Tamil-SriLankaEnglish (UK)

ශ්‍රි ලංකාවේ පාරිසරික ආරක්ෂක ප්‍රදේශ

  • 2000 අංක 53 හා 1986 අංක 56 දරණ පනත් වලින් සංශෝධිත 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ 24 ඇ සහ 24 ඈ යන වගන්ති ප්‍රකාරව පාරිසරික වශයෙන් සුවිශේෂී හෝ තර්ජනයට ලක් වී ඇති හෝ සංරක්ෂණය කිරීමේ දැඩි අවශ්‍යතාවයක් ඇති ප්‍රදේශ ගැසට් නිවේදනයක පල කරන නියමයක් මඟින් පරිසර විෂය භාර අමාත්‍යවරයාට පාරිසරික ආරක්ෂක ප්‍රදේශ වශයෙන් ප්‍රකාශයට පත්කල හැකිය.
    ඒ අනුව සුදුසු ප්‍රදේශ හඳුනාගෙන පාරිසරික ආරක්ෂක ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ක්‍රියාදාමය මධ්‍යම පරිසර අධිකාරිය විසින් සිදුකරනු ලැබේ.

  • පාරිසරික ආරක්ෂක ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීම සඳහා සුදුසු ප්‍රදේශ/ස්ථාන
    01. අනන්‍ය ගති ලක්ෂණ වලින් යුතු පාරිසරික පද්ධති.
        උදා : ජෛව විවිධත්වය අතින් අනූන වන තර්ජනයට ලක් වී ඇති හෝ ඒක දේශික සත්ත්ව/
        ශාක ප්‍රජාවන්ගෙන් යුතු වු ප්‍රදේශ    
  • 02. භූ දර්ශන හෝ භූ විද්‍යාත්මක/ භූ ගෝලීය සහ සොබා සෞන්දර්යාත්මක වශයෙන් වැදගත් ස්ථාන
  •     උදා :  දිය ඇළි, උණු දිය උල්පත්, හිරිගල් ඇතුළු ගල් ගුහා    
  • 03. ජල විද්‍යාත්මක වශයෙන් සුවිශේෂි ප්‍රදේශ
         උදා : තෙත් බිම්, ජල පෝෂක ප්‍රදේශ, වැදගත් ජල මාර්ග, ජලාශ
  • 04. සංචාරක ආකර්ශණය සහිත භූමි භාග
  •     උදා : මුහුදු වෙරළ, කඳු පන්ති, ගංඟා, නැරඹුම් ස්ථාන
  • 05. අනතුරට පත්වීමේ අවදානම සහිත දුර්වල භූමි ප්‍රදේශ
  •     උදා : නාය යාමේ තර්ජනයට ලක් විය හැකි ප්‍රදේශ, පාංශු ඛාදනයට ලක් විය හැකි ප්‍රදේශ
  • 06. විද්‍යාත්මක වශයෙන් වැදගත් ප්‍රදේශ/ භූමි භාග
  • 07. ගංවතුර පාලනයට වැදගත් වන ජල රැඳවුම් ප්‍රදේශ
  • 08. පාරිසරික වශයෙන් වැදගත් ලෙස වෙනත් අණපනත් යටතේ ප්‍රකාශයට පත් කරන ලද ප්‍රදේශවල ස්වාරක්ෂක කලාප (Buffer Zones)
  • 09. විවිධ ආයතන යටතේ සකස් කරන ලද මහා සැලසුම් (Master Plan) සංරක්ෂණය කළ යුතු බවට හඳුනාගන්නා ලද ප්‍රදේශ/ විද්‍යාත්මක ගවේශණ හෝ වෙනත් සැලසුම් මඟින් සංරක්ෂණය කළ යුතු බවට නිර්දේශිත ප්‍රදේශ.
  • 10. විද්‍යාත්මක ගවේශණ වලින් නිර්දේශිත හෝ වෙනත් සැලසුම් වලට අනුව සංරක්ෂණය කළ යුතු බවට හඳුනාගත් ප්‍රදේශ
  • පාරිසරික ආරක්ෂක ප්‍රදේශ තුල අනුමත භාවිතයන්
  • පාරිසරික ආරක්ෂක ප්‍රදේශ තුල සිදුකළ හැකි අනුමත භාවිතයන් සහ එම අනුමත භාවිතයන් ක්‍රියාත්මක කිරීමේදී යටත් විය යුතු කොන්දේසි, එම අදාල ගැසට් නිවේදනයේ උපලේඛනවල පැහැදිලිව දක්වා ඇත.
  • පාරිසරික ආරක්ෂක ප්‍රදේශ තුළ මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යභාරය :
  • 1. කළමනාකරණ සැලසුම් සකස් කර ක්‍රියාවට නැංවීම,
    2. ව්‍යාපෘති වාර්තා ඇගයීම,
    3. ගුරු උපදෙස් සකස් කිරීම,
    4. අනුමත භාවිතයන් ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබාදීම,
    5. පසුවිපරම් කටයුතු සිදුකිරීම,
    6. අදාල ආයතන හා ප්‍රජාව දැනුවත් කිරීම.
  • පාරිසරික ආරක්ෂක ප්‍රදේශ
  • ග්‍රෙගරි වැව පාරිසරික ආරක්ෂක ප්‍රදේශ
  • මුතුරාජවෙල පාරිසරික ආරක්ෂක ප්‍රදේශ
  • මරගල කදුවැටිය පාරිසරික ආරක්ෂක ප්‍රදේශ
  • තලංගම වැව පාරිසරික ආරක්ෂක ප්‍රදේශ
  • නකල්ස් පාරිසරික ආරක්ෂක ප්‍රදේශ
  • වලව්වේවත්ත වතුරාන පාරිසරික ආරක්ෂක ප්‍රදේශ
  • බොල්ගොඩ වැව පාරිසරික ආරක්ෂක ප්‍රදේශ
  • හන්තාන පාරිසරික ආරක්ෂක ප්‍රදේශ
  • වරාතැන්න හක්කිද පාරිසරික ආරක්ෂක ප්‍රදේශ

    

 

EPA Sri Lanka

 

 

 

Thursday, 05 October 2023 08:21 අවසන් වර ට යාවත්කාල කළ දිනය

hinq

ech1981ecnf

infoactsin

NEIC6

polys

bios

biodegsin

PEA2024cooltext4520530421691702024-03-15-Closing-Date-extended-up-to-31st-March-2024 1

 

airwaterIndex

weerawilasin

 isoy

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
පාරිසරික පැමිණිලි මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවිය හරහා පාරිසරික පැමිණිලි... තවදුරටත් කියවන්න
පරිසර පුරෝගාමී ජාතික කඳවුර මධ්‍යම පරිසර අධිකාරිය විසින් ශ්‍රී ලංකා පාසල් පද්ධතිය තුළ... තවදුරටත් කියවන්න
සේවා ඇගයීම මධ්‍යම පරිසර අධිකාරියේ කාර්ය මණ්ඩලය, 2024 නව වසරේ රාජකාරි... තවදුරටත් කියවන්න
2024 නව වසරේ රජකාරී ආරම්භ කිරීම මධ්‍යම පරිසර අධිකාරියේ කාර්ය මණ්ඩලය, ආගමික වතාවත් සඳහා... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දින ජාතික වැඩසටහන ලෝක තෙත්බිම් දිනය හා සමගාමීව සැසිවාර තුනකින් යුක්තව... තවදුරටත් කියවන්න