මධ්‍යම පරිසර අධිකාරිය
ජාතික පරිසර පනතේ 23 ආ ආ වගන්තියේ
දෙවන උපලේඛනය යටතේ දැනුම්දීමයි
දෙහිවල - ගල්කිස්ස නගරසභා බලප්‍රදේශය සඳහා යෝජිත මලාපවහන පද්ධතිය පුළුල් කිරීමට අදාල පාරිසරික බලපෑම් ඇගයීම් වාර්තාව
1988 අංක 56 සහ 2000 අංක 53 දරණ පනත් මඟින් සංශෝධිත 1980 අංක 47 දරණ ජාතික පරිසර පනතේ අංක 23 ආ ආ (1) වගන්තිය යටතේ පනවා ඇති නියමවලට අනුකුලව තැ.පෙ.14,ගාලුපාර, රත්මලාන යන ලිපිනයෙහි පිහිටි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයවිසින් ඉදිරිපත් කර ඇති දෙහිවල - ගල්කිස්ස නගරසභා බලප්‍රදේශය සඳහා යෝජිත මලාපවහන පද්ධතිය පුළුල් කිරීමට අදාල පරිසර බලපෑම් ඇගයීම් වාර්තාව, මෙම දැන්වීම පුවත්පතේ පලවන දින සිට දින 30 ක කාලසීමාවක් තුල පෙ.ව.8.30 සිට ප.ව 04.15 දක්වා මහජනතාවගේ පරික්ෂාව සඳහා පහත සඳහන් ස්ථානවල තබනු ලැබේ. (සති අන්ත සහ රජයේ නිවාඩු දිනවල හැර)1. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,දෙහිවල
2. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, රත්මලාන
3. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කැස්බෑව
4. නගර සභාව, දෙහිවල - ගල්කිස්ස
5. පුස්තකාලය, මධ්‍යම පරිසර අධිකාරිය, නො.104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල.
6. 6. වෙබ් අඩවිය - www.cea.lk (Report Sinhala , Report Tamil , Report English, Annexure VI-1 , Annexure VI-2 , Annexure VI-3 , Annexure VII , Annexure VIII )
මෙම දැන්වීම පුවත්පතේ පලවන දින සිට දින 30 ක කාල සීමාවක් ඇතුළත මහජනතාව විසින් ඒ පිළිබඳ අදහස් ඇතොත් ඒවා ලිඛිතව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වෙත දැන්විය හැකිය.
අධ්‍යක්ෂ ජනරාල්,
මධ්‍යම පරිසර අධිකාරිය
“පරිසර පියස”
අංක 104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල.
මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු...
තවදුරටත් කියවන්න

මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999




