මධ්‍යම පරිසර අධිකාරියේ, පළාත් හා දිස්ත්‍රික් කාර්යාලයන් තුළ පුස්තකාල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහනේ සමාරම්භය සනිටුවහන් කරමින්, මධ්‍යම පරිසර අධිකාරියේ, ජාතික පාරිසරික තොරතුරු මධ්‍යස්ථානය විසින් ඔක්තෝබර් 28 වන දින දකුණු පළාත් කාර්යාලය සඳහා පුස්තකාල පහසුකම් සපයා දෙන ලදී. මධ්‍යම පරිසර අධිකාරියේ පළාත් හා දිස්ත්‍රික් කාර්යාල පරිශ්‍රයන් සඳහා සේවා ලබාගැනීමට පැමිණෙන පරිසර නියමුවන්, මහජනතාව, පාසල් සිසුන්, විශ්ව විද්‍යාල සිසුන් ආදී පරිසරය පිළිබඳ උනන්දුවක් දක්වන විවිධ කණ්ඩායම් වලට අවශ්‍ය පාරිසරික තොරතුරු හා පුස්තකාල සේවා සැපයීම මෙම වැඩසටහන දියත් කිරීමේ අපේක්ෂාවයි.
මෙම පුස්තකාල පහසුකම් සංවර්ධනය කිරිමේ සමාරම්භක අවස්ථාව සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ දකුණු පළාත් කාර්යාලයේ අධ්යක්ෂ සුසන්ත වෙදගේ මහතා, ජාතික පාරිසරික තොරතුරු මධ්‍යස්ථානයේ, අධ්යක්ෂ චන්ද්‍රිකා දාබරේ මහත්මිය සමඟ මධ්‍යම පරිසර අධිකාරියේ දකුණු පළාත් කාර්යාලයේ නිලධාරීන් හා ජාතික තොරතුරු මධ්‍යස්ථානයේ නිලධාරීන් සහභාගී වූහ.
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999