පාරිසරික නිර්දේශයක් යනු කුමක්ද?
පරිසර බලපෑම් ඇගයීම් රෙගුලාසි යටතේ , උපලේඛනගත නොවූ ක්‍රියාකාරකම් සහ 2008-01-25 දිනැති අංක 1533 /16 දරන ගැසට් නිවේදනයේ දැක්වෙන පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගත යුතු නියමිත කර්මාන්ත / ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පාරිසරික නිර්දේශය ලබා දීම මධ්‍යම පරිසර අධිකාරිය මගින් ඉටු කරන ප්‍රධාන කාර්යයකි. ජාතික පාරිසරික පනතෙහි IV-ඇ කොටසෙහි සඳහන් අනුමත කර්මාන්තපුර වලින් බැහැරව ඉදි කෙරෙන සියළුම යෝජිත කර්මාන්ත ක්‍රියාකාරකම්, අපජල-ප්‍රතිකාරක වැඩ සටහන් වැනි නිසි පාරිසරික ආරක්ෂණ පහසුකම් වලින්සමන්විත වියයුතු අතර සක්‍රීය නිෂ්පාදනයට එළඹීමට පෙර ඒවායෙහි මනා පරිසර දූෂණ පාලන ක්‍රමවේදයන් පිහිටුවීම අනිවාර්යවේ.
එම නිසා, පාරිසරික බලපෑම් ඇගයීම් වැඩපිළිවෙළට අදාල නොවන , 2008-01-25 දිනැති අංක 1533 /16 දරන ගැසට් නිවේදනයේ දැක්වෙන පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගත යුතු සියළුම නව කර්මාන්ත ක්‍රියාකාරකම් මධ්‍යම පරිසර අධිකාරිය වෙතින් අදාල ව්‍යාපෘතීන් සඳහා වන පාරිසරික නිර්දේශ ලබා ගන්නා ලෙස අවවාද කෙරේ.
යෝග්‍යතා සැලකීමේ දී, යෝජිත ස්ථානය පිහිටා ඇති ප්‍රදේශය සහ පළාත්, කලාපයේ ඇති පළාත් පාලන ආයතන වල කලාපීය සැලසුම්වලට දක්වන අනුකූලතාව, රක්ෂිත කලාප සහ වැඩිපුර පරිසර දූෂණ පරිමාවක් ලබාගැනීමට එම පරිසරයේ ඇති හැකියාව හා අපද්‍රව්‍ය මුදාහැරීමේ අවශ්‍යතාව යන කරුණු මත පිරික්සීමට ලක් කෙරේ.
පාරිසරික නිර්දේශ ලබා දීමේ කාර්යයෙහි අරමුණු
මෙම ක්‍රියාමාර්ගය මධ්‍යම පරිසර අධිකාරියට මෙන්ම කර්මාන්ත සඳහා ද ප්‍රතිලාභ රැසක් ගෙන දෙයි. ආරම්භක අවස්ථාවේ දී ම, පරිසර දූෂණය පාලනය කිරීමට ලැබීම මධ්‍යම පරිසර අධිකාරියට ලැබෙන ප්‍රතිලාභයක් වන අතර පාරිසරික නිර්දේශයන්හි ඇතුළත් කොන්දේසි වලට අනුගත වන්නේ නම් , කර්මාන්තහිමියන්ට ද එම ප්‍රතිලාභයම ලැබේ.
පාරිසරික නිර්දේශ ලබා ගැනීමේ ක්‍රියාවලිය
අයදුම් කිරීමේ ක්‍රියාවලිය
මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලය හෝ පළාත්/ දිස්ත්‍රික් කාර්යාලයක් වෙතින් පාරිසරික නිර්දේශය ලබා ගැනීමට අදාල අයදුම්පත ලබා ගත හැකිය.
අයදුම්කරු විසින් පහත සඳහන් ලිපිලේඛන සමඟ සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර අදාල පළාත් හෝ දිස්ත්‍රික් කාර්යාල වෙත ඉදිරිපත් කළ යුතුය.
1. යෝජිත භූමියේ මිනින්දෝරු සැලැස්මේ පිටපතක්
2. ගොඩනැගිලි සැලැස්මේ පිටපතක්
3. ආසන්නතම නගරයේ සිට යෝජිත කර්මාන්තය පිහිටි ස්ථානය දැක්වෙන දළ මාර්ග සිතියමක්
අයකළ යුතු පරීක්ෂණ ගාස්තුව තීරණය කිරීම
කර්මාන්ත හිමියා විසින් සපයා ඇති තොරතුරු මත පදනම්ව මධ්‍යම පරිසර අධිකාරියේ අදාල පළාත් සහ දිස්ත්‍රික් කාර්යාල මගින් අයකළ යුතු පරීක්ෂණ ගාස්තුව තීරණය කර අදාල කර්මාන්ත හිමියා වෙත ලිපියකින් දන්වනු ලැබේ. දැනට අවම ගාස්තුව රුපියල් 3472.22 ක් වන අතර උපරිම ගාස්තුව රුපියල් 23009.26 කි. (මේ සඳහා රජයේ අනුමත බදු ඇතුලත් විය යුතුය.)
එසේ නියම කරනු ලබන ගාස්තුව, කර්මාන්ත හිමියා විසින් මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාල හෝ අදාල පළාත් කාර්යාලය හෝ දිස්ත්‍රික් කාර්යාලය වෙත හෝ ගෙවා ලදු පතක් ලබා ගත යුතුයි.
එම ලදුපත අදාල පළාත් කාර්යාලය හෝ දිස්ත්‍රික් කාර්යාලය වෙත හෝ ඉදිරිපත් කළයුතුයි.
ක්ෂේත්‍ර පරීක්ෂාව, නිර්දේශ සහිත පරීක්ෂණ වාර්තා
ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තුව ගෙවු ලදු පත අදාළ පළාත් / දිස්ත්‍රික් කාර්යාලය වෙත ලැබුණු පසු , කර්මාන්තය සම්බන්ධයෙන් අයදුම්පතෙහි සපයා ඇති තොරතුරු පරීක්ෂා කිරීමටත් , පරිසර දූෂණය පාලනය කර ගනිමින් එවැනි කර්මාන්තයක් පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීමටත්, නිලධාරීන් කණ්ඩායමක් විසින් ක්ෂේත්‍ර පරීක්ෂාවක් සිදු කරනුලැබේ.
කර්මාන්තය සම්බන්ධයෙන් සිදු කළ ක්ෂේත්‍ර පරීක්ෂා තොරතුරු, අයදුම්කරුවිසින් සපයා ඇති තාක්ෂණික වාර්තා සහ සමාජයීය කරුණු මත පදනම්ව පරීක්ෂණ කණ්ඩායම විසින් ඔවුන්ගේ නිර්දේශ ඇතුළත් ක්ෂේත්‍ර පරීක්ෂණ වාර්තාව සම්පාදනය කරනු ලැබේ.
පාරිසරික නිර්දේශ නිකුත් කිරීම.
යෝජිත ස්ථානය නිර්දේශ කළ හැකි නම්, සිදු විය හැකි පරිසර දූෂණය අවම කරවා ගැනීමට අවශ්‍ය කොන්දේසි සහිත පාරිසරික නිර්දේශය අදාල පළාත් පාලන ආයතනය වෙත නිකුත්කරනු ලැබේ. මෙම පාරිසරික නිර්දේශයෙහි පිටපතක් අයදුම්කරුටත් වෙනත් අදාල සංවිධාන හෝ ආයතන ඇතොත් ඒ වෙතත් යොමු කරනු ලැබේ.
පාරිසරික නිර්දේශ ලිපියක් නිකුත් කිරීම සඳහා රජයේ අනුමත බදු ඇතුලත්ව රු. 5000/- ක පරිපාලන ගාස්තුවක් අයකරනු ලැබේ.
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999