සැප්තැම්බර් 07 වන දිනට යෙදෙන “නිල් අහසක් සඳහා පිරිසිදු වාතය” පිළිබඳ ජාත්‍යන්තර දින සැමරුම් ජාතික උත්සවය පරිසර අමාත්‍යංශය, මධ්‍යම පරිසර අධිකාරිය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදල එක්ව බත්තරමුල්ල සෙත්සිරිපාය ඉදිරිපිටදී පවත්වන් ලදී.
මෙහිදී වාහන වලින් සිදුවන වායූ දූෂණය හා එහි බලපෑම පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම පුවරු ප්‍රදර්ශනයක් මඟින් පරිසර නියමුවන් විසින් සිදුකරන ලදී.
ගරු ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රදානත්වයෙන් පැවති මෙම අවස්ථාවට පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු අදාල ආයතන ලේකම්වරුන් මෙන්ම අදාල නිලදාරින් ද සහභාගි වූහ.
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999