Tamil-SriLankaEnglish (UK)

The CEA raids an Illegal Lunch Sheet Manufacturing Factory in Korathota, Kaduwela.

පරිසර දූෂණයට ප්‍රබල ලෙසින් හේතුපාදක වන පොලිතීන් නිෂ්පාදන කීපයක් 2017 වර්ෂයේ සැප්තැම්බර් මස 01 වනදා පටන් තහනමට ලක් කළ අතර, මේ වන විට පරිසර හිතකාමී නිෂ්පාදන වෙළෙඳපොලවල් කරා පැමිණෙමින් පවතී. එසේ වුවත් කූට ව්‍යාපාරික පන්තියක් විසින් වැඩි ලාභ අපේක්ෂාවෙන් තවදුරටත් මෙම තහනම් පොලිතීන් වර්ග නිෂ්පාදනය කරමින් අලෙවි කිරීමට කටයුතු කරන අවස්ථා ද වාර්තා වෙමින් පවතී. මධ්‍යම පරිසර අධිකාරියත්, පාරිභෝගික සේවා අධිකාරියත් සමග පරිසර පොලිස් ඒකකය ඒකාබද්ධව තවදුරටත් තහනම් පොලිතීන් නිෂ්පාදනය කරන්නන්, බෙදාහරින්නන් සහ අලෙවිකරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීම් කටයුතු කරනු ලබයි.

වැටලීම් අංශ වෙත ලැබුණු තොරතුරකට අනුව 2020ජනවාරි මස 29 දින ක්‍රියාත්මක වූ වැටලීම් අංශයේ නිලධාරීන් විසින් කඩුවෙල, කොරතොටප්‍රදේශයේ පවත්වාගෙන යන ලද තහනම් ආහාර දවටන (Lunch Sheet) නිෂ්පාදනය කරන කර්මාන්තායතනයක වැටලීම් සිදුකරන ලදී. එහිදී එම ආයතනය වැඩි ඝනත්වයෙන් යුත් පොලිඑතිලින් (HDPE) හා කැල්සියම් යන තහනම් කරන ලද නිෂ්පාදනයන් යොදාගනිමින් ආහාර දවටන නිෂ්පාදනය කරනු ලබන බව අනාවරණය වී ඇත.

මෙම නිෂ්පාදනයන් සිදුකිරීමේ දී පරිසර ආරක්ෂණ බලපත්‍රය හෝ ව්‍යාපාර ලියාපදිංචි සහතිකය හෝ ව්‍යාපාර බලපත්‍රය ලබාගෙන නොමැති බව ද අනාවරණය විය. තවද තහනම් පොලිතීන් නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන උපකරණ සහ අමුද්‍රව්‍ය ද එම ස්ථානයේ සිදුකරන ලද වැටලීමේ දී සොයා ගන්නා ලදී.

රුපියල් ලක්ෂ 04 ක පමණ වටිනාකමකින් යුක්ත වූ මෙම තහනම් පොලිතීන් නිෂ්පාදන සියල්ලම පාරිභෝගික සේවා අධිකාරිය මගින් අත්අඩංගුවට ගන්නා ලද අතර අදාළ කර්මාන්තකරු කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලදී. එම කර්මාන්තකරුට එරෙහිව ජාතික පාරිසරික පනතේ 2017/09/01 දිනැති 2034/34 යන ගැසට් නිවේදනයට අනුව නීතීමය පියවර ගැනීමට ද කටයුතු කරන ලදී.

Sequence 01.Still001Sequence 01.Still002Sequence 01.Still004Sequence 01.Still012Sequence 01.Still015

Wednesday, 05 February 2020 07:23 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

weerawilasin

WEDC

 

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
The CEA raids an Illegal Lunch Sheet Manufacturing Factory in Korathota, Kaduwela. පරිසර දූෂණයට ප්‍රබල ලෙසින් හේතුපාදක වන පොලිතීන්... තවදුරටත් කියවන්න
තෙත්බිම් දින ජාතික උත්සවය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්ය හමුවක් මෙවර තෙත්බිම් දින ජාතික උත්සවය “ජෛව විවිධත්වයෙන් සපිරුණු... තවදුරටත් කියවන්න
තෙත්බිම් දින ජාතික උත්සවය - 2020 “ජෛව විවිධත්වයෙන් සපිරුණු තෙත්බිම්” මෙවර තෙත්බිම් දින ජාතික උත්සවය “ජෛව විවිධත්වයෙන් සපිරුණු... තවදුරටත් කියවන්න
ජගත් පරිසර දිනය - 2020 “සොබාදහමට ඉඩක්” 2020 ජගත් පරිසර දිනය පොසොන් පොහෝ දිනට යෙදී තිබු බැවින්,... තවදුරටත් කියවන්න