Tamil-SriLankaEnglish (UK)

පාරිසරික බලපෑම් ඇගයීම් ක්‍රියාවලියේ පියවර

1. මූලික තොරතුරු ඉදිරිපත් කිරිම


පාරිසරික බලපෑම් ඇගයීමක් හෝ මූලික පාරිසරික පරීක්ෂණයක් පැවැත්වීම අවශ්‍ය වන ව්‍යාපෘතියක දී, ව්‍යාපෘති යෝජක විසින් ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනය වෙත ව්‍යාපෘතියේ ස්වභාවය, පිහිටි ස්ථානය සහ පරිසරයට සිදුවන බලපෑම යනාදී තොරතුරු ඉදිරිපත් කළ යුතු වේ.
ව්‍යාපෘති සංකල්පය තහවුරු වූ පසු සහ පිහිටුවන ස්ථානය නිශ්චිත වූ පසු හැකි ඉක්මණින් මෙම තොරතුරු ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනය වෙත ලබා දීම වඩා සුදුසු වේ.

 

2. විෂයය නිර්නේය කිරීම


විෂයය නිර්නේය හඳුනා ගැනීම, යෝජිත ව්‍යාපෘතිය මගින් ඇති විය හැකි ගැටළු නිර්ණය කිරිමේ ත් අදාල ව්‍යාපෘතියේ ඇති ගැටළු හඳුනා ගැනීමේ ත් මූලික හා විවෘත ක්‍රමවේදයකි. මේ සඳහා ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනය විසින් ව්‍යාපෘති යෝජක, ව්‍යාපෘතිය ආශ්‍රිත සියළුම ආයතන සහ ව්‍යාපෘතියට අවධානය යොමු කර ඇති අනෙකුත් අයවලුන් සිටී නම් ඔවුන් ද යන සියළු පාර්ශවකරුවන් කැඳවනු ලැබේ. ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනය විසින් පාරිසරික සීමාව හඳුනා ගැනීමෙන් පසු පාරිසරික බලපෑම් ඇගයීමක් හෝ මූලික පාරිසරික පරීක්ෂණයක් සඳහා වන විෂයය නිර්නේය සටහනක් (Terms of References - ToR) නිකුත් කරනු ලැබේ.

 

3. පාරිසරික බලපෑම් ඇගයීම් / මූලික පාරිසරික පරීක්ෂණ වාර්තාවක් සූදානම් කිරීම


පාරිසරික බලපෑම් ඇගයීම් / මූලික පාරිසරික පරීක්ෂණ වාර්තාවක් සූදානම් කර ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනය වෙත ඉදිරිපත් කිරීම ව්‍යාපෘති යෝජකයාගේ වගකීමක් වේ. මෙම වාර්තාව සකස් කිරීමේ දී විෂයය ක්ෂේත්‍ර කීපයක් අධ්‍යයනය කිරීමට ඇති බැවින් උපදේශක මණ්ඩලයක සේවය ලබා ගැනීම සුදුසු වේ. මධ්‍යම පරිසර අධිකාරිය එවැනි උපදේශක ආයතන පිළිබඳ ලේඛනයක් පවත්වාගෙන යනු ලැබේ. මීට අමතරව මධ්‍යම පරිසර අධිකාරියෙහි ලියාපදිංචි නොවූ නමුත් සුදුසුකම් සපිරූ උපදේශයින්ගේ සේවය ද ව්‍යාපෘති යෝජකයට ලබා ගත හැකිය. පලපුරුදු, විශ්වසනීය හා සුදුසුකම් ලත් විශේෂඥයින්ගේ සේවය ලබා ගනිමින් පාරිසරික බලපෑම් ඇගයීම් / මූලික පාරිසරික පරීක්ෂණ වාර්තාවක් නිසි ප්‍රමිතියට අනුව සූදානම් කිරීම වැදගත් වේ.

 

4. මහජන සහභාගීත්වය සහ වාර්තාව විශ්ලේෂණය කිරීම


පාරිසරික බලපෑම් ඇගයීම් / මූලික පාරිසරික පරීක්ෂණ වාර්තාවක් ලද අවස්ථාවක දී අදාල වාර්තාව, ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනය විසින් නිකුත් කරන ලද විෂයය නිර්නේය සටහන (ToR) ට අනුකූලදැයි පරීක්ෂා කිරීම සඳහා ප්‍රමාණවත් විශ්ලේෂණයකට භාජනය කෙරේ. ඉන් අනතුරුව අදාල වාර්තාව මහජන විමර්ශනයන්ට හා ලිඛිත අදහස් ලබා ගැනීම සඳහා කාර්යාලයීය දින 30ක කාලයක් විවෘතව තබනු ලැබේ.
වාර්තාව සම්බන්ධයෙන් ලිඛිත මහජන අදහස් වෙතොත් නිසි පියවර ගැනීම සඳහා ඒවා අදාල ව්‍යාපෘති යෝජක වෙත දන්වා යවනු ලැබේ.
මහජන විමර්ශනයන්ට හා ප්‍රකාශයන්ට විවෘත කාලයට සමගාමීව, අදාල වාර්තාව සම්බන්ධයෙන් නිර්දේශ ලබා දීම සඳහා ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනය විසින් තාක්ෂණික ඇගැයීම් කමිටුවක් ද පත් කෙරේ. මූලික පාරිසරික පරීක්ෂණ වාර්තා මහජනතාවට විවෘතව තැබීමේ අවශ්‍යතාවක් නොමැති අතර ඒවා තාක්ෂණික ඇගැයීම් කමිටුවේ ඇගයීමට පමණක් බඳුන් වේ.

 

5. තීරණ ගැනීම


තාක්ෂණික ඇගැයීම් කමිටුවේ නිර්දේශයන්ට අනුව ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනය විසින් ව්‍යාපෘතියක් සඳහා අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන් තීරණ ගනු ලබයි. ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනය. මධ්‍යම පරිසර අධිකාරිය නොවන විට යම් ව්‍යාපෘතියකට අනුමැතිය ලබා දීමට පෙර, අදාල ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනය විසින් මධ්‍යම පරිසර අධිකාරියේ එකඟත්වය ලබා ගත යුතු වේ.
ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනය විසින් ලබා දුන් තීරණයට ව්‍යාපෘති යෝජක එකඟ නොවන අවස්ථාවක දී පරිසර අමාත්‍යාංශය වෙත අභියාචනා කිරීමට ඔහුට/ ඇයට අයිතියක් ඇත. මෙහි දී පරිසර අමාත්‍යාංශ ලේකම්වරයාගේ තීරණය අවසාන තීරණය වේ.

 

6. කොන්දේසි ඉටුකිරීම පිළිබඳ පසු විපරම් කිරීම


පාරිසරික බලපෑම් ඇගයීම් / මූලික පාරිසරික පරීක්ෂණ තුළින් අනුමැතියක් ලබා දෙනුයේ ව්‍යාපෘති යෝජක විසින් සම්පූර්ණ කළ යුතු කොන්දේසි ඉදිරිපත් කරමිනි. මධ්‍යම පරිසර අධිකාරිය හෝ ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනය විසින් මුලින් දැක්වූ කොන්දේසි ඉටු කරන්නේද, පරිසර දූෂණය අවම කරන ක්‍රියාමාර්ග අනුගමනය කරන්නේද යන්න විමසීමට ලක්කරයි. ව්‍යාපෘති යෝජක විසින් ඉහත කොන්දේසි උල්ලංඝණය කරනු ලබන්නේ නම් ඔහු හට ලබා දී ඇති අනුමැතිය අවලංගු කෙරේ.

පාරිසරික බලපෑම් ඇගයීම් / මූලික පාරිසරික පරීක්ෂණ රෙගුලාසි පහත දැක්වෙන ගැසට් නිවේදයන්හි ප්‍රකාශයට පත් කර ඇත.


    • 1993.06.24 දින අංක 772/22 දරණ අති විශේෂ ගැසට් නිවේදනය
    • 2000.11.22 දින අංක 1159/22 දරණ අති විශේෂ ගැසට් නිවේදනය

Monday, 26 August 2013 10:50 අවසන් වර ට යාවත්කාල කළ දිනය

hinq

ech1981ecnf

infoactsin

NEIC6

polys

bios

biodegsin

weerawilasin

 isoy

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
පාරිසරික පැමිණිලි මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවිය හරහා පාරිසරික පැමිණිලි... තවදුරටත් කියවන්න
New Year 2023 To mark the commencement of the New Year 2023, the... තවදුරටත් කියවන්න
Service Appreciation 2023 In conjunction with the celebrations of the New Year... තවදුරටත් කියවන්න
ජනාධිපති පරිසර නියමු පදක්කම් ප්‍රධානය - 2020/2021 ශ්‍රී ලාංකේය අනාගත පුරවැසියන් පරිසර හිතකාමීන් ලෙස සමාජගත... තවදුරටත් කියවන්න