Tamil-SriLankaEnglish (UK)
  • 6C4A7869 1.jpg
  • 6C4A7987 1.jpg
  • aa9.jpg
  • img10.jpg
  • IMG_2750 1.jpg
  • sliderN3.jpg
  • sliderN5.jpg
  • sliderN6.jpg
  • sliderN7.jpg
  • sliderN8.jpg
  • thumb01.jpg
  • thumb02.jpg
  • WhatsApp Image 2024-06-06 at 09.28.57 1.jpg

 

 Minister New පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි   මහතාගේ  පණිවුඩය                                      ශ‍්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය සහ පරිසරය අතර සමතුලිතතාව රැකෙන පරිදි දේශීය සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව.. තවදුරටත් කියවන්න.    
 Dy Ministerපරිසර නියෝජ්‍ය අමාත්‍ය  ඇන්ටන්   ජයකොඩි  මහතාගේ පණිවුඩය                       ශ‍්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය සහ පරිසරය අතර සමතුලිතතාව රැකෙන පරිදි දේශීය සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව..තවදුරටත් කියවන්න.    
 New Chairmanමධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, මහාචාර්යය තිලක් හේවාවසම් මහතාගේ පණිවුඩය                මධ්‍යම පරිසර අධිකාරිය, අප රටේ ස්ථාපිත කර තිබෙන සුවිශේෂී අත්‍යවශ්‍ය ම.... තවදුරටත් කියවන්න.                                                                                 
 DG Mr.Padmasiri  මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්,        පද්මසිරි මූණමලේ මහතාගේ පණිවුඩය                         පස, ජලය සහ වාතය වැනි අත්‍යවශ්‍ය සංරචක ඇතුළත් පරිසරය විශාල ජීවීන් සමූහයකට අපූරු වාසස්ථානයක් සපයයි.  තවදුරටත් කියවන්න.                                                         

මධ්‍යම පරිසර අධිකාරිය වෙත සාදරයෙන් පිළිගනිමු

1980 අංක 47 දරණ ජාතික පරිසර පනත යටතේ වර්ෂ 1981 අගෝස්තු මස මධ්‍යම පරිසර අධිකාරිය ස්ථාපනය කරන ලදී. ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය සහ පාරිසරික කටයුතු ඒකාබද්ධ කිරීමේ අරමුණ පෙරදැරිව, වර්ෂ 2001 දී පිහිටුවන ලද පරිසර සහ ස්වාභාවික සම්පත් පිළිබඳ අමාත්‍යංශය විසින් මධ්‍යම පරිසර අධිකාරිය හා සම්බන්ධ සියළු වගකීම් දරනු ලැබේ. මධ්‍යම පරිසර අධිකාරිය සතු නෛතික බලතල 1988 අංක 56 දරණ ජාතික පරිසර (සංශෝධන) පනත යටතේ පුළුල් කරන ලදී.

ගඟ ඉහළ සිට පහළට ජලයේ තත්ත්වය පරිහාණියකට ලක් වීම දඬුගම් ඔය ආශ්‍රිතව වාර්තා වේ. මෙහි ජල දූෂණ කාරක ගඟ පහළට යන විට ගෘහාශ්‍රිත මූලාශ්‍ර වල සිට කර්මාන්ත මූලාශ්‍ර දක්වා වෙනස් වේ.

ජලයේ තත්ත්ව දර්ශකව සඳහා භාවිත කෙරෙන සියළුම පරාමිතීන් යටතේ දඬුගම් ඔය ජලයේ තත්ත්වය සතුටුදායක නොවන බව වාර්තා වේ. මතුපිට ඛාදනයේ දර්ශකයක් වන රොන්මඩ ප්‍රමාණය සහ ක්ෂුද්‍ර ජීවී ගණත්වය පරීක්ෂණ පවත්වන ලද කාලය මුළුල්ලේම ඉහළ අගයයන් ගෙන තිබේ. ජලයේ තත්ත්ව දර්ශකය අනුව සාම්පල ලබා ගත් සියළුම ස්ථාන වල ජලයේ සෞඛ්‍යාරක්ෂිත භාවය දුර්වල බව දැක්වේ. (පරාමිතීන් 11ක් යටතේ පරීක්ෂා කරන ලද දඬුගම් ඔය ජලයේ ජල තත්ත්ව දර්ශක අගය 45-64 මට්ටමේ පැවතිණි)

දඬුගම් ඔයෙහි ඉහළ (කිරිඳිවිට සහ කොටුගොඩ) ප්‍රදේශයේ ජලය කර්මාන්ත ජල දූෂණයේ සාධක නො දරයි. ඔයෙහි ඉහළ ප්‍රදේශයේ ජලය දූෂණය වීම ඉතා අවම යි.  එහි පවතිනුයේ රොන්මඩ අවසාධන සහ ක්ෂුද්‍ර ජීවී ගණත්වය ඉහළ යාම යන සාධක යි. පරීක්ෂා කරන ලද අනෙකුත් ස්ථාන වලට සාපේක්ෂව දඬුගම් ඔයෙහි ජල තත්ත්ව දර්ශකයේ ඉහළම අගය කිරිඳිවිට (58) ප්‍රදේශයෙන් ද දෙවන ඉහළම අගය කොටුගොඩ (57) ප්‍රදේශයෙන් ද වාර්තා වේ. පරීක්ෂණ පවත්වන ලද දෙවර්ෂය අතර තුර මෙම ස්ථාන දෙකෙ හි අනෙකුත් පරාමිතීන් ගේ ඉහළ යාමක් වාර්තා වී නොමැති තරම් වේ.

ගඟ මධ්‍යයෙහි සිට පහළට යන විට ගෘහාශ්‍රිත සහ මූලාශ්‍ර රහිත අපද්‍රව්‍ය වලට සාපේක්ෂව කර්මාන්ත දූෂණයේ සාධක බහුල ව හමු වේ. ඕපාත සිට ගඟ පහළට යන විට එය පැහැදිලිව දිස් වේ. ජලයේ දිය වූ ඔක්සිජන් ප්‍රමාණය මෙම ස්ථානයේ සිට අවප්‍රමාණ වීම සහ රසායනික ඔක්සිජන් ඉල්ලුම ඉහළ අගයයක් ගැනිම බොහෝ විට වාර්තා වි ඇත. ජලයේ ද්‍රාවිත බැර ලෝහ ප්‍රමාණය, නයිට්‍රේට සහ ෆොස්ෆේට ප්‍රමාණය හඳුනා ගැනීමට පරීක්ෂා කරන ලද ක්‍රමයේ සංවේදී සීමාව ට වඩා පහළ අගයයක් ගනී. පරීක්ෂණ පැවැති සම්පූර්ණ කාලය තුළ ජලයේ දිය වු බැර ලෝහ ප්‍රමාණය මධ්‍යම පරිසර අධිකාරිය විසින් යෝජනා කර ඇති  ප්‍රමිතින් ගේ අගයයන් ට වඩා ඉතා අඩු අගයයන් ගෙන් සමන්විත විය.  2012 අගෝස්තු මාසයේ සිට ජලයේ ද්‍රාවිත ක්‍රෝමියම් ප්‍රමාණයේ කැපී පෙනෙන වර්ධනයක් (ජල ලීටරයට මිලි ග්‍රෑම් 0.01 සිට 0.04 දක්වා) දැකිය හැක්කේ ඕපාත ප්‍රදේශයේ සිට ගඟ පහළට යන විට යි.කෙසේ වෙතත් මෙම අගය මධ්‍යම පරිසර අධිකාරිය විසින් ප්‍රකාශිත පරිමණ්ඩිත ජල තත්ත්ව ප්‍රමිති අගයයන් ට වඩා අඩු අගයයක් ගනී. නමුත් තව දුරටත් සලකා බැලීමේ දී පෙනී ගිය කරුණක් නම් පරීක්ෂාවට ලක් කළ බොහෝ අවස්ථා වල දී ගඟ පහළ ප්‍රදේශයන් හි වාර්තා වූ රසායනික ඔක්සිජන් ඉල්ලුම සම්මත අගයයට සාපේක්ෂව ඉහළ අගයයක් ගන්නා බවයි. ගඟෙහි ජල මට්ටම අඩු සහ වැඩි කාල වකවානු වල දී ලබා ගත් ජල දූෂණ කාරක මිනුම් වල ඇති කැපී පෙනෙන වෙනසක් නිරූපණය වේ.

දඬුගම් ඔයෙහි පහළට යන විට ජල තත්ත්ව දර්ශක අගය ක්‍රමයෙන් 45 දක්වා අඩු වේ. ක්ෂුද්‍ර ජීවී ගණත්වය ගඟ පහළ ප්‍රදේශයේ දී ඉහළ ප්‍රදේශයන් හි දී දැක්වූ අගයයන් ට සාපේක්ෂව ඉතා අඩු ය.

රොන්මඩ ප්‍රමාණය සහ මළ මිශ්‍ර වීම යන සාධක ඉවත් කර ජල තත්ත්ව දර්ශකයන් සලකා බැලීමේ දී දඬුගම් ඔයෙහි ඉහළ ප්‍රදේශයේ ගෘහාශ්‍රිත දූෂක මූලාශ්‍ර ප්‍රමුඛතාවක් ගන්නා බව පෙනී යයි. එසේ එම පරාමිතීන් ඉවත් කොට ජල තත්ත්වය පරීක්ෂා කිරීමේ දී කිරිඳිවිට අගය 87% දක්වා ද කොටුගොඩ අගය 81% දක්වා ද ඉහළ ගොස් ඇති බව අනාවරණය විය. ගෘහාශ්‍රිත මූලාශ්‍ර මගින් සිදු කෙරෙන අපද්‍රව්‍ය බැහැර කිරීම සහ ග්‍රාමීය කසළ බැහැර කිරීම පාලනය කිරීම මගින් මෙම ප්‍රදේශයන්හි ජලයේ තත්ත්වය විශිෂ්ට ලෙස දියුණු කර යහපත් මට්ටම තෙක් ගෙන ඒමට හැකියාව පවතී.

ජල සාම්පල ලබා ගත් අනෙකුත් ප්‍රදේශ සලකා  බැලීමේ දී ඕපාත ප්‍රදේශයේ ජලයේ තත්ත්වය සාමාන්‍ය මට්ටම දක්වා ගෙන ඒමට ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය ජලයට මිශ්‍ර වීම වැළැක්විය යුතුයි. ගඟෙහි පහළ ප්‍රදේශයන්හි සිට ඕපාත දක්වා වන ජල තලයේ මට්ටම දියුණු කිරීමට ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය බැහැර කිරීම පාලනය කළ ද හැකියාවක් නොමැති බව පෙනී යයි. ජලයේ ගුණාත්මක භාවය අඩු වීමට ප්‍රධාන හේතුව කර්මාන්ත අපද්‍රව්‍ය මගින් කෙරෙන දූෂණය යි. එම නිසා තව දුරටත් දඬුගම් ඔයෙහි ජලයේ තත්ත්වය පහත යෑම වැළැක්වීම ට අවශ්‍ය පියවර ඉතා ඉක්මණින් ගත යුතු වේ.

ජල සාම්පල ලබා ගත් ස්ථාන

ස්ථානය භූ ගෝලීය පිහිටීම

කිරිඳිවිට පාලම

නැ.දේ 44386380, උ.අ. 0784148

කොටුගොඩ පාලම

නැ.දේ 44381229, උ.අ. 0787535

ඕපාත පාලම

නැ.දේ 44380612, උ.අ. 0789277

මුතුවාඩිය පාලම

නැ.දේ 44377962, උ.අ. 0791871

පල්ලිය හන්දිය පාලම

නැ.දේ 44377454, උ.අ. 0788598

කිරිඳිගොඩ පාලම

නැ.දේ 44376592, උ.අ. 0786017



ද්විත්ව විකල්ප ක්‍රමය යටතේ ජල සාම්පල ලබා ගත් ස්ථාන වල ජලයේ තත්ත්ව දර්ශක අගයයන්

ජල සාම්පල ලබා ගත් ස්ථානය

1 විකල්පය

2 විකල්පය

  දර්ශක අගය සෞඛ්‍යාරක්ෂිත තත්ත්වය ශ්‍රේණිය වර්ණ සංකේතය දර්ශක අගය සෞඛ්‍යාරක්ෂිත තත්ත්වය ශ්‍රේණිය වර්ණ සංකේතය

කිරිඳිවිට

58 දුර්වලයි D තැඹිලි 87 හොඳයි B කොළ

කොටුගොඩ

57 දුර්වලයි D තැඹිලි 81 හොඳයි B කොළ

ඕපාත

53 දුර්වලයි D තැඹිලි 71 හොඳයි C කහ

මුතුවාඩිය හන්දිය

50 දුර්වලයි D තැඹිලි 63 දුර්වලයි D තැඹිලි

පල්ලිය වත්ත හන්දිය

45 දුර්වලයි D තැඹිලි 56 දුර්වලයි D තැඹිලි

කිරිඳිගොඩ

54 දුර්වලයි D තැඹිලි 65 හොඳයි C කහ


ජල සාම්පල ලබා ගන්නා ස්ථාන ආශ්‍රිත ජල තත්ත්ව දර්ශක වාර්තා

Monday, 04 November 2013 06:40 අවසන් වර ට යාවත්කාල කළ දිනය

අපගේ සේවාවන්

පරිසර ආරක්ෂණ බලපත්‍ර ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම

 

පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගෙන පරිසරය සුරැකීමට දායක වන්න..



පරිසරය සම්බන්ධ මහජන පැමිණිලි

 

පරිසර ගැටළු ආශ්‍රිත මහජන පැමිණිලි විසඳීම..

පර්යේෂණ හා සංවර්ධන අංශය

 

සිතියම්, දත්ත හා තොරතුරු...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

EPA All

hinq

ech1981ecnf

infoactsin

NEIC6

polys

bios

biodegsin

airwaterIndex

 isoy

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
පාරිසරික පැමිණිලි මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවිය හරහා පාරිසරික පැමිණිලි... තවදුරටත් කියවන්න
2025 නව වසරේ ආරම්භය සනිටුහන් කිරීම 2025 නව වසරේ ආරම්භය සනිටුහන් කරමින්, මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න