ජගත් පරිසර දිනය සැමරීමේ ජාතික උත්සවය අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජුනි 05 වන දින කෑගල්ලේදී පවත්වන ලදී.
"ප්ලාස්ටික් වලින් සිදුවන දුෂණය අවසන් කරමු" තේමාව යටතේ මෙවර ජගත් පරිසර දිනය සමරන ලද අතර එම ජාතික උත්සවයේ දී බන්දුල පෙතියාගේ වාසස්ථාන ප්‍රදේශය අභයභූමියක් බවට පත් කිරීම, නිල්ගල ඇතුළු වන රක්ෂිත පිළිබඳ ගැසට් හතරක් නිකුත් කිරීම හා හරිත පාසල් ඇගයීමට ලක් කිරීම සිදු කරන ලදී.
ජගත් පරිසර දිනට සමගාමීව මධ්‍යම පරිසර අධිකාරිය විසින් පවත්වන ලද හරිත දුම්රිය ස්ථාන ඇගයීම් වැඩසටහනේ ජයග්‍රාහකයින් සඳහා කුසලානසහ සහතික පත්‍රපිරිනැමීම ද ජනාධිපතිතුමන් අතින් සිදු කෙරිණි.
මෙම අවස්ථාවට පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා, නියෝජ්‍ය පරිසර අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා, පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්.උඩුවාවල මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පද්මසිරි මූණමලේ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.
ජගත් පරිසර දින සැමරුමට සමගාමීව පාරිසරික ප්‍රදර්ශනයක්ද කෑගල්ලේ දී සංවිධානය කෙරිණ.
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999