අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්රමුඛව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් වත්මන් රජයේ රට හදන “සෞභාග්‍යයේ දැක්ම”රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ, සැමට ජලය ලබාදීම අපේක්ෂාවයි.
ශ්‍රී ලංකාවේ සියලුම ගංගා, ජල මූලාශ්‍ර පවිත්රකොට විධිමත් සැලැස්මක් යටතේ පොදු ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීම උදෙසා ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධන බලකායේ ප්‍රධානී ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ පරමාදර්ශී අපේක්ෂාව වන්නේ, “දිය දෝතක් ගෙන බීමට හැකි මට්ටමට ගංගාවන් පත්කිරීමයි.” මෙම දැක්ම සංකල්පයක් ලෙස ක්රියාකාරීත්වයකට පැමිණවීමෙන් සැමට ජලය ලබාදීමේ රජයේ අපේක්ෂාව යථාර්ථයක් බවට පත්කිරීම එතුමාගේ අධිෂ්ඨානයයි.
මෙම “සුරකිමු ගංගා” ජාතික පාරිසරික වැඩසටහනේ සමාරම්භක උළෙල පරිසර අමාත්‍යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව පසුගිය මාර්තු 22 වනදා කතරගම මැණික් නදිය අසබඩදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මීට සමගාමිව දිවයිනේ සෑම පළාතකම ආණ්ඩුකාරවරුන්ගේ ප්‍රධානත්වයෙන් සුරකිමු ගංඟා වැඩසටහන් ආරම්භ කිරීමද මෙදින සිදුවිය,
මෙහිදී අතිගරු ජනාධිපතිතුමන් විසින් සුරකිමු ගංගා වැඩසටහනේ භූගෝලිය තොරතුරු තාක්ෂණික වෙබ් අඩවිය ජනතාවට විවෘත කිරිම, සොබාකෙත සඟරාව පිළිගැන්වීම ඇතුලු ප්‍රවර්ධන වැඩසටහන් කිහිපයක්ද ක්‍රියාත්මක කරන ලදි. එමෙන්ම මැණික් ගඟ සංරක්ෂණය උදෙසා ගං ඉවුරුඛාදනය වැළැක්වීමට වැලිකැණීම් සිදුකරන ස්ථාන දැල් යොදා ආවරණය කිරිම හා හරිත වැලි තොටුපලවල් ස්ථාපනය කිරිමත්, ගඟ දෙපස මිටර හැටක සංවේදි කලාපය වන ගඟ රක්ෂිතය සලකුණු කිරිම හා පැති බැමි ඉදිකිරිමත්, ඉවුර දෙපස පැළ සිටුවීම, කසල රඳවනයක් ගඟ හරහා ස්ථාපිත කිරිම, වැනි මැණික් ගඟ සුරැකීමට අදාළ ක්‍රියාමාර්ග රැසක් මීට සමගාමීව සිදුකෙරිණි.
මෙම අවස්ථාවට මහාසංඝරත්නය ඇතුළු අනෙකුත් ආගමික පූජකවරුන්, ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, ගරු පරිසර අමාත්‍ය මහින්ද අමරවිර,රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, පරිසර ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ, අධ්යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ යන මහත්වරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-7877277, 7877278, 7877279, 7877280
ක්ෂණික ඇමතුම්: 011-2888999