පරිසර හිතකාමී මල්මාලා නිෂ්පාදනය සඳහා කතරගම ප්‍රදේශයේ මල්මාලා නිෂ්පාදනකරුවන් හට ඒ සම්බන්ධව ප්‍රායෝගික දැනුම ලබාදීම සඳහා විශේෂ වැඩමුළුවක් මධ්‍යම පරිසර අධිකාරියේ, ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශය විසින් පසුගියදා සංවිධානය කරන ලදී. කතරගම පූජා භූමිය තුළ වාර්ෂිකව එකතුවන ප්ලාස්ටික් මල් මාලා අපද්‍රව්‍ය ප්‍රමාණය දිනෙන් දින ඉහළ යන අතර ඒ සඳහා විසඳුමක් ලෙස මෙම පරිසර හිතකාමී මල්මාලා නිෂ්පාදන වැඩමුළුව පවත්වන ලදී.
මෙම වැඩමුළුව ජාතික ශිල්ප සභාවේ සහයෝගය ඇතිව පවත්වන ලද අතර, මෙහිදී කඩදාසී, රෙදි හා අනෙකුත් පරිසර හිතකාමී ද්‍රව්‍ය උපයෝගී කරගනිමින් මල් මාලා නිපදවීම පිළිබඳව ජනතාව දැනුවත් කරන ලදී.
නුදුරු අනාගතයේදී පූජා භූමී ආශ්‍රිතව ප්ලාස්ටික් මල් මාලා වෙනුවට පරිසර හිතකාමී මල්මාලා භාවිතා කිරීමට ජනතාව හුරු කිරීම තුළින් පරිසර සංරක්ෂණයට දායක වීම මෙම වැඩමුළුවේ අරමුණ විය.
ජාතික ශිල්ප සභාවේ සහකාර අධ්යක්ෂ, පුහුණු ආනන්ද ජයසිංහ මහතා විසින් මෙම වැඩමුළුවේ සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ලද අතර, පුහුණු උපදේශකවරුන් පස්දෙනෙකු විසින් මෙම වැඩමුළුව පවත්වන ලදී.
කතරගම ප්‍රාදේශීය සභාව මෙම වැඩසටහන සඳහා මූල්‍ය දායකත්වය ලබාදුන් අතර, කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන් ඇතුලූ නිලධාරීන් රැසක් මේ අවස්ථාවට එක්විය.
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-7877277, 7877278, 7877279, 7877280
ක්ෂණික ඇමතුම්: 011-2888999