ලෝකය පුරා ව්‍යාප්ත වූ කොරෝනා වසංගතයට ශ්‍රී ලංකාව ද ගොදුරු වීමත් සමග මධ්‍යම පරිසර අධිකාරිට සුපුරුදු ආකාරයෙන් ජගත් පරිසර දින වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. ඒ අනුව ජගත් පරිසර දිනයට සමගාමීව මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රථම වතාවට මාර්ගගත ආකාරයට පරිසරික ගීත රචනා සහ පාරිසරික ඡායාරූප තරඟාවලියක් පවත්වන ලදී.
පාරිසරික ගීත රචනා තරඟාවලියේ සිංහල මාධ්‍ය තරඟ අංශය සඳහා නිර්මාණ 250කට ආසන්න ප්‍රමාණයක් ලැබුණු අතර ප්‍රවීන විනිශ්චය මණ්ඩලයක් විසින් සියලුම නිර්මාණ විනිශ්චයට භාජනය කර ප්‍රථම, දෙවන, තෙවන ස්ථාන සහ කුසලතා මට්ටමේ ජයග්‍රාහකයින් 05 දෙනෙකු ඒකමතිකව තෝරා ගන්නා ලදී.
ඒ අනුව ප්‍රථම ස්ථානය දිනාගත් සුනිල් ජයන්ත උඩකන්දගේ මහතා විසින් රචනා කරන ලද “සුවදැති සිහිල් පවන නිබඳ හමන සොඳුරු දෙරණ” ගීතය, දෙවන ස්ථානය දිනාගත් ජයලතා එල්. පෙරේරා මහත්මිය විසින් රචනා කරන ලද “නඳුනුයන පරදවන” ගීතය සහ තෙවන ස්ථානය දිනාගත් ධනුෂ්ක ඉඳුනිල් මහතා විසින් රචනා කරන ලද “නිල් අහසට හාදු තියන” යන ගීත 2020.07.22 වන දින මධ්‍යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් පී බී හේමන්ත ජයසිංහ මහතා විසින් නිල වශයෙන් තනු නිර්මාණය සඳහා ප්‍රවීණ සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහ මහතා වෙත භාර දෙන ලදී. මෙම ගීත ප්‍රවීන ගායන ශිල්පීන් වන නෙලු අධිකාරි මහත්මිය, සෂිකා නිසංසලා මහත්මිය හා සමන් ලෙනින් මහතා විසින් ගායනා කිරීමට නියමිතය. මෙම කාර්ය ඔමෙගා ලයින් සමාගම, සිරියෝ සමාගම, ඇල්ෆා ඇපරල්ස් සමාගම සහ බෙන්ජි සමාගම යන අයතන සමූහයේ අනුග්‍රාහකත්වය යටතේ සිදු කිරීමට නියමිතය.
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-7877277, 7877278, 7877279, 7877280
ක්ෂණික ඇමතුම්: 011-2888999