බොහෝ රටවල සිදු කෙරෙන ආකාරයට ශ්‍රී ලංකාවේ ත් කර්මාන්ත පරිසර දූෂණය පාලනය කිරීමට සාම්ප්‍රදායික විධාන සහ පාලන ක්‍රමවේදයන් භාවිතා කරනු ලැබේ. පරිසර දූෂණය පාලනය කෙරෙන ප්‍රධාන ක්‍රමය නම් පරිසර ආරක්ෂණ බලපත්‍රයයි. අපද්‍රව්‍ය සහ අපජලය බැහැර කිරීමේ ප්‍රමිතීන් සම්පාදනය කරනු ලබන්නේ මධ්‍යම පරිසර අධිකාරිය විසිනි. නිෂ්පාදනයන්හි සක්‍රීයව යෙදීම සඳහා අවශ්‍ය වන පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා ගත යුතු කර්මාන්ත ද ලැයිස්තු ගත කර තිබේ.
පරිසර ආරක්ෂණ බලපත්‍රය මගින් සිදු කෙරෙන අපජලය බැහැර කිරීම් පාලනය නොසලකා හැරිය විට බොහෝ ජල ප්‍රභව වල තත්ත්වය ක්‍රමයෙන් පිරිහීමට ලක්වෙමින් පවතින බව පෙනී යයි. මෙයට හේතුව පනවා ඇති ප්‍රමිතීන්, බැහැර කෙරෙන අපජලයේ සංයුතිය පිළිබඳව හැර අපජලය බැහැර කරන පරිමාව පිළිබඳව නොතකා හැරීමයි.
කර්මාන්ත වල දී නිපදවෙන අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීමේ ක්‍රමයක් ලෙසත් එමගින් අපද්‍රව්‍ය බැහැර කිරීමට පෙර සිදු කෙරෙන ප්‍රතිකාරක ක්‍රම සඳහා වැය වන පිරිවැය අවම කිරීමේ ක්‍රමයක් ලෙසත් සුපිරිසිදු නිෂ්පාදන හඳුන්වා දිය හැකියි. සුපිරිසිදු නිෂ්පාදන තාක්ෂණය භාවිතයට ගැනීම මගින් මධ්‍යම පරිසර අධිකාරිය පනවා ඇති රෙගුලාසි වලට අනුගත වීම මෙන්ම ලාභ ඉපැයීම වර්ධනය වීම ත් සිදුවන නිසා දෙපාර්ශ්වයට ම වාසි දායක වේ.
අවාසනාවකට, ශ්‍රී ලංකාවේ කර්මාන්ත විශාල සංඛ්‍යාවකට සුපිරිසිදු නිෂ්පාදන සංකල්පය ව්‍යාප්ත වී නොමැත. එම නිසා මධ්‍යම පරිසර අධිකාරිය මගින් කර්මාන්තහිමියන් හට ඔවුන්ගේ නිෂ්පාදන කාර්යාවලියන් හි දී සුපිරිසිදු නිෂ්පාදන සංකල්පය භාවිතා කරන මෙන් උපදෙස් ලබා දී තිබේ.
සුපිරිසිදු නිෂ්පාදන සංකල්පය, කර්මාන්ත හිමියනට මූල්‍යමය වශයෙන් වාසි දායක අයුරින් අපද්‍රව්‍ය ජනනය අවම කිරීමට සහාය ලබා දෙයි. සුපිරිසිදු නිෂ්පාදන සංකල්පය යටතේ පරිසරයට බැහැර කෙරෙන අපද්‍රව්‍ය ප්‍රමාණය ද අඩු කෙරේ. එම නිසා බැහැර කෙරෙන අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කර ගැනීම ට හැකි වීම කර්මාන්තහිමියන් හට සුපිරිසිදු නිෂ්පාදන සංකල්පය යටතේ ලැබෙන වාසියකි.
ජාතික පරිසර පනත යටතේ කර්මාන්ත අපද්‍රව්‍ය පරිසරයට බැහැර කිරිම පාලනය කිරීම සඳහා දැනට පවතින ක්‍රමවේදය පරිසර ආරක්ෂණ බලපත්‍රයයි. එය විධාන සහ පාලනය ක්‍රමය යටතේ පිහිටුවන ලද්දකි. එසේම, සංවර්ධන ව්‍යාපෘතීන් ගෙන් සිදු වන බලපෑම් වලින් ස්වාභාවික පරිසරය ආරක්ෂා කිරීමට සහ එම ගැටළු කළමනාකරණය කිරීමට දැනට පවතින නෛතික ක්‍රමවේදය පරිසර බලපෑම් ඇගැයීම යි. මෙම නෛතික ක්‍රමවේදයන් දෙකට අමතර ව, පරිසර අධ්‍යාපන සහ දැනුම්වත් කිරීමේ වැඩ සටහන මධ්‍යම පරිසර අධිකාරිය මගින් දිවයින පුරා පාසල් වල දී සිදු කෙරේ.
කෙසේ වෙතත්, ඉහත සඳහන් ක්‍රමවේදයන් ත්‍රිත්වය, මධ්‍යම පරිසර අධිකාරියේ ඉලක්කය වන පරිසර දූෂණ කාරක පාලනය කිරීම ට ප්‍රමාණවත් නොවේ. එසේම, ඉහත සඳහන් ක්‍රමවේදයන් ක්ෂේත්‍රය තුළ ස්ථාපනය කිරීමේ දී මධ්‍යම පරිසර අධිකාරියට බොහෝ ප්‍රායෝගික ගැටළු වලට මුහුණ පෑමට සිදු වේ. එම නිසා පවතින නෛතික ක්‍රමවේදයන්ට අමතරව, වෙනත් පරිපාලනමය ක්‍රමවේදයන් හඳුන්වා දීම පරිසර දූෂණය පාලනය කිරීම සඳහා වන ඉතා වැදගත් අවශ්‍යතාවයක් බවට පත්ව ඇත.
ජාතික හරිත සම්මාන සංකල්පය, පරිසර දූෂණය පාලනය කිරීම සඳහා ත් පරිසරයට අපද්‍රව්‍ය බැහැර කිරීම හෝ විමෝචනය කිරීම කළමනාකරණය කිරිම සඳහාත් වන සාර්ථක වැඩ පිළිවෙළක් ලෙස, මධ්‍යම පරිසර අධිකාරිය විසින් හඳුනාගෙන ඇත. ජාතික හරිත සම්මාන වැඩ පිළිවෙළ මගින් විවිධ ක්ෂේත්‍රයන් හි ස්ථාපිත කර්මාන්ත අතර පරිසර දූෂණය වැළැක්වීමේ සහ පරිසරය හරිතවත් කිරීමේ පියවර අනුගමනය කිරීම පිළිබඳ තරගයක් ඇති කරයි. එමගින් ශ්‍රී ලංකාවේ පරිසරයේ ගුණාත්මය ඉහළ නංවා ගැනීමට යම් වැඩ කොටසක් සිදු කෙරේ.
පරිසරය හරිත වර්ණයෙන් සහ පිරිසිදුව තබා ගැනීමට සිදු කෙරුණු මෙහෙයන්හි ලා කර්මාන්ත නිෂ්පාදන ක්‍රියාවලියෙහි ත්, පාරිසරික වගකීමෙහි ත්, සම්බන්ධීකරණයෙහි සහ අන්‍යොන්‍ය අදහස් හුවමාරුවේ ත් ජයග්‍රාහී සිහිවටන ලෙස ජාතික හරිත සම්මාන සැලකේ. ජයග්‍රාහකයන් විසින් අනුගමනය කරන ලද පරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රමවේදයන් සොයා ගැනීමටත්, සාකච්ඡා කිරීමටත්, ප්‍රසිද්ධ කිරිමටත් අනගි අවස්ථාවක් මෙමගින් සැපයෙන අතර සමස්තයක් ලෙස අදාල කර්මාන්ත ක්ෂේත්‍රය තුළ ඔවුන්ගේ උත්සාහයන් ඇගැයීමට ද ලක් වේ. එය පරිසරය හරිත වර්ණයෙන් සහ පිරිසිදුව තබා ගැනීම සඳහා ව්‍යාපාරිකයින් සහ සේවා යෝජකයින් වෙත කෙරෙන දිරි ගැන්වීමක් ලෙස සැලකිය හැකියි.
ඉලක්ක සහ අරමුණු
කර්මාන්ත සඳහා වන සම්මාන වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන්නේ පහත දැක්වෙන ඉලක්ක සහ අරමුණු පෙර දැරිවයි.
ශ්‍රී ලංකාව තුළ දියුණු පරිසර හිතකාමී ක්‍රමවේදයන් අනුගමනය කරන කර්මාන්ත/ ආයතන සඳහා රාජ්‍ය සම්මාන පිරිනැමීම
පවතින ප්‍රමිතීන්ට සහ රෙගුලෙසි වල ට අනුකූල ස්වයං පාලිත- පරිසර දූෂණ පාලන සහ පරිසර කළමනාකරණ පද්ධතියක් අනුගමනය කිරීම මගින් සුරක්ෂිත පරිසරයක් පවත්වා ගැනීම උදෙසා කටයුතු කිරීම
වැඩ භූමිය තුළ හරිතවත් පිරිසිදු පරිසරයක් පවත්වා ගැනීම සඳහා කාර්ය මණ්ඩල තුළ කැමැත්තක් ඇති කිරීම
පරසරයේ ගුණාත්මක භාවය වර්ධනය කිරීම සඳහා වන නව තාක්ෂණික ක්‍රමවේද සංවර්ධනය කිරීම සහ භාවිතයට ගැනීම
පරිසර හිතකාමී ක්‍රියාවලීන් ගෙන් නිෂ්පාදනය කළ කර්මාන්ත නිමැවුම් සඳහා වෙළෙඳපළ අවස්ථා නිර්මාණය කර දීම මගින් කර්මාන්තහිමියන් ගේ පරිසර හිතකාමීත්වය වර්ධනය කරවීමට පියවර ගැනීම
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999