1993 සිට ව්‍යාපෘති පාදක කර ගත් පාරිසරික බලපෑම් ඇගැයීම ශ්‍රී ලංකාවේ සාර්ථකව ක්‍රියාත්මක වේ. ව්‍යාපෘති පාදක කර ගත් පාරිසරික බලපෑම් ඇගැයීම මගින් යම් ව්‍යාපෘතියකින් එල්ල වන පාරිසරික බලපෑම් නිවැරැදිව හඳුනා ගත්ත ද ව්‍යාපෘති කිහිපයකින් සිදුවන පාරිසරික බලපෑම සමස්තයක් ලෙස හඳුනා ගැනීමට ව්‍යාපෘති පාදක කර ගත් පාරිසරික බලපෑම් ඇගැයීම අසමත් වේ. මෙහි දී උපාය මාර්ගික පාරිසරික තක්සේරුකරණය වඩා ප්‍රයෝජනවත් විය හැකි යි, මක් නිසා ද උපාය මාර්ගික පාරිසරික තක්සේරුකරණය ඉහළ පාලන ස්ථරයකින් ක්‍රියාවට නැංවීමේ දී යම් ප්‍රතිපත්තියකින්, සැලසුමකින් හෝ ව්‍යාපෘතියකින් එල්ල විය හැකි පාරිසරික බලපෑම් එම ඉහළ පාලන ස්ථරයේ දී ම විමසුමට ලක් කළ හැකි බැවිනි.
ශ්‍රී ලංකාව තුළ උපාය මාර්ගික පාරිසරික තක්සේරුකරණය මේ වන විට අනිවාර්ය අවශ්‍යතාවක් ලෙස නො ගැනේ. කෙසේ වෙතත්, කැබිනට් අමාත්‍ය මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති, වැඩ සටහන් සහ සැලසුම් සම්පාදනයේ දී උපාය මාර්ගික පාරිසරික තක්සේරුකරණය ස්ථාපිත කිරීම අනුමත කර තිබේ. නව ප්‍රතිපත්ති, වැඩ සටහන් සහ සැලසුම් සම්පාදනයේ නියැළෙන සියළුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන විසින් අදාල ප්‍රතිපත්ති, වැඩ සටහන් සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමට පෙර උපාය මාර්ගික පාරිසරික තක්සේරුකරණයක් සිදු කළ යුතු වේ.
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999