Tamil-SriLankaEnglish (UK)

හරිත නායක වැඩසටහන විද්‍යාපීඨවලට හඳුන්වා දීමේ සමාරම්භක වැඩසටහන

1980 අංක 47 දරණ ජාතික පරිසර පනතින් ස්ථාපිත කරන ලද මධ්‍යම පරිසර අධිකාරිය 1984 වස‍රේ සිට අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ සහයෝගය ඇතිව පාසල් පරිසර නියමු වැඩසටහන හා අනෙකුත් අධ්‍යාපනික වැ‍ඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

මීට සමගාමීව, මධ්‍යම පරිසර අධිකාරිය විසින් අධ්‍යාපන අමාත්‍යංශය, ජාතික අධ්‍යාපන ආයතනය හා ඒකාබද්ධව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ තුළ ක්‍රියාත්මක කිරිම සඳහා "හරිත නායක වැඩසටහන" පිළියෙල කරන ලදී. මෙහි ප්‍රධාන අරමුණ වනුයේ ගුරු ශික්ෂණලාභියා පරිසර වගකීම්වලින් බැදුණු ජීවන රටාවකට හුරුකිරීම, පරිසර සංවේදී පුද්ගලයෙකු කිරීම හා පරිසර සංරක්ෂණ‍යෙහිලා නියමුවකු කිරීම මෙන්ම පාසල් පරිසර වැඩසටහන් සක්‍රීයව ක්‍රියාත්මක කිරීමය. මෙම සකස් කරන ලද වැඩසටහන 2024 වසරේ සිට සියලුම අධ්‍යාපන විද්‍යාපීඨවල ක්‍රියාත්මක කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය බලාපොරොත්තුවේ.

පීඨාධිපතිවරුන්ගේ මූලිකත්වයෙන් කථිකාචාර්‍යවරුන්ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන ඉහත වැඩසටහනට පදක්කම් ක්‍රියාවලිය, පරිසර කඳවුර, පරිසර විෂය පිළිබඳ පුහුණු වැඩසටහන්, පරිසරය‍ට අදාළ විවිධ ක්‍රියාකාරකම්, පරිසර ව්‍යාපෘති ආදී ක්‍රියාකාරකම් ඇතුළත් වේ. මෙම වැඩසටහන අධ්‍යාපන විද්‍යාපීඨවලට හදුන්වා දීමට අදාළ මූලික පියවරක් ලෙස අධ්‍යාපන විද්‍යාපීඨ 19 හි තෝරාගත් කථීකාචාර්‍යවරුන් පුහුණු කිරී‍මේ වැඩමුළු කොළඹ, නුවර හා වව්නියාව දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් මධ්‍යස්ථාන තුනක 2023 වසරේ දී පවත්වන ලදී.

මෙම වැඩසටහන අධ්‍යාපන විද්‍යාපීඨවලට හදුන්වාදීමේ සමාරම්භක උත්සවය ගරු අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මැතිතුමාගේ හා ගරු පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍යජානක වක්කුඹුර මැතිතුමාගේ ප්‍රධානත්ව‍යෙන් 2024.03.26 දිනමහරගම, ජාතික අධ්‍යාපන ආයතනය ශ්‍රවනාගාරයේ දී පැවැත්විය. මේ සඳහා අධ්‍යාපන විද්‍යාපීඨ නියෝජනය කරමින් පීඨාධිපතිවරුන්, කථිකාචාර්යවරුන්, මහරගම අධ්‍යාපන විද්‍යාපීඨයේ ගුරු ශික්ෂණලාභීන්, මධ්‍යම පරිසර අධිකාරියේ පළාත් හා දිස්ත්‍රික් කාර්යාල නියෝජනය කරමින් වැඩසටහනට සම්බන්ධ නිලධාරීන් ඇතුළු 300 කට අධික පිරිසක් සහභාගි විය.

66a1fc71-ee98-4a70-855f-c1629611c9b8

 

 

0cf18073-8efa-46d4-bc3d-cbaf7279c152

2ac2a5f7-0f9f-4950-b332-edfe63ec70f0

7c6ef065-5fb8-4823-9ae1-ae68c41ec778

7f415cab-5925-4b15-b0ad-bd4ad1ea898d

8f9877c3-e266-4cbf-b986-4d9480502afa

47d3bc5b-0a7b-4a38-8943-cc9067adf855

 

55e02c53-3cd7-4ebe-b1a0-8f7bf8d9e1ac

 

67ddad08-d9ee-4246-b073-2cd4056235b7

 

5786dafe-d892-4fe3-a9f1-45ce26541b24

 

20280fe8-a88e-42e2-a5b5-5d91df8c7e8ba8a8cdb7-3fe3-4319-8b61-dac582d026aa

 

a15dae16-2c8f-4d3f-946b-e47a7e8e2d1a

 

b78853cb-e626-457d-9583-76f7754da043

 

c854004a-d42f-4d18-94ea-286ecfe62023

e110429d-14b5-4c9f-8ea8-713651e97723

 

ffc257b6-fa68-436c-a382-64453465abf7

 

 

 

 

Monday, 01 April 2024 10:00 අවසන් වර ට යාවත්කාල කළ දිනය

hinq

ech1981ecnf

infoactsin

NEIC6

polys

bios

biodegsin

PEA2024cooltext4520530421691702024-03-15-Closing-Date-extended-up-to-31st-March-2024 1

 

airwaterIndex

weerawilasin

 isoy

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
පාරිසරික පැමිණිලි මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවිය හරහා පාරිසරික පැමිණිලි... තවදුරටත් කියවන්න
පරිසර පුරෝගාමී ජාතික කඳවුර මධ්‍යම පරිසර අධිකාරිය විසින් ශ්‍රී ලංකා පාසල් පද්ධතිය තුළ... තවදුරටත් කියවන්න
සේවා ඇගයීම මධ්‍යම පරිසර අධිකාරියේ කාර්ය මණ්ඩලය, 2024 නව වසරේ රාජකාරි... තවදුරටත් කියවන්න
2024 නව වසරේ රජකාරී ආරම්භ කිරීම මධ්‍යම පරිසර අධිකාරියේ කාර්ය මණ්ඩලය, ආගමික වතාවත් සඳහා... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දින ජාතික වැඩසටහන ලෝක තෙත්බිම් දිනය හා සමගාමීව සැසිවාර තුනකින් යුක්තව... තවදුරටත් කියවන්න