‍යාපෘතිය, 93.06.24 දින අංක 772/22, 95.02.23 දින අංක 859/14, 99.11.06 දින අංක 1104/22 සහ 99.11.29 දින අංක 1108/1 දරණ ගැසට් නිවේදන යටතේ නියම කළ ව්‍යාපෘතීන් යැයි දක්වා ඇති කාණ්ඩ වලට අයත් වන්නේද යන්නයි. මෙය මධ්‍යම පරිසර අධිකාරියෙන් විමසීම මගින් හෝ අදාල ගැසට් නිවේදන පරිශීලනයෙන් දැන ගත හැකිය. මධ්‍යම පරිසර අධිකාරිය විසින් ව්‍යාපාති යෝජක වෙත මූලික තොරතුරු ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කර අදාල ව්‍යාපෘතිය නියම කළ ව්‍යාපෘතීන් ගණයට අයත් වන්නේ දැයි තීරණය කරනු ඇත. (මෙම මූලික තොරතුරු ප්‍රශ්නාවලිය, මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ පාරිසරික බලපෑම් ඇගයීම් අංශය වෙතින් ද, මධ්‍යම පරිසර අධිකාරියේ පළාත්/ දිස්ත්‍රික් කාර්යාල වෙතින් ද, මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවිය වෙතින් බා-ගත කිරිම මගින් ද ලබා ගත හැකිය. ) අදාල ව්‍යාපෘතිය නියම කළ ව්‍යාපෘතීන් ගණයට අයත් වන්නේ නම්, මධ්‍යම පරිසර අධිකාරිය විසින් නම් කරනු ලබන සුදුසු ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනයක අධීක්ෂණය යටතේ එම ව්‍යාපෘතිය සඳහා පාරිසරික බලපෑම් ඇගයීමක් හෝ මූලික පාරිසරික පරීක්ෂණයක් පවත්වනු ලැබේ. ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනය විසින් පාරිසරික බලපෑම් ඇගයීමක් හෝ මූලික පාරිසරික පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය උපදෙස් ව්‍යාපෘති යෝජක වෙත ලබා දෙනු ලැබේ.


අදාල ව්‍යාපෘතිය වෙරළ කලාපය තුළ ස්ථානගත කෙරෙන්නේ නම්, ව්‍යාපෘති යෝජක විසින් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරයා විමසිය යුතු වේ.
අදාල ව්‍යාපෘතිය කිසියම් ජාතික රක්ෂිතයක මායිමකට සැතපුමක් දුරින් වන කලාපයේ ස්ථානගත කෙරෙන්නේ නම්, ව්‍යාපෘති යෝජක විසින් වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා විමසිය යුතු වේ.

Thursday, 14 September 2023 05:50 අවසන් වර ට යාවත්කාල කළ දිනය

අපගේ සේවාවන්

පරිසර ආරක්ෂණ බලපත්‍ර ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම

 

පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගෙන පරිසරය සුරැකීමට දායක වන්න..



පරිසරය සම්බන්ධ මහජන පැමිණිලි

 

පරිසර ගැටළු ආශ්‍රිත මහජන පැමිණිලි විසඳීම..

පර්යේෂණ හා සංවර්ධන අංශය

 

සිතියම්, දත්ත හා තොරතුරු...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

EPA All

නවතම පුවත් සහ තොරතුරු

ජනාධිපති පරිසර සම්මාන උළෙල 2025 මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු... තවදුරටත් කියවන්න