Tamil-SriLankaEnglish (UK)

“Green Leader Workshop”

“හරිත නායක වැඩමුළුව” පිළිබඳ විද්‍යාපීඨ කථිකාචාර්යවරුන් දැනුම්වත්කිරීමේ විශේෂ වැඩසටහනක් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස් අමරසිංහ  මහතාගේ ප්‍රධානත්වයෙන්  පසුගිය අප්‍රේල් මස 22 වනදා මධ්‍යම පරිසර අධිකාරියේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට, අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු අධ්‍යාපන අංශයේ ප්‍රධාන කොමසාරිස් ඊ.එම්.එස්. ඒකනායක යන මහත්වරුන්ද ඇතුළුව විද්‍යාපීඨ කථිකාචාර්යවරුන් හතලිහකට ආසන්න පිරිසක් සහභාගී වූහ. පරිසර සාක්ෂරතාව වැඩිදියුණු කරමින් පරිසර නියමු වැඩසටහන පාසල්තුළ සක්‍රීයව ක්‍රියාත්මක කිරීම සඳහා ගුරු අභ්‍යාසලාභීන් පුහුණු කිරිම අරමුණු කරගනිමින් ජාතික අධ්‍යාපන විද්‍යාපිඨවල හරිත නායක වැඩසටහන 2021 වසරේ සිට ආරම්භ වේ.

මෙමගින් අභ්‍යාසලාභී ගුරුභවතුන්ගේ පරිසර සාක්ෂරතාව ඉහළ නංවා පරිසර නියමු වැඩසටහන සාර්ථකව පාසල්තුළ ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය දැනුම ඔවුන්ට ලබාදිම සිදුවේ. මෙම වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපිඨය තුළ ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති අතර ඉදිරි වසරවලදි දිවයිනේ සෙසු විද්‍යාපීඨවලද ක්‍රියාත්මක කිරිමට අපේක්ෂා කෙරේ.

 

 

IMG 75881IMG 75992IMG 76021IMG 76131IMG 76271IMG 76361IMG 76441IMG 76461

Tuesday, 27 April 2021 16:19 අවසන් වර ට යාවත්කාල කළ දිනය

ceahotline

infoactsin

oilP

polys

bios

biodegsin

weerawilasin

 isoy

NEA202122S

eiacom

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
“Green Leader Workshop” “හරිත නායක වැඩමුළුව” පිළිබඳ විද්‍යාපීඨ කථිකාචාර්යවරුන්... තවදුරටත් කියවන්න
අම්පාර දිස්ත්‍රික් කාර්යාලය සඳහා පුස්තකාල පහසුකම් මධ්‍යම පරිසර අධිකාරියේ, පළාත් හා දිස්ත්‍රික් කාර්යාලයන්... තවදුරටත් කියවන්න
දකුණු පළාත් කාර්යාලය සඳහා පුස්තකාල පහසුකම් මධ්‍යම පරිසර අධිකාරියේ, පළාත් හා දිස්ත්‍රික් කාර්යාලයන්... තවදුරටත් කියවන්න
රසායනාගාර අපද්‍රව්‍ය කළමනාකරණයට තිරසර ක්‍රමවේදයක් ශ්‍රි ලංකාවේ විද්‍යාගාර, පර්යේෂණ රසායනාගාර වල අපද්‍රව්‍ය... තවදුරටත් කියවන්න