පරිසර සංරක්ෂණය හා කළමනාකරණය සඳහා පරිසර අධ්‍යපනය ශක්තිමත් කිරීමේදී පාසල් ප්‍රජාවගේ ක්‍රියාකාරී සහයෝගය ලබා ගැනීම අතිශයින් වැදගත් වේ. මේ අරමුණ සාක්ෂාත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය විසින් පාසල් පද්ධතිය තුල පරිසර නියමු වැඩසටහන ක්‍රියාත්මක වේ. මෙම පරිසර නියමු වැඩසටහනට සමගාමීව පාසල් පුස්තකාල තුල පාරිසරික තොරතුරු අංශය සංවර්ධනයට ප්‍රධාන ස්ථානයක් හිමිවී ඇත.
ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරියේ පාරිසරික තොරතුරු ජාතික මධ්‍යස්ථානය විසින් පාසල් පුස්තකාල සංවර්ධනය කිරීමේ සංකල්පය යටතේ 2020 වර්ෂයේ තෝරාගත් පාසල් 5ක් සඳහා පහසුකම් ලබාදෙන ලදී.
ඒ අනුව, මඩ/ ඌරනී සරස්වතී විද්‍යාලය, අ/ සුබෝධී මහා විද්‍යාලය, හ/ බෙරලිහෙල මහා විද්‍යාලය, ර/ පෑබොටුව මහා විද්‍යාලය සහ නු/උලපනේ මහා විද්‍යාලය යන පාසල් සඳහා පුස්තකාල පහසුකම් ලබාදෙන ලදී. එහි සමාරම්භක උත්සව පිළිවෙලින් අගෝස්තු 17, 18, 27 හා සැප්තැම්බර් මස 10 හා 15 යන දින වලදී පැවැත්වීය.
මෙම අවස්ථාවන් සඳහා අදාළ පාසල් අයත් අධ්‍යාපන කලාපයන්හි කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන්, මධ්‍යම පරිසර අධිකාරියේ, ප්‍රාදේශීය මෙහෙයුම් අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් එම්. ජේ. ජේ. ප්‍රනාන්දු, සබරගමු පළාත් කාර්යාලයේ අධ්යක්ෂ කේ. ජී. ටී. එන්. කිරිඇල්ල, මධ්‍යම පළාත් කාර්යාලයේ අධ්යක්ෂ කේ ජී ටී එම් වැලිකන්න, දකුණු පළාත් කාර්යාලයේ අධ්යක්ෂ ඩබ්ලිව්. සුසන්ත මහතා, ජාතික පාරිසරික තොරතුරු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා චන්ද්‍රිකා දාබරේ යන මහත්ම මහත්මීන් සමඟ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරි මහත්ම මහත්මීන් සහභාගී වූහ.
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-7877277, 7877278, 7877279, 7877280
ක්ෂණික ඇමතුම්: 011-2888999