Tamil-SriLankaEnglish (UK)

ජනාධිපති පරිසර නියමු පදක්කම් ප්‍රධානය - 2020/2021

ශ්‍රී ලාංකේය අනාගත පුරවැසියන් පරිසර හිතකාමීන් ලෙස සමාජගත කරමින් අපේ මාතෘ භූමියේ සුන්දර පරිසර උරුමය මතු පරපුරට දායාද කිරීම මුඛ්‍ය අරමුණ කර ගනිමින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහයෙන් ජාතික පරිසර නියමු වැඩසටහන මෙරට පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරනු ලබයි. මෙවර පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානය ‍අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්සහ ගරු පරිසර අමාත්‍ය ඉංජිනේරු නසීර් අහමඩ් මැතිතුමා ඇතුළු සම්භාවනිය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් 2023 මැයි මස 11වනදා පස්වරුවේබණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ජස්මින් ශාලාවේදී පැවැත්විය.

10 වන වරට පැවැත්වූ2020/2021පදක්කම් ප්‍රදානය සඳහා මොණරාගල, කෑගල්ල, මහනුවර, මාතර, කුරුණෑගල, කලුතර, මඩකලපුව, කොළඹ, පොළොන්නරුව, ගාල්ල, ගම්පහ පුතත්ලම, අම්පාර, හා ත්‍රිකුණාමලයයන දිස්ත්‍රික්ක 13 නියෝජනය කරමින්, පාසල් 49 ක පරිසර නියමුවන් 127ක්මෙවර ජනාධිපති පදක්කම ලබාගැනීමට සුදුසුකම් ලැබූහ.

පරිසර නියමුවන්, පරිසර නියමු ජනාධිපති පදක්කම දක්වා වූ ගමනේ යෙදවීම සඳහා කැපවීමෙන් තම සේවය ඉටු කරන ලද, මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රාදේශීය පරිසර නිලධාරීන් ඇගයීම ද සිදුවූ අතර, මෙවර වැඩිම පරිසර නියමු ජනාධිපති පදක්කම්ලාභීන් බිහිකිරිම වෙනුවෙන් මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලය සම්මාන ලබාගන්නා ලදී. මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ට ඒ සඳහා පාසල් පද්ධතිය තුළ අත්වැල සපයන ලද 2020/2021 වර්ෂ තුළ ජනාධීපති පදක්කම්ලාභීන් 5කට වඩා බිහිකරන ලද ගුරු මහත්ම මහත්මීන් සඳහා විශිෂ්ට සේවා ඇගයීම් සහතික සහ සමරු පිරිනැමීම ද සිදුවූ අතර මෙවර වැඩිම ජනාධිපති පදක්කම්ලාභින් බිහිකල පාසල වූයේ, පොළොන්නරුව විලයාය ජාතික පාසලයි.

මෙම අවස්ථාවට අතිගරු ජනාධිපතිතුමා, පරිසර අමාත්‍යතුමා, පරිසර අමාත්‍යාංශ ලේකම්, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ මහතා, වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය, නීතීඥ ආර්. එම්. එස්. රත්නායක මහතා ඇතුළු මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් හා දෙමව්පියන් සහභාගී වූහ.


1234567881011

11121415161718192021232425262728293030313334373839Untitled

The 10thEnvironmental Pioneer President’s Medal Awarding Ceremony, which was one of the unforgettable moment in a pioneer’s lifetime was held on 11th May 2023 at the Jasmine Hall, BMICH. It was held under the patronage of His Excellency the President RanilWickremesinghe and with the participation of distinguished guests including Hon. Eng. NazeerAhamed, Minister of Environment, Dr. Anil Jasinghe, Secretary to the Ministry of Environment, Mr. Supun S Pathirage, Chairman, CEA and Dr. R MS K Rathnayake,Actg. Director General, CEA and other senior officials of the CEA and the Ministry of Environment.

 

Hundred and twenty seven pioneers representing 49 schools were awarded with the Presidential Medal at the event. Apart from that 17 CEA Officialsand 7 EPP teachers, who contributed to the success of this program were awarded with theExcellent Service Award.

The Central Province Office was awarded as the Best Regional Office in the year 2020-2021 to inspire their great contribution and Wilayaaya National School, was awarded with the Excellent Service Award for the Best School of the year 2020-2021.

Wednesday, 17 May 2023 07:05 අවසන් වර ට යාවත්කාල කළ දිනය

hinq

ech1981ecnf

infoactsin

NEIC6

polys

bios

biodegsin

text1

airwaterIndex

weerawilasin

 isoy

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
ජනාධිපති පරිසර නියමු පදක්කම් ප්‍රධානය - 2020/2021 ශ්‍රී ලාංකේය අනාගත පුරවැසියන් පරිසර හිතකාමීන් ලෙස සමාජගත... තවදුරටත් කියවන්න
World Environment Day 2023 The Mannar District Office of the Central Environmental... තවදුරටත් කියවන්න
STAKEHOLDER WORKSHOP TO DISCUSS DRAFT EXTENDED PRODUCER RESPONSIBILITY REGULATIONS භාවිතයෙන් පසු බැහැරලන ප්ලාස්ටික් නිෂ්පාදන සහ ප්ලාස්ටික්... තවදුරටත් කියවන්න
නිල් අහසක් සඳහා පිරිසිදු වාතය සැප්තැම්බර් 07 වන දිනට යෙදෙන “නිල් අහසක් සඳහා පිරිසිදු... තවදුරටත් කියවන්න