මධ්‍යම පරිසර අධිකාරියේ යාවජීව සේවයක නිරතව සිටි නිලධාරීන් 11දෙනෙකු විශ්‍රාම ගැනීම නිමිත්තෙන්, ඔවුනට සමුදීමේ උත්සවයක්, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ මහතාගේ සහ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අධිකාරියේ ඉහළ කළමනාකාරීත්වය ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පසුගිය සතියේ පවත්වන ලදී.
2022 වර්ෂයේ විශ්‍රාම දිවියට පාතැබූ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන ඉංජිනේරු ජේ. යූ. එම්. ඉන්ද්‍රරත්ත, ජයවිලාල් ප්‍රනාන්දූ, අධ්‍යක්ෂිකා චන්ද්‍රිකා දාබරේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර්. ඩබ්ලිව්. එස්. එම්. එන්. මනෝරත්න, සහකාර අධ්‍යක්ෂවරුන් වන ආර්.එච්.සී.පිරිස්, එස්. ඩි. යූ. ඥානකිර්ති මහතා, ප්‍රාදේශීය පරිසර නිලධාරින් වන ආර්. ජේ. අනුරප්‍රේම,බී. හේවාපතිරණ කළමනාකරණ සහකාර වජිරා ලියනගේ, ඩි.එස්. පි. පූෂ්පකුමාරණ හා රියැදුරු ටී. එම්. නිහාල් යන මහත්ම මහත්මීන් මෙහිදි විශිෂ්ට සේවා පදක්කම් සමඟ සමරු සිහිවටනයන් මෙන්ම ආයතනයේ සුබ සාධක සංගමය මඟින් පිරිනමන ත්‍යාගයන්ගෙන් පිදුම් ලැබූහ.
මෙදින සභාව අමතමින් ආයතනයේ සභාපතිතුමන් හා අධ්‍යක්ෂ ජනරාල්තුමන් ප්‍රකාශ කර සිටියේ,විවිධ විෂය ක්ෂේත්‍රයන්හි පෘථුල අත්දැකීම් ඇති ප්‍රවීණයන් වූ මෙම නිලධාරින්ගේ විශ්‍රාම ගැනීම ආයතනයට විශාල හිඩැසක් එක් කරනු ලබන බවයි.
සභාව අමතමින් විශ්‍රාමික නිලධාරීන් සිය තරුණ අවධියේ සිට මේ දක්වා ආයතනය තුළදී රාජකාරි සිදුකිරිමේදී ලබාගත් ස්ව අත්දැකීම් සියලුදෙනා සමඟ බෙදාහදාගත් අතර, අනාගතයේ ආයතනය භාරගැනීමට සිටින සියලු ක්ෂේත්‍රවල කාර්ය මණ්ඩල සඳහා සුබපැතුම් එක්කරන ලදී.
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999