Tamil-SriLankaEnglish (UK)

අම්පාර දිස්ත්‍රික් කාර්යාලය සඳහා පුස්තකාල පහසුකම්

මධ්‍යම පරිසර අධිකාරියේ, පළාත් හා දිස්ත්‍රික් කාර්යාලයන් තුළ පුස්තකාල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහනේ  දෙවන පියවර ලෙස,  මධ්‍යම පරිසර අධිකාරියේ, ජාතික පාරිසරික තොරතුරු  මධ්‍යස්ථානය විසින්  පසුගිය 08 වන දින අම්පාර දිස්ත්‍රික් කාර්යාලය සඳහා පුස්තකාල පහසුකම් සපයා දෙන ලදී. මේ තුළින් එම ආයතන පරිශ්‍රය සඳහා සේවා ලබාගැනීමට පැමිණෙන පරිසර නියමුවන්, මහජනතාව, පාසල් සිසුන්, විශ්ව විද්‍යාල සිසුන් ආදී විවිධ කණ්ඩායම් වලට අවශ්‍ය සේවා සැපයීම බලාපොරොත්තු වේ.
මෙම පුස්තකාල පහසුකම් සංවර්ධනය කිරිමේ සමාරම්භක අවස්ථාව සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ නැගෙනහිර පළාත් කාර්යාලයේ අධ්‍යක්ෂ එම් සිවකුමාර්  මහතා, ජාතික පාරිසරික තොරතුරු  මධ්‍යස්ථානයේ, අධ්‍යක්ෂ චන්ද්‍රිකා දාබරේ මහත්මිය, අම්පාර දිස්ත්‍රික් කාර්යාලයේ ස්ථාන භාර නිලධාරි, සහකාර අධ්‍යක්ෂ එස්. උදයරාජන් මහතා, මඩකලපුව දිස්ත්‍රික් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ එස්. ගෝකුලන් මහතා සමඟ මධ්‍යම පරිසර අධිකාරියේ නැගෙනහිර පළාත් කාර්යාලයේ නිලධාරීන්, අම්පාර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් හා ජාතික තොරතුරු මධ්‍යස්ථානයේ නිලධාරීන් සහභාගී වූහ.

IMG 9674IMG 9681IMG 9706IMG 9710IMG 9729IMG 9756IMG 9757IMG 9805

Wednesday, 10 November 2021 05:08 අවසන් වර ට යාවත්කාල කළ දිනය

ech1981ecnf

infoactsin

oilP

polys

bios

biodegsin

weerawilasin

 isoy

NEA202122S

eiacom

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
අම්පාර දිස්ත්‍රික් කාර්යාලය සඳහා පුස්තකාල පහසුකම් මධ්‍යම පරිසර අධිකාරියේ, පළාත් හා දිස්ත්‍රික් කාර්යාලයන්... තවදුරටත් කියවන්න
රසායනාගාර අපද්‍රව්‍ය කළමනාකරණයට තිරසර ක්‍රමවේදයක් ශ්‍රි ලංකාවේ විද්‍යාගාර, පර්යේෂණ රසායනාගාර වල අපද්‍රව්‍ය... තවදුරටත් කියවන්න