මධ්‍යම පරිසර අධිකාරියේ වීරවිල සංචාරක බංගලාව අප අධිකාරියේ නිලධාරීන් සඳහා මෙන්ම අනෙකුත් රාජ්‍ය නිලධාරීන් හා මහජනතාව සඳහා සහනදායී මිල ගණන් යටතේ, නවාතැන් පහසුකම් සපයා දීමට අධිකාරිය විසින් කටයුතු සම්පාදනය කර ඇත.
වීරවිල නගර මධ්‍යයේ පිහිටා ඇති මෙම සංචාරක බංගලාව, වායුසමීකරණය කරන ලද කාමරයකින්, වායුසමීකරණය නොකළ කාමර දෙකකින්හා මුළුතැන්ගේ පහසුකම් වලින් සමන්විත වන අතර, රියදුරු මහතුන්ගේ සුව පහසුව සඳහා අමතර කාමරයක් ද වේ.
තවද ආහාරපාන සකස් කර ගැනීම සඳහා මුළුතැන්ගෙයි පහසුකම් සලසා ඇති අතර, සංචාරක බංගලාවේ සේවයේ නියුතු සේවකයින් හට අවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමෙන් ආහාර පිළියෙළ කරවා ගැනීමේ හැකියාව ද පවතී.
තවද මෙහි ගරු අමාත්‍යතුමා, ලේකම්තුමා, අතිරේක ලේකම්වරුන් හා අධිකාරියේ සභාපතිතුමා, අධ්යක්ෂ ජනරාල්තුමා සඳහා ම වෙන් වූ විශේෂ නිලධාරීන්ගේ කාමරයක් (VIP Room) ද සංචාරක බංගලාව තුළ අන්තර්ගතය.
වැඩිදුර විස්තර දැනගැනීමට හා වෙන්කරවා ගැනීම සඳහා පරිපාලන ඒකකය - 0117877285 අමතන්න.
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999