නෙස්ලේ ලංකා පුද්ගලික සමාගමේ මූල්‍ය අනුග්‍රාහකත්වය සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව මධ්‍යම පරිසර අධිකාරිය විසින් පවත්වන ලද දීපව්‍යාප්ත පෝස්ටර් චිත්‍ර තරඟාවලියේ ජාතික මට්ටමේ ජයග්‍රාහකයන්හට ත්‍යාග ප්‍රදානය කිරීම ගරු පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රදානත්වයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම්, නෙස්ලේ සමාගමේ ශ්‍රී ලංකාවේ කළමනාකාර අධ්‍යක්ෂ බර්නාඩ් ස්ටේෆාන් හා අධ්‍යක්ෂ රුවන් වැලිකල යන මහත්වරුන් ඇතුළු සම්භාවනිය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පසුගිය ජූනි මස විසිපස්වනදා කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
මෙහිදී අට - දහය ශ්‍රේණි ඛාණ්ඩය යටතේ ප්‍රථම ස්ථානය කුරුණෑගල, දුටුගැමුණු මධ්‍ය මහ විද්‍යාලයේ ඩි.එම්.ඒ.අයි. සෙනරත්, දෙවන ස්ථානය පොලොන්නරුව ආනන්ද බාලිකා ජාතික පාසලේ ඒ.ජී.ජේ. සංකල්පනා දිසානායක, තෙවන ස්ථානය මාතලේ නාගොල්ල සිද්ධාර්ථ මධ්‍ය මහ විද්‍යාලයේ ඩී.ජී.එස්. හර්ෂි කුමාරී යන සිසු දරු දැරියන් විසින් දිනාගන්නා ලදී. එමෙන්ම එකොළහ සිට දහතුන ශ්‍රේණි ඛාණ්ඩය යටතේ ප්‍රථම ස්ථානය කෑගලු බාලිකා විද්‍යාලයේ ඩබ්ලිව්.එම්.එස්. යෙහානි වීරසිංහ, දෙවන ස්ථානය පොළොන්නරුව ආනන්ද බාලිකා ජාතික පාසලේ කේ. ශෂිනි පබසරා, තෙවන ස්ථානය රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයේ කේ.කේ. එස්. තරුමිලා චන්ද්‍රසේකර යන සිසු දැරියන් විසින් දිනා ගන්නා ලදී.
අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් පාසල් ප්‍රජාව දැනුම්වත් කිරීම සහ එම පණිවිඩය සමාජගත කිරීමේ අරමුණින් තෙවන වරටත් නෙස්ලේ සමාගමෙි මූල්‍ය අනුග්‍රහකත්වයෙන් මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙම වැඩසටහන සිදුකරන ලදී.
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999