මෙවර තෙත්බිම් දින ජාතික උත්සවය “මිනිසා සහ සොබාදහම උදෙසා තෙත්බිම් ක්‍රියාකාරකම්” තේමාව යටතේ, ගරු වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී. බී රත්නායක මැතිතුමා, වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙල හා කැලෑ නැවත වගාකිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු විමලවීර දිසානායක මැතිතුමා ඇතුළුව සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් 2022 පෙබරවාරි මස 02 දින පෙරවරු 9.00ට බත්තරමුල්ල “අපේ ගම” පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.
මධ්‍යම පරිසර අධිකාරිය හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව වාර්ෂිකව සංවිධානය කරන මෙම උත්සවය, මෙවර මධ්‍යම පරිසර අධිකාරියේ මූලිකත්වයෙන් සිදුකරන ලදී. මෙවර තෙත්බිම් දින ජාතික උත්සවයේදී තෙත්බිම් පිළිබඳ වාර්තා වැඩසටහනක් හා මධ්‍යම පරිසර අධිකාරිය විසින් ප්‍රකාශයට පත්කරන ලද “තෙත්බිම් අසිරිය” ග්රන්ථයෙහි නවතම සංස්කරණය එළි දැක්වීම ද සිදුකරන ලදී. එමෙන්ම, “මිනිසා සහ සොබාදහම උදෙසා තෙත්බිම් ක්‍රියාකාරකම්” යන තේමාව යටතේ, දීප ව්‍යාප්ත මට්ටමින් පවත්වන ලද කෙටිකතා හා කාව්‍ය නිර්මාණ තරඟයේ ජයග්රාහකයින්ට ත්‍යාග හා සහතික පත්‍ර ප්රදානය ද සිදුකරන ලදී.
මෙවර තෙත්බිම් දින ජාතික උත්සවයේ ප්‍රධාන ආරාධිත දේශනය “තෙත්බිම්හි වටිනාකම, තෙත්බිම් ආරක්ෂා කරගත යුත්තේ කෙසේද? ඒ සඳහා මහජන සහභාගීත්වය ලබාගන්නේ කෙසේ ද?” යනුවෙන්, ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනයේ සම්මානනීය විද්‍යාඥ, ආචාර්ය ප්‍රියානි අමරසිංහ මහත්මිය විසින් පවත්වන ලදී.
මෙම අවස්ථාවට, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතා, අධ්යක්ෂ ජනරාල් පී .බී. හේමන්ත ජයසිංහ මහතා, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එම්. ජී. සී. සූරියබණ්ඩාර මහතා ඇතුළු ඒ ඒ ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූහ.
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතාගේ සහ අධ්යක්ෂ ජනරාල් පී . බී. හේමන්ත ජයසිංහ මහතාගේ උපදේශකත්වය මත මධ්‍යම පරිසර අධිකාරියේ ස්වභාවික සම්පත් කළමනාකරණ ඒකකය විසින් මෙම උත්සවය සංවිධානය කරන ලදී.
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-7877277, 7877278, 7877279, 7877280
ක්ෂණික ඇමතුම්: 011-2888999