Tamil-SriLankaEnglish (UK)

තොරතුරු තාක්ෂණ ඒකකය

ආයතනයක ස්වභාවය වෙනස් කිරීමෙහිලා තාක්ෂණයට සැලකිය යුතු බලපෑමක් එල්ල කල හැකි අතර එමගින් පුද්ගල කාර්යක්ෂමතාවය වේගවත් කල හැක. ඒ අතරින් තොරතුරු තාක්ෂණයට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි ,ඒ මන්දයත් තොරතුරු තාක්ෂණය ආයතනයක සේවානියුක්තිකයන්ට නිර්මාණශීලී වීමටත් ඵලදායී වීමටත් ඉඩ සලසා දෙන බැවිනි. මධ්‍යම පරිසර අධිකාරියේ ස්ථාපනය කර ඇති තොරතුරු තාක්ෂණ ඒකකය ඩිජිටල් තාක්ෂණය සමඟ තොරතුරු තාක්ෂණ මෙවලම් භාවිතයෙන් සාර්ථක පාරිභෝගික සේවාවක් ලබාදෙන අතර එමගින් ආයතනයේ කීර්තිය පවත්වා ගෙන යාම සඳහා විශාල දායකත්වයක් ලබා දෙනු ලැබේ.

වෙබ් අඩවි, විද්‍යුත් තැපැල් සේවා, අභ්‍යන්තර පරිගණක ජාලය, දත්ත ගබඩාවන්, පරිගණක දෘඩාංග හා මෘදුකාංග ආදී තොරතුරු තාක්ෂණික මූලාශ්‍ර සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සහ පවත්වාගෙන යාම තොරතුරු තාක්ෂණ ඒකකයේ වගකීම වේ.

ක්‍රියාකාරකම්

  • තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම්, ප්‍රධාන පරිගණක හා පරිගණක ජාල පද්ධති කළමනාකරණය

  • පරිගණකය සහ ජාල සම්බන්ධ ආරක්ෂාව කළමනාකරණය

  • මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවිය යාවත් කාල කිරීම සහ පවත්වාගෙන යාම

  • පරිගණක මෘදුකාංග නිපැයුම් පද්ධති, ආයතනයට අනුගත ආකාරයෙන් නිර්මාණය කිරීම සහ පවත්වාගෙන යාම

  • පරිගණක දෘඪාංග සහ මෘදුකාං සැපයුම්කරුවන් සමග සම්බන්ධීකරණය සහ තොරතුරු තාක්ෂණය සම්බන්ධ ව්‍යාපෘති කළමනාකරණය

  • අධිකාරියේ ව්‍යවසායික ඊමේල් සේවාව පවත්වාගෙන යාම

  • අධිකාරියේ පරිගණක සඳහා දෘඪාංග සහ මෘදුකාංග සේවා සැපයීම සහ යාවත්කාල කිරීම

  • අධිකාරියේ සමස්ත කාර්ය මණ්ඩලය සඳහා තොරතුරු තාක්ෂණයට අදාල පරිගණක මෘදුකාංග පද්ධති පිළිබඳව වැඩමුළු සහ සම්මන්ත්‍රණ මෙහෙයවීම.

     

Thursday, 23 March 2023 05:06 අවසන් වර ට යාවත්කාල කළ දිනය

hinq

ech1981ecnf

infoactsin

NEIC6

polys

bios

biodegsin

airwaterIndex

weerawilasin

 isoy

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
Service Appreciation 2023 In conjunction with the celebrations of the New Year... තවදුරටත් කියවන්න
ජනාධිපති පරිසර නියමු පදක්කම් ප්‍රධානය - 2020/2021 ශ්‍රී ලාංකේය අනාගත පුරවැසියන් පරිසර හිතකාමීන් ලෙස සමාජගත... තවදුරටත් කියවන්න
STAKEHOLDER WORKSHOP TO DISCUSS DRAFT EXTENDED PRODUCER RESPONSIBILITY REGULATIONS භාවිතයෙන් පසු බැහැරලන ප්ලාස්ටික් නිෂ්පාදන සහ ප්ලාස්ටික්... තවදුරටත් කියවන්න
නිල් අහසක් සඳහා පිරිසිදු වාතය සැප්තැම්බර් 07 වන දිනට යෙදෙන “නිල් අහසක් සඳහා පිරිසිදු... තවදුරටත් කියවන්න