Tamil-SriLankaEnglish (UK)

ප්ලාස්ටික් නිශ්පාදන තත්ත්ව කලමණාකරණය කිරීම

PDF ගැසට් පත්‍රය උදෘතය සටහන
1 2006.10.10 දින අංක 1466/5 23 ද.වගන්තිය යටතේ ඝණකමින් මයික්‍රෝන් 20 හෝ  ඊට අඩු පොලිතීන් හෝ යම් පොලිතීන් නිශ්පාදනයක් දේශීය භාවිතය සඳහා නිශ්පාදනය කිරීම,විකිනීම හෝ භාවිතා කිරීම තහනම් කරමින්  පනවා ඇති නියෝගය මෙම නියමය 2017.09.01 දින අංක 2034/33 දරණ ගැසට් නිවේදනය මඟින් පරිච්ඡින්න කර ඇත. 
2 2017.09.01 දින අංක 2034/33


23 ද.වගන්තිය යටතේ උපලේඛණයේ සඳහන් නිශ්පාදන හැර, ඝණකමින් මයික්‍රෝන් 20 හෝ  ඊට අඩු පොලිතීන් හෝ යම් පොලිතීන් නිශ්පාදනයක් දේශීය භාවිතය සඳහා නිශ්පාදනය කිරීම ,විකිනීම, අර්පණය, ප්‍රදර්ශණය,නොමිලේ ලබා දීම හෝ භාවිතා කිරීම තහනම් කරමින්  පනවා ඇති නියෝගය

 

 

3

2017.09.01 දින අංක 2034/34 23 ද.වගන්තිය යටතේ වැඩි ඝණත්වයෙන් යුත් පොලිඑතිලීන්,අඩු ඝණත්වයෙන් යුත් පොලිඑතිලීන් සහ පොලි ප්‍රොපිලීන්ද ඇතුලත් පොලිතීන් අමුද්‍රව්‍යයක් ලෙස යෙදූ ආහාර දවටන(Lunch sheets) දේශීය භාවිතය සඳහා නිශ්පාදනය කිරීම, විකිනීම, අර්පණය, ප්‍රදර්ශණය,නොමිලේ ලබා දීම හෝ භාවිතා කිරීම තහනම් කරමින් පනවා ඇති නියෝගය  -

4

2017.09.01 දින අංක 2034/35 23 ද.වගන්තිය යටතේ 900 × 600 × 260 මි.මී.හෝ ඊට ඉහල පරිමාණයේ,රෙදිපිලි බහාලුම් මළු හැර දේශීය භාවිතය සඳහා වැඩි ඝණත්වයෙන් යුතු පොලිඑතිලීන් අමුද්‍රව්‍යයක් වන මළු නිෂ්පාදනය, විකිණීම, විකිනීම සඳහා අර්පණය, ප්‍රදර්ශණය,නොමිලේ ලබා දීම හෝ භාවිතා කිරීම තහනම් කරමින්  පනවා ඇති නියෝගය  

5

2017.09.01 දින අංක 034/36 23 එ. හා 23 ඒ. වගන්තිය යටතේ 2017 අංක 1 දරණ ජාතික පාරිසරික (ප්ලාස්ටික් අඩංගු කසල හා පහසුවෙන් දැවෙන වෙනත් ද්‍රව්‍ය එලිමහනේ පිලිස්සීම තහනම් කිරීමේ) නියෝගය  
6 2017.09.01 දින අංක 2034/37 23 ද.වගන්තිය යටතේ සියළුම ආකාරයේ පොලිඑතිලීන්, පොලිප්‍රොපිලීන්, පොලිඑතිලීන් නිශ්පාදන හෝ පොලිප්‍රොපිලීන් නිශ්පාදන දේශපාලන, සමාජීය, ආගමික, ජාතික, සංස්කෘතික හෝ වෙනත් යම් උත්සව හෝ අවස්ථා වලදී සැරසිලි සඳහා භාවිතය තහනම් කිරීමේ නියෝගය  
7 2017.09.01 දින අංක 2034/38 23 ද.වගන්තිය යටතේ දේශීය භාවිතය සඳහා ප්‍රසාරිත පොලිස්ටයරීන් වලින් ආහාර ඇසුරුම් පෙට්ටි ( Lunch boxes ) පිඟන්,කෝප්ප හා හැඳි නිෂ්පාදනය,විකිනීම,විකිනීම සඳහා අර්පණය,නොමිලේ ලබා දීම,ප්‍රදර්ශණය හෝ භාවිතය තහනම් කිරීමේ නියෝගය.  
8 2021.01.21 දින අංක 2211/50 32 වගන්තිය යටතේ, 2021 අංක 01 දරණ ජාතික පාරිසරික (ප්ලාස්ටික් ද්‍රව්‍ය හඳුනා ගැනීමේ ප්‍රමිති ) නියෝගය.  
9 2021.01.21 දින අංක 2211/51 23 ද.(1) (අ) වගන්තිය යටතේ යම් ක්‍රියාවලියක් /කර්මාන්තයක් හෝ වෙළඳාමක් සඳහා කෘෂිරසායන ද්‍රව්‍ය ඇසුරුම් ලෙස පොලි එතිලීන් (PET) හා පොලි වයිනයිල් ක්ලෝරයිඩ් (PVC) පාවිච්චි කිරිම, ආහාර සහ ඖෂධ ඇසුරුම් කිරීමට හැර, ශුද්ධ පරිමාව මි.ලී.20 ට /ශුද්ධ බර ග්‍රෑම් 20 ට සමාන හෝ ඊට අඩු ප්ලාස්ටික්* සැෂේ (shachet) ඇසුරුම් ලෙස පාවිච්චි කිරිම, ප්ලාස්ටික්* බැලුන්, බෝල, දිය මත පාවෙන ජල ක්‍රීඩා සෙල්ලම් බඩු / උපකරණ හැර හුලං වලින් පිරවිය හැකි ප්ලාස්ටික්* සෙල්ලම් බඩු නිශ්පාදනය හා වෙළඳාම* ,වෛද්‍ය /සායනික ප්‍රතිකාර සඳහා භාවිතා කරන ප්ලාස්ටික්* කොට්න් බඩ්ස් හැර ප්ලාස්ටික්* කූර (stem) සහිත කොට්න් බඩ්ස් නිශ්පාදනය හා වෙළඳාම්* කිරීම 2021.01.21 දින සිට තහනම් කිරීමේ නියෝගය     
Friday, 26 May 2023 10:34 අවසන් වර ට යාවත්කාල කළ දිනය

hinq

ech1981ecnf

infoactsin

NEIC6

polys

bios

biodegsin

PEA2024cooltext4520530421691702024-03-15-Closing-Date-extended-up-to-31st-March-2024 1

 

airwaterIndex

weerawilasin

 isoy

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
පාරිසරික පැමිණිලි මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවිය හරහා පාරිසරික පැමිණිලි... තවදුරටත් කියවන්න
පරිසර පුරෝගාමී ජාතික කඳවුර මධ්‍යම පරිසර අධිකාරිය විසින් ශ්‍රී ලංකා පාසල් පද්ධතිය තුළ... තවදුරටත් කියවන්න
සේවා ඇගයීම මධ්‍යම පරිසර අධිකාරියේ කාර්ය මණ්ඩලය, 2024 නව වසරේ රාජකාරි... තවදුරටත් කියවන්න
2024 නව වසරේ රජකාරී ආරම්භ කිරීම මධ්‍යම පරිසර අධිකාරියේ කාර්ය මණ්ඩලය, ආගමික වතාවත් සඳහා... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දින ජාතික වැඩසටහන ලෝක තෙත්බිම් දිනය හා සමගාමීව සැසිවාර තුනකින් යුක්තව... තවදුරටත් කියවන්න