මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතාගේ සංකල්පයක් අනුව තිරසර පරිසරයක් වෙනුවෙන් ළමා වියේ පටන් සිය වගකීම් හඳුනා ගෙන කටයුතු කිරීමට සිසු දරුවන් යොමු කිරීම සහ සිසු දරුවන් හා පරිසරය වෙනුවෙන් වැඩිහිටියන්ගේ යුතුකම් ඉටු කිරීමට මග පෙන්වීම තුළින් හරිත පරිසරයක් නිර්මාණය කිරීම පරමාර්ථ කොට ගනිමින්, "සිසු සවියයි - තුරු වියනයි " තේමාව යටතේ "සිසු තුරු උදාන" රුක් රෝපණ වැඩසටහන,මහජන බැංකුව සමග ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
මහජන බැංකුව විසින් සිසුන් වෙනුවෙන් හරිත ගිණුමක් ආරම්භ කරන අතර සිසුන්ට අන්‍රග්‍රාහකත්වය දක්වන ආදි සිසුන් විසින් පාසල් සිසු දරුවන් ඇගයීම සඳහා මාස් පතා ගිණුමට මුදල් බැර කිරීමත් වැඩසටහන අඛණ්ඩව අධීක්ෂණය හා පසු විපරම් කිරීමත් මධ්‍යම පරිසර අධිකාරිය හා මහජන බැංකුව විසින් සිදු කිරීමට නියමිතය.
මෙම වැඩසටහන මගින් කාබන් පියසටහන් අවම කිරීමමෙන්ම ජාතික ආර්ථිකයට ද දායකත්වයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනු ලැබේ.
මහජන බැංකුව හා අධ්‍යාපන අමාත්‍යාංශය සමග වැඩසටහන ක්‍රියාත්මක කිරීම සමබන්ධයෙන් මේ වන විට මූලික වටයේ සාකච්ඡා පවත්වා ඇත.
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-7877277, 7877278, 7877279, 7877280
ක්ෂණික ඇමතුම්: 011-2888999