ඔක්තොබර් 09 වන දිනට යෙදෙන ලෝක තැපැල් දිනය නිමිතිකරගනිමින් මධ්‍යම පරිසර අධිකාරිය සහ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව එක්ව ඔක්තෝබර් මස 05 වන දින සිට 10 වන දින දක්වා සතියක කාළයක ජාතික විද්‍යුත් අපද්‍ර ව්ය කළමනාකරණ සතිය - 2020 ලෙස නම් කර ඇත. “හුස්ම වැටෙන රටක්, විද්‍යුත් අපද්‍රව්‍ය තොර ශ්‍රී ලංකාවක්” යන තේමාව පෙරදැරි කර ගනිමින් මෙම සතියක කාලය තුළ මුළු දිවයිනම ආවරණය වන පරිදි විද්‍යුත් අපද්‍රව්‍ය එක්රැස් කිරීමට මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.
මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවය ඔක්තෝම්බර් 5 වන දින කුරුදුවත්ත තැපැල් කාර්යාල භූමියේදී පරිසර අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. මෙම අවස්ථාවට තැපැල්පති රංජිත් ආරියරත්න මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතා, අධ්යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා ඇතුළු මධ්‍යම පරිසර අධිකාරියේ හා තැපැල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූහ.
මෙම වැඩසටහන සඳහා අනුග්‍රාහක දායකත්වය ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් යන ආයතන ලබාදෙන ලදී.
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-7877277, 7877278, 7877279, 7877280
ක්ෂණික ඇමතුම්: 011-2888999