Tamil-SriLankaEnglish (UK)

ලෝක තෙත්බිම් දින ජාතික වැඩසටහන

ලෝක තෙත්බිම් දිනය හා සමගාමීව සැසිවාර තුනකින් යුක්තව වැඩසටහන් කිහිපයක් පෙබරවාරි මස 02 හා 03 වන දෙදින පුරා තලවතුගොඩ, දියසරු උද්‍යානයේදී පවත්වන ලදී. මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කරන ලද මෙවර තෙත්බිම් දින ජාතික උත්සවයේ සමාරම්භය හා පළමු සැසිය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා, අමාත්‍යාංශ ලේකම්වරු, ඉන්දියානු, ඉරාණ සහ එංගලන්ත තානාපතිවරුන්, රාජ්‍ය ආයතන ප්‍රධානින්, පෞද්ගලික ආයතන ප්‍රධානීන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. එහිදි ඒතාලෙයිකුලම් වැව් තෙත්බිම් පද්ධතිය පරිසර ආරක්ෂණ ප්‍රදේශයක් ලෙස නම් කිරීම හා ශ්‍රි ලංකාවේ දියඇලි 10 ක මුද්දර දහයක් එලිදැක්වීම ද සිදුකරන ලදී.
රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, පෞද්ගලික ආයතන සහ අදාළ පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් දෙදින පුරා තෙත්බිම් සංරක්ෂණය ආශ්‍රිතව ප්‍රදර්ශන හා දැනුවත් කිරිම්, තෙත්බිම් ආශ්‍රිත ක්ෂේත්‍ර අධ්‍යයන හා දැනුවත් කිරීම් චාරිකා, වනජීවී ඡායාරූපකරණය පිළිබඳ ප්‍රායෝගික වැඩසටහන්, තෙත්බිම් සංරක්ෂණය සඳහා ජනතාව යොමු කිරිම සම්බන්ධ විදී නාට්‍ය ආදී ක්‍රියාකාරකම් රැසක් දෙදින පුරා සංවිධානය කර ජනතාව දැනුම්වත් කිරිම් කටයුතු සිදුකරන ලදී.
තෙත්බිම් දින ජාතික උත්සවයේ තෙවන සැසිය ලෙස “තෙත්බිම් සැදෑව” සංවිධානය කර තිබු අතර, එහිදි තෙත්බිම් හා පරිසරය ආශ්‍රිත ගීත රසවින්දන හා විචාර වැඩසටහනක් සංවිධානය කරන ලදි. මේ සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු සහ අධ්‍යක්ෂවරුන් ඇතුළුව, 200ක පමණ පිරිසක් සහභාගී වූහ. තෙත්බිම් ආශ්‍රිත ක්‍රියාකාරකම් රැසක් සංවිධානය කර තිබූ මෙවර ලෝක තෙත්බිම් දින වැඩසටහන සඳහා 2000කට අධික ජනතාවක් මෙම තෙත්බිම් දින වැඩසටහන් සඳහා සහභාගී වූහ.

 

425696858 702444758725350 398501625394810432 n

425600398 702443552058804 2247165114074739487 n  425588420 702445245391968 6522231476979337368 n

425594439 702444555392037 2192788896703904363 n     423716124 702445672058592 4859104663749958905 n 

425547501 702447078725118 4088552797388805187 n   425683567 702444272058732 2498680673125129063 n

425684266 702446002058559 39172584066796470 n  425701913 702445145391978 4569704664050752302 n

425846902 702445072058652 5424343304863462538 n  425762319 702445305391962 2477954538731364703 n

425761838 702444522058707 3293182630706587585 n    425761554 702445008725325 5397454955716884064 n

425757234 702444465392046 7387929239684257167 n    425755474 702446672058492 4914325508078242484 n

425744775 702444702058689 2660106184075278365 n       425739746 702444785392014 1714643644406571470 n

 

Tuesday, 06 February 2024 07:17 අවසන් වර ට යාවත්කාල කළ දිනය

hinq

ech1981ecnf

infoactsin

NEIC6

polys

bios

biodegsin

PEA2024cooltext452053042169170

airwaterIndex

weerawilasin

 isoy

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
පාරිසරික පැමිණිලි මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවිය හරහා පාරිසරික පැමිණිලි... තවදුරටත් කියවන්න
පරිසර පුරෝගාමී ජාතික කඳවුර මධ්‍යම පරිසර අධිකාරිය විසින් ශ්‍රී ලංකා පාසල් පද්ධතිය තුළ... තවදුරටත් කියවන්න
සේවා ඇගයීම මධ්‍යම පරිසර අධිකාරියේ කාර්ය මණ්ඩලය, 2024 නව වසරේ රාජකාරි... තවදුරටත් කියවන්න
2024 නව වසරේ රජකාරී ආරම්භ කිරීම මධ්‍යම පරිසර අධිකාරියේ කාර්ය මණ්ඩලය, ආගමික වතාවත් සඳහා... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දින ජාතික වැඩසටහන ලෝක තෙත්බිම් දිනය හා සමගාමීව සැසිවාර තුනකින් යුක්තව... තවදුරටත් කියවන්න