බාලදක්ෂ ව්‍යාපාරයේ සමාරම්භක බේඩ්න් පාවෙල් සාමීවරයාගේ 164 වන ජන්ම දිනය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කෙරෙන දිවයින පූරා පැළ ලක්ෂයක් රෝපණය කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කරමින් ඉකුත් 22 දින අතිගරු ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මැතිතුමා ජනාධිපති මන්දිරයේදී රත් සඳුන් පැලයක් රෝපණය කරන ලදී.
මෙම වැඩසටහනට සමාගාමීව මධ්‍යම පරිසර අධිකාරිය දියත් කරන වැඩසටහන සංකේතවත් කරමින් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතා විසින් “පරිසර පියස” පරිශ්‍රයේදී සුදු හඳුන් පැළයක් රෝපණය කරන ලදී.
මෙම අවස්ථාවට මධ්‍යම පරිසර අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා බාලදක්ෂ ව්‍යාපාරයේ නිලධාරීන් මෙන්ම බාලදක්ෂ බාලක බාලිකාවන් පිරිසක් සහභාගී වූහ.
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-7877277, 7877278, 7877279, 7877280
ක්ෂණික ඇමතුම්: 011-2888999